* ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්....?
පහුගිය කාලේ රටෙි දේශපාලන තත්වය එන්න එන්නම නරක අතට හැරිච්ච විදිහ මතක ඇතිනෙ.ඒ අතරෙ ප්‍රධාන පක්ෂ අතරත් ගැටුම් ඇතිවෙන්න පටන්ගත්තා.පක්ෂ ඇතුල්වලත් ගැටළු.ඒ කොයි හැටි වෙතත් මෙහෙම පවතින පක්ෂ අතර ගැටුම් අතරේ අලුත් දේශපාලන පක්ෂයක් ගැන සමාජ මාධ්‍ය ජාලා වල ආරංචියක් පැතිර යනවා.
අද ගොසිප්ලන්තය කතාකරන්න අන්න ඒ ගැන.සමනල පක්ෂය නමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගත් නංගි මල්ලි සංවිධානය එහි පළමු රැස්වීම පවත්වා තිබුනා." අපටත් හෙටක් - රටටත් වැඩක් " පාඨය යටතේ ඇරඔි සමනල පක්ෂයෙහි නිල ඡන්ද ලකුණ ලෙස කට ලකුණ යොදා ගැනීමට පක්ෂය තීරණය කරල තියෙනව.
සමනල පක්ෂයේ සභාපති ලෙස ස්විටි ෆොන්සේකා සහ ලේකම් ලෙස පිංකි ගල්හේන යන අය කටයුතු කරනවා.ප්‍රධාන පක්ෂ වලට නිරන්තර අභියෝගයක් වෙමින් ඇරඔි සමනල පක්ෂය ලබන මහා මැතිවරණයට මෙන්ම 2020 ජනාධිපතිවරණයටද තරඟ වැදීමට නියමිතයි.කෙසේ වෙතත් මෙම දේශපාලන ප්‍රවාහය ගැන බුද්ධිමතුන් මෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ද අවධානයෙන් පසුවනවා.
![]() |
ප්‍රතිපත්ති ප්‍රකාශනය |
සමනල පක්ෂයෙහි සාමාජිකත්වය සදහා පිවිසෙන්න
0 Comments :
Post a Comment