ads
News
Loading...

මුහුණු පොතේ ප්‍රශ්නයේ ඇතුලත කතාව මෙන්න

 
   සටහන : රුක්ෂාන් ගම්ලත්

ලෝක ධනවතුන් ලයිස්තුවේ මේ මොහොත වන විට විට 5 ස්ථානයේ පසුවෙන මාක් සර්බග් ගේ වත්කම රුපියල් බිලියන 13921.6 ලංකාවේ දල දේශීය නිෂ්පාදනයට ආසන්නයි.
2019 මාර්තු 31ට ෆේස්බුක් සමාගම සතුව ඇති සම්පුරණ වත්කම් ප්‍රමාණය ඇ.ඩො බිලියන 109.477 .ඒ කියන්නේ ලංකාවේ දල දේශීය නිෂ්පාදනයට වඩා වැඩි.(ඇ.ඩො බිලියන 93.45 තමයි ලංකාවේ දලදේශීය නිෂ්පාදනය)
මෙහම සමාගමක් ලංකාව වගේ රටක ආණ්ඩු කියනදේ තියා ඇමරිකාවේ ආණ්ඩුව කියනදෙවත් තම්බෙකට ගණන් ගන්නේ නෑ.ඔවුන් තාක්ෂනය වෙනස්වීම් වෙගවත්වීම් එක්ක ඔවුන්ගේ වෙබ් අඩවියේ මාර්ගෝපදේශනය වැඩිදියුණු කරමින් වඩා හිතකර තැනක් බවට ෆේස්බුක් පත්කරන්න නිතරම උත්සාහ කරනවා.

ලයික් මිලියන 2.1 ක් තිබුන වසර පහක් පැරණි The Anti-Media කියන ෆේස්බුක් පෙජය දැනට මාස නවයකට කලින් ඔවුන් තමන්ගේ මර්ගොපදෙෂණයන් නොසලකාහැරිම නිසා ඉවත් කරලා දැම්මා.

Police the Police කියන පෙජයේ ලයික් ප්‍රමාණය මිලියන 1.9ක් මෙය දැනට මාස කිහිපයකට කලින් ෆේස්බුක් අඩවියෙන් ඉවත්කරලා දැම්මා

The Free Thought Project කියන ලයික් මිලියන 3.1වෙච්ච ෆේස්බුක් පෙජය ඉවත්කර දැම්මෙත් තමන්ගේ වෙබ්අඩවියේ පවතින මර්ගොපදෙෂණයන් නොසලකාහැරිම නිසා මේ විදිහට ඇමරිකාව තුල පමණක් 2018 වර්ෂයේ ෆේස්බුක් පිටු 800ට වැඩි ප්‍රමාණයක් ඉවත්කරලා තියනව තමන්ගේ මාර්ගෝපදේශයන් නොසලකාහැරිම නිසා මේ හැම පෙජයක්ම විශාල වසයෙන් මුදල් පොම්පකරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ආයතනයට විශාල අදායමක් ලබාදුන් ෆේස්බුක් පිටු.

මේ සියල්අ මෙහෙම වෙනකොට අයියෝ ආණ්ඩුව මගේ පේජ් එක ෆේස්බුක් එකට කියලා අයින් කරෝ මෙන්න මාධ්‍ය මර්ධනය කරනවෝ කියා කෑමොර දී මාධ්‍ය සකජ්ජා පැවැත්වූ ඉරාජ් විරරත්නට අද දින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් මාධ්‍ය නිවෙධනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆේස්බුක් පරිශීලකයන් විසින් දිගින් දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කර ඇති බවයි.

එසේම අවස්ථා ගණනාවකදීම තමන්ගේ මර්ගොපදෙෂණයට යටත් නොවන බව පවසා ඒ පිළිබඳව ෆේස්බුක් ආයතනය ඔහුට දන්වා ඇති බවත් ඒවා සැලකිල්ලට නොගැනීම නිසා ෆේස්බුක් සතු කෘතීම බුද්ධිය ඔස්සේ එම පේජය වසාදමා ඇති බවත් වැඩිදුරට ඔවුන් පවසනවා.

UNP පාක්ෂිකයන් ෆේස්බුක් ආයතනයේ සේවයට යොදවා ඔවුන් මගින් ඉවත් කළා කියලත් ඊයේ චෝදනා කළා.

අද වෙනකොට ෆේස්බුක් එකේම ඉරාජ් වෙනුවෙන් පෙනී ඉන්න බහුතරයක් ඔහුගේ අසබ්ය දර්ශන අඩංගු වීඩියෝ සමාජ ජලා තුලට එකතුකරනකොට සංස්කෘතියට හානිවෙනවා කියලා රිපෝට් කල අය.දේශපාලනමය කාරණාවක්ඉනිසා අද වෙනකොට ඉරාජ් වෙනුවෙන් පෙනී ඉන්න ඔබත් ඉරාජ්ගේ පෙජය ෆේස්බුක් වෙතින් ඉවත්වීමට රිපෝට් එකකින් දායක වෙලා තියනව අනිවාර්යෙන්ම.

බිලියන ගණනින් ගනුදෙනුකරන ආයතනයක් වෙච්ච ෆේස්බුක් ආයනතනයට ලංකාවේ රජය බලපෑම් කරන්න පුළුවන් වගේ සිල්ලර විහිළු කරන මිනිස්සු සහා ඒවා හිස් මුදුනින් පිළිගන්න මිනිස්සු ඉන්න රටක් අද වෙනකොට ශ්‍රී ලංකාව .ඕකත් හරියට අර බ්රෙසියර් එකේ වඳ ජෙල් දාලා තියනව කිවා වගේම අමු මෝඩ කතාවක්.එහෙම මෝඩයන්ට තමන්ගේ ප්‍රවර්ධන කටයුතු බාරදුන්නු මිනිස්සුත් ඉන්න රටක් මේක.

ලංකාව කියන්නේ ෆේස්බුක් ආයතනයට සත පහකට වැඩක් නැති මාකට් එකක් කියන්න හොඳම උදාහරණය තමයි මිලියන 829 වන අන්වර්තජාල භාවිතා කරන්නන් සහිත චීනයට ෆේස්බුක් නොයා තිබීම.

ඔවුන් එසේ චීනයට නොයන්න හේතුව වන්නේ චීනයේ රජය විසින් තම රටේ ජනතාවගේ විස්තර අඩංගු දත්ත ගබඩා චීනයේ පිහිටවන්නට කීම සහා සිය රටේදී ෆේස්බුක් තුල යම් පාළනයක්තම රජයට ලබාදිය යුතුයි කියා සිටීම .

රජයේ ඉල්ලීමට එකඟ නොවීම නිසා ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් සිටින රට සහ ලෝකයේ අන්තර්ජාල ජතවිතාකරන ජනගහනයෙන් වැඩිම පිරිසක් සිටින රට වෙච්ච චීනය අත ඇරලා දැම්ම සමාගමක් මේ ලංකාවේ ලක්ෂ 60ක් වෙන අන්තර්ජාල බවිත කරන්නන් ටිකක් අහිමි වේය යන බයෙන් රජයට ඕන විදිහට වැඩකරනව කියලා හිතනවානම් වාඩිවෙන්නේ පරිස්සමෙන් මොලේ තැලෙයි.

උපුටාගැනීම - ෆේස් බුක් ඇසුරෙනි

ඉරාජ්ගෙ මාධ්‍ය හමුව පහතින් නරඔන්න


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :