ads
News
Loading...

පරිවර්තන සාහිත්‍යය ලාංකිකයන්ට වඩාත් සමීප කල ආශිර්වාද ප්‍රකාශකයෝ කියපු කතාව මෙන්න


"ජීවිතය කියන්නේ කලාවක්, කියවීමත් කලාවක් "

"එය බුදුන් දේශනා කළ ආකාරයේ හොඳ රැකියාවක්. හොඳ කර්මාන්තයක්. "

" පරිඝනක පතපොත අතර මූලිකයා වුනු එන් ජී විජේරත්න මගේ සැමියා චාමින්ගෙ තාත්තා"

පොත් ප්‍රකාශකයන් අතර ආශිර්වාද  පොත් ප්‍රකාශයන් ගේ නම අද වඩාත් කියැවෙනවා.මෙලනි අමරතුංග ,චාමින් විජේරත්න.දෙදෙනාගෙ ශක්තියෙන් ඉදිරියට ආ ආශිර්වාද ගැන මෙතෙක් නොඇසූ කතාවක්.ඒ සදහා  ගොසිප්ලන්තය සාහිත්‍යය සදහා සංවාදයට එකතුවුනේ මෙලනි අමරතුංගයි.

ආශිර්වාද ප්‍රකාශන පරිවර්තන නවකතා අතර නිතරම කියවෙන නමක් බවට පත්වුනේ කොයි කාලෙ ඉදන්ද
අපි මුලින් ම කළේ පරිගනක ආශ්රිත උපකාරක ග්‍රන්ථ එයට ප්‍රධාන හේතුව වුණේ ඒ වකවානුවේ පරිගනක ආශ්රිත සිංහල උපකාරක පොත් තිබුණේ නැතිකම. සිංහලයෙන් මුලින් ම පරිගනක ආශ්‍රිත උපකාරක පොත් පළ කළේ අප ආයතනයෙන්. ඒ වාගේ ම අපි පරිගනක ආශ්‍රිත සඟරාවකුත් වසර පහක පමණ කාලයක් කළා.එසේ පරිගනක පොත්වලට යොමු වීමට ප්‍රධාන හේතුව වුණේ මගේ සැමියාගේ පියා එන්පී විජේරත්න. ඔහු තමයි ලංකාවේ පරිගනක ඉතිහාසය වෙනස් කරන්නට මූලික වූ කතුවරයා.
පරිගනක පිළිබඳ ලාංකිකයන්ගේ දැනුම පුළුල්වත්ම සිංහල බසින් පරිගනක උපකාරක ග්රන්ථවල අවශ්යතාවය ක්රමයෙන් අඩු වුණාග එම හේතුව නිසා ම අප අපගේ ව්‍යාපාරය  වෙනත් අංශයකට යොමු කිරීම උචිත යයි සිතුවා.ඒ අවස්ථාවේ අපට තෝරාගැනීම් කීපයක් ම කරන්න තිබුණාග ඒ අතර අධ්‍යාපනික ග්‍රන්ථ වල නවකතා, කෙටිකතා, කවිපොත් වාගේ ම පරිවර්තන තිබුණා. අපගේ කැමැත්ත දිනාගත්තේ පරිවර්තනග ඒකට මූලික හේතුව මගේ රුචිකත්වය කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවෙයි. මම කුඩා කල පටන් ම පරිවර්තන කෘති කියවීම සඳහා ගිජු ලෙස ඇබ්බැහි වී සිටියා. ගිය තැන තිබෙන පොත් සියල්ල කියවීමේ පුරුද්දක් මට තිබුණා. ඒ පුරුද්ද නිසා හොඳ පොත්ල හොඳ කතුවරුන් පිළිබඳ යම් අවබෝධයක් මට තිබුණාග ඒ අවබෝධයත් සමග අපට හොඳ පොත් තෝරාගෙන පරිවර්තනය කර අපගේ පාඨකයන් වෙත ලබා දීමට අපට හැකියාව ලැබුණා. මම හිතන්නේ මාගේ රුචිකත්වයට සමාන රුචිකත්වයක් තිබෙන බොහෝ දෙනෙක් සිටින බව අපට පෙනී ගියා. නමුත් මෑතක සිටල වසර පහක පමණ කාලයක සිට පරිවර්තන සඳහා ආශිර්වාද ප්‍රකාශන කෙරෙහි ඇති විශ්වාසනීය බව වැඩි වූ බව කිව හැකියි. එයට මූලික වශයෙන් ජනප්රියල අලෙවි වාර්තා තැබූ නව කෘති පරිවර්තනය කර ප්‍රකාශන පත් කිරීමත් ,විශ්ව සාහිත්‍යයේ බොහෝ ඇගැයීමට ලක් වූ කෘති අසංක්ෂිප්තව පරිවර්තනය කර ප්රකාශයට පත්කිරීමත් ප්රධාන වශයෙන් බලපෑවා.

අපි කතාකරමු මෙලනි පොත් ප්‍රකාශනය අරඔපු විදිහ ගැන

ඔව්මං කලින් කිව්වා වාගේ අපි මුලින් ම ප්‍රකාශනයට පත් කරන්නේ පරිගනක ආශ්රිත පොත්ග මා විවාහ වීමට පෙර සිටම මගේ සැමියාගේ පියා පොත් ප්‍රකාංහනය කරගෙන ගියාග නමුත් ඔවුන්ට ම කියා මුදාණාලයක් හෝ අනෙකුත් පහසුකම් තිබුණේ නෑග නමුත් අපට ම මුද්රණාලයක් ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විවාහයෙන් පසුව අපි සලකා බැලුවාග ඒ සඳහා මගේ සැමියා ඒ සම්බන්ධයෙන් හදාරා තිබූ පාඪමාලා ඉතාමත් වැදගත් වුණාග මේක මමවත් මගේ සැමියාවත් ආරම්භ කළ ව්‍යාපාරයක් නොවෙයි. ඔහුගේ පියාගේ ව්‍යාපාරය තවත් ඉදිරියට ගෙනයාමක් පමණයි. එදා පටන් අද දක්වාම අපගේ සියලුම කටයුතුවලට ඔහුගේ ආශිර්වාදයත්, උපදෙසුත් ලැබෙනවා.

දැන් දැන් පරිවර්තන කලාව ගොඩක් දියුණුයිගඔබ හිතන විදියට පරිවර්තන කියැවීමට පාඨකයන් මෙි තරම් ලැදි අැයි?

ජීවිතය කියන්නේ කලාවක්ග කියවීමත් කලාවක්හොඳ පාඪක පරිසකගේ රසිකත්වය ඉතා උසස්ග ඉතිං මේ උසස් රසවින්දය සඳහා අපගේ ම කෘතිල ශ්‍රී ලාංකිකල සිංහල බස ලියනල කියවන කතුවරයන්ගේ නිර්මාණශීලිත්වයේ ඇති දුර්වලතා නිසා අපගේ කෘති පිළිබඳ උසස් රසවින්දනයක් ඇති පාඨකයන්ගේ ප්‍රසාදය කැමැත්ත අඩුයි. ඒ වාගේ ම ලෝකය කියන්නේ තවදුරටත් ඉතා විශාල දෙයක් නොවෙයිග ලෝකයේ මේ දැන් සිදුවන දෙයක් තත්පර ගණනක් ඇතුළත අපගේ දෑස් ඉදිරියේ දර්ශනය වන තරමට ලෝකය තාක්ෂණික අතින් දියුණු යුගයක අපි ඉන්නේග එහෙම කාලයක ලෝකය එකම විශ්ව ගම්මානයක්ග අපට මේ ලෝකයේ තිබෙන බොහෝ දේ ඉතා සමීපව තිබෙනවාග ඒ අතරින් එකක් තමයි පොත්ග ලෝකයේ කොයි අස්සක ප්‍රකාශයට පත් වුණත් ඉතාමත් කෙටි කලකදී ඒ අත්දැකීම අපගේ පාඨකයන් වෙත ගෙනයාමේ ක්රමවේද දැන් අප සතුයිග එමනිසා හොඳ කෘතියක් කවරුන් කොයි දේශයක කළත් එයට ළංවීමේ හැකියාව අප පාඨකයන්ටත් තිබෙනවා.
එහි තිබෙන තවත් ආකර්ෂණීය දෙයක් තමයි අපි නොදත් ලොවකට ඒවාට අප රැගෙන යාමේ හැකියාව තිබීමග බොහෝ දෙනා පරිවර්තන කියවීම මගින් ලෝකය ගැන බොහෝ දේ දැන කියා ගන්නවා.

පරිවර්තන කලාව වගේම පාඨකයනුත් දැන් ගොඩක් දැනුවත්ගඔවුන් වෙනුවෙන් පොත් තෝරාගත්දි සැලකිලිමත් වෙන කාරණා මොනවද?

අනිවාර්යෙන්ම සමහරු ඉංග්රීසි පිටපතත්ල පරිවර්තනයත් දෙකම කියවනවාග ඉතිං කාටවත් බෑ පාඨකයාව මුලා කරන්නග එනිසා ඔවුන්ට ඉතාමත් සාධාරණ පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට අප ප්රකාශන ආයතනයක් ලෙස බැඳී සිටිනවා. අප බොහෝ විට සැලකිල්ලට ගන්නේ පොතක් අතට ගත්තාම එය බිමින් නොතියා එක හුස්මට කියවාගෙන යාමට හැකිල හාස්ය රසයෙන් අනූනල අපට පහසුවෙන් ළඟාවිය නොහැකි ක්ෂේත්ර ස්පර්ෂ කළ හැකිල මානවවාදී කෘති පාඨකයාට ඉදිරිපත් කරන්නටග ඒ වාගේම මිනිසුන්ගේ හද සන්තානයේ හැඟීම් පිටාර ගලා යාමට සලස්වන චිත්තවේග පාලනය කර ගැනීමට අපහසු වන තරමට කැලඹීමට පත්කරලන්නට හැකි කෘති ගැන දක්වන සැලකිල්ල වැඩියි.

 ඔබ දයාබර බිරිඳක් සැමියගෙ සහය වගේම දෙදෙනාගෙම කැපකිරීම ගැනත් කියමු.

කාර්යබහුල බිරිඳක් දරුවන් හතරදෙනෙකුගේ මවක්ග මෙම ව්යාපාරයේ තාක්ෂණික අංශයේ සියලුම කටයුතු පාලනය වන්නේ මගේ සැමියා චාමින් විජේරත්න අතින්. ඔහු ඒ සම්බන්ධයෙන් ලබා ඇති අධ්යාපනය වගේම පලපුරුද්දත් නිසා අපගේ පොත්වල නිමාව ඉතාමත් විශිෂ්ඨ තත්වයක පවතිනවාග ඒ වාගේ ම ඉංග්රීසි පොතපත කියවා ඒවායින් අපට පරිවර්තනය කිරීමට සුදුසු පොතපත තෝරාගන්නේත්ල පරිවර්තකයින් සමග කටයුතු කරන්නේත්ල පරිවර්තිත පොත් සංස්කරණය සහ අවසන් සෝදුපත් බැලීම කරන්නේත් මමග එමනිසා අප දෙදෙනා ඉතාමත් සහයෝගයෙන් කටයුතු නොකළහොත් පොතක නිමාව මෙන් ම අන්තර්ගතයට ද හානි විය හැකියිග කවර නිර්මාණය සෑම විටම චාමින්ගේ වගකීම. මේ දක්වා අප විසින් ප්රකාශයට පත්කර ඇති සියලුම පොත් වල කංචුක නිර්මාණය සිදුවූයේ ඔහුගේ අතින්ග ඔහුගේ එම කලා හැකියාව මම ඉතාමත් ආදරයෙන් අගය කරනවාග ඒ වාගේම ඔහුට පරිගනක සම්බන්ධයෙන් ඇති දැනුම අපගේ ව්යාපාරය මේ තාක් දුරක් ගෙන ඒමට අත්වැලක් වුණ බව කිය යුතුමයි.
නිවෙසේ කටයුතු බොහෝමයක් කෙරෙන්නේ චාමින්ගේ මවගේ අතින්ග මට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් නොමැති වීම ම අපගේ ව්යාපාරය සාර්ථක කර ගන්නට ලොකු හයියක්. මට ඕනෑ තරම් කාලයක් නිවෙසින් බැහැරව සිටීමටත්, මාගේ නිර්මාණකරණයේ යෙදීමටත් එය ලොකු සහනයක්ග ව්යාපාරයේ කටයුතුවලට අමතරව මා හට ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවැසි මග පෙන්වීමයි.

 ඩ්රෑන් බ්රවුන්ගෙ නවකතා ගණනාවක් ආශිර්වාද ප්රකාශන අතින් නැවත ලංකාවෙි පාඨකයන් වෙත ලංකලාගඑවන් හදුනාගැනීමක් කලේ කොහොමද?

එය අපගේ ජීවිතය වෙනස් කළ සිද්ධියක්ග බොහෝ කාලයක් තිස්සේ මාගේ පොත් රාක්කයේ ඩ වින්චි කෝඞ් කෘතියේ ඉංග්රීසි පිටපතක් තිබී ඇති බව මා දැනගත්තේත් අපි සිංහල පරිවර්තනය කර මාස හයකට පමණ පසුයිග ඒ එතැන වසර 3ක් පමණ තිබී ඇති බව දුටුවිට මා පුදුමයට පත්වුණාග ඩ වින්චි කෝඞ් ඉංග්රීසි පිටපතේ අලෙවිය ඉතා ඉහළ බව අපට හිතවතකගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණාග ඉංග්රීසි පොතට එවැනි ඉල්ලුමක් ඇත්නම් සිංහල පොතටත් ඉල්ලුමක් ඇති විය යුතු නේග අපි ඒ අනුව ඉතාමත් සුදුසු පුද්ගලයා ලවා ඩ වින්චි කෝඞ් කෘතිය ඩ වින්චි කේතය නමින් පරිවර්තනය කර ප්රකාශයට පත් කරනු ලැබුවාග ඉන්පසු ඩෑන් බ්රවුන් සමග ඇතිකරගත් එකඟතාවය මත රොබර්ට් ලැන්ඩන් චරිතය ඇතුළත් පොත්පෙළෙහි සිංහල පරිවර්තන අයිතිය අප ආතනය විසින් ලබා ගත්තාග එම කතා මාලාවේ සිංහලයට පරිවර්තනය කරන්නට තව ඉතිරිව ඇත්තේ එක් පොතක් පමණයිග එයත් සැප්තැම්බරයේ ප්රකාශයට පත් කරනවා.

 ගොඩක් අය ආශිර්වාද අනුකරණය කලත් ප්රමිතිගතව පොතක් දෙන්න අසීරු අවස්ථාව අපි දකිනවගඊට හේතුව
මුදාණ කටයුතු පිළිබඳ ඇති දැනුමල ටයිප්සෙටින් කිරීමේ සිට කවර නිර්මාණය ඇතුළු සියලුම කටයුතු අප අපගේ ආයතනයේ අපගේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේග එසේම මුද්රණයේ සිට පොත පාර්සල් කරන තුරුම ඇති සියලුම කටයුතු කෙරෙන්නේ අපගේ මුද්රණාලයේ. ඒ සඳහා අවශ්ය කරන සියලුම යන්ත්ර සූත්රල ශ්‍රමය මෙන්ම දැනුමෙන් ද අප පොහොසත්ග අලුත් තාක්ෂණයත් සමග ඉදිරියට යාම එයට මූලික වශයෙන් හේතු වුණා. ඒ වාගේම මගේත් චාමින්ගේත් සතුට කෙනෙකුට පොතක් අතට ගත්තාම ඒක ගන්න හිතෙන තරම් හොඳ නිමාවකින් යුක්ත වීමග ඒ සඳහා අපි අමතර වියදම් දරමින් ෆොයිල්ල ස්පොට් වාර්නිෂ්එම්බෝස් කිරීම ආදී අලංකරණ කටයුතු සිදු කරනවා. ඒ වාගේ ම පොත් ආරක්ෂා සහිතව ගබඩා කිරීම සඳහා පොලිතින් ආවරණයක් යෙදීමත් කරනවාග එය මිල අධික කටයුත්තක්ග එසේම ශ්රමය සහ කාලය ද සෑහෙන්න වැය වෙනවාග නමුත් කෙනෙකු මුදල් දී ගන්නා පොතක් ඉතාමත් පිරිසුදුව ලස්සනට ඒ වාගේ ම හොඳ අන්තර්ගතයකින් යුතුව පාඨකයාට දීම අපට ලොකු සතුටක්.

මෙලනි ගෘහනියක්. පවුලේ විස්තර දැනගන්නත් පාඨකයන් කැමති ඇති?

මටයි  චාමින්ටයි දරුවෝ හතර දෙනෙක් සිටිනවා. පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකුග ඔවුන්ගෙන් වැඩිමහලා පුතාග ආශිර්වාද විජේරත්නග ඔහු දැනට පරිගනක මෘදුකාංග ඉංජිනේරුවයකු වීම සඳහා උපාධිය හදාරනවාග දෙවෙනි සහ තුන්වෙනි දියණියන් දැනට පින්සරා සහ හිරණ්යදා 9 සහ 8 ශ්රේණිවල ඉගෙනුම ලබනවාග පොඩි පුතා ආර්යන් 4 ශ්රේණියේ ඉගෙනුම ලබනවාග දියණියන් දෙදෙනා සහ පොඩි පුතා කලාවටල විශේෂයෙන් චිත්ර කලාවට සහ සංගීතයට දස්කම් දක්වනවා. ඔවුන්ගේ දායකත්වය ඉදිරියේ දී අපගේ ව්යාපාර සඳහා යොදාගැනීමට හැකියාව තිබෙන බව පෙනෙනවාග අපි පවුලේ සියලු දෙනා බොහෝවිට ගතකරන්නේ එකටග දරුවන් පාසල් ගොස් පැමිණිපසු කාර්යාලයේ ඔවුන් වෙනුවෙන් තිබෙන කාමරයක සිටිනවාග ඒ නිසා ඔවුන් අපගේ ව්‍යාපාරයේ ස්වභාවය කුඩා කල පටන් ම දකිනවා. ඒ වාගේ ම හැකි සෑම අයුරකින් ම ඒවාට සහභාගී වෙනවාග අපගේ විවේකී කාලය බොහෝ විට ගතවන්නේ සතුන් සමගල අප නිවෙසේ සුරතල් බල්ලන් තුන් දෙදෙනකුත්, කුරුල්ලෝ අටදෙනෙකුත් මාළු විශාල සංඛ්යාවකුත්, හාවුන් සහ ගිනි පිග් සතුන් රාශියකුත් කිකිළියන් පස් දෙනෙකුත් සිටිනවා. ඔවුන් සුරතල් කිරීමල ඔවුන් පෝෂණය කිරීමල එම සතුන් සිටින කූඩු පවිත්‍ර කිරීම ආදිය සඳහා අපගේ විවේක කාලය ගත වෙනවා
 ඒ වාගේ ම සංචාරයේ යෙදීමටත් අප එක වගේ ම කැමතියිග අපගේ රටේ මෙන් ම ලෝකයේ විවිධ රටවලට සංචාරය කිරීමට ද අප ඉතාමත් කැමතියි.

පහුගිය දිනවල ප්‍රදේශ රැසක ආශිර්වාද ප්රකාශන පොත් ප්රදර්ශන වලට විශාල පිරිස් ඇදී ආවා ⁣නේද?

ඔව්ල පාඨකයෝ තමයි අපට තිබෙන ආශිර්වාදය. අපි දෙන දේ කිසි කතාවක් නැතිව හිස් මුදුනින් පිළිගැනීමට අපගේ පාඨකයන් සැදීපැහැදී සිටිනවාග ඔවුන් දන්නවා ආශිර්වාද පොතක් නම් එය අනිවාර්යෙන් ම ඉතා විශිෂ්ඨ එකක් බවග ඒ නිසා මම ඉතාමත් ම සතුටින් කියන්න කැමතියි අප සහභාගී වූ සියලුම පොත් ප්රදර්ශනවලදී අපගේ ආදරණීය පාඨකයන් අපිට හැමවිට ම ආදරයෙන් පිළිගත්තා කියන එක. ඒක ඇත්තටම හරි අපූරු අත්දැකීමක්ග අපි අනුරාධපුරේ ගිය අවස්ථාවේ අපට ඉතාමත් ම ආදරයෙන් සැලකූ කීප දෙනෙක්ම හමු වුණා.ඔවුන් ඊට පෙර අපට කිසි දිනෙක මුණගැසී නැහැ. අපගේ යම් යම් කාර්යයන් පහසු කර ගැනීමටත් ඔවුන් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වුණා.සමහරු අපට අවසන් දිනයේ ප්රදර්ශන භූමියෙන් පිටව යාමට පෙර අපගේ කුටිය අස්කර දීමට පවා ඉදිරිපත් වුණා. ඔවුන්ට පොත් කියන්නේ ජීවිතේ වගේ. පොත් පෙට්ටිවලට අඩුක්කරන්න අතගාන්න ලැබෙන එකත් වාසනාවක් ලෙස සිතන පාඨකයන් අපට සිටිනවා.

ව්‍යාපාරිකාවක් ලෙස ඔබගේ ගමන ගැන සතුටුද?
ඉතාමත්ම සතුටුයිග ඇත්තටම පොත් ප්රකාශනය කියන්නේ වරමක්ග ඒ වරම ලැබීම තුළින් අප අත්පත් කරගන්නා මුදල්ල පාඨකයන්ල ප්‍රසිද්ධිය, ආදරය, සතුට ඉතාමත් ම වටිනවා. එය බුදුන් දේශනා කළ ආකාරයේ හොඳ රැකියාවක්. හොඳ කර්මාන්තයක්. එයින් කිසිවකුට හානියක් සිදුවන්නේ නැහැග සිදුවන්නේ යහපතක් පමණයි. එවැනි ව්‍යාපාරේ නියැලෙන්නට අපගේ පෙර පින් බලපාන්න ඇති කියලා මම හිතනවා.

ඉදිරියේ සාහිත්‍යය මාසය වෙනුවෙන් ආශිර්වාද ලබාදෙන කෘති ගැනත් ඉගියක් දෙමු නේද?

ඔව්ල ඔව්ග බොහෝ දෙනා මේ දිනවල කුතුහලයෙන් තමයි ඉන්නේ. ඉතිං මම කියන්නේ ආදරණීය ආශිර්වාද පාඨකයන්ට ඔය හිටියා වගේ තවත් මාසයක් ඉමු කියලයි. මොකද කුතුහලය උපරිම පවත්වාගැනීමෙන් රසය වැඩි වෙන බවයි මගේ අත්දැකීම. එහෙම එකේ මම මෙහෙම විතරක් කියලා ලිස්සලා යන්නම්. තව පොත් දහයකට වැඩිය අලුතෙන් එනවා. 
    ඉතින් මෙලනිගෙ ආශිර්වාද ප්‍රකාශකයන් හට චිරාත් කාලයක් ඉදිරියට යන්නට ගොසිප්ලන්තය අපි සුභ පතනවා.ඒ වගේම ආශිර්වාද අලුත් පොත ගැන විස්තර අපි ඔබට ඉදිරියටත් ලබාදෙනවා.







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :