ads
News
Loading...

ස්කූටරයේ මන්ත්‍රීනියගෙ නිරුවතට එරෙහිව ටීචර් කෙනෙක් කියපු අමුතු කතාව


  පසුගිය දිනෙක තම නැගනිය මාර්ගයේ ස්කූටරයේ කළ වැරැද්දකට පොලීසිය සමඟ අඩව්වක් ඇල්ලු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය දිල්රුක්ෂි ප්‍රනාන්දු ගේ නිරුවත් ඡායාරූපයක් මෙි දිනවල අන්තර්ජාලය තුල හුවමාරු වුනු අතර ඒ ගැන ජයත්‍රී ද සිල්වා නම් ගුරුතුමියක් ඒ ගැනමෙසේ ලියා තිබුනා.

උපුටාගැනීම 

ඇය ගේ භූමිකාව තුළ ඇය දේශපාලන චරිතයක් සහ සාමාන්‍ය සිවිල් කාන්තාවක් ....

ඇයගෙන් වරදක් සිදු වුනා ...ඇය සාමාන්‍ය සිවිල් කාන්තාවක් යන චරිතය තුළ දී දේශපාලන චරිතයක් ලෙස  තම දේශපාලන බලය තම සිවිල් ජීවිතය ට එක් කොට ගෙන යෑම නිසා....

මෙම සටහන තබන මම ද ඇයගේ එම නොමනා හැසිරීම විවේචනයට ලක් කළා ...ශ්‍රී ලංකාවේ චන්ද හිමි ඡන්ද දායකයකු වශයෙන් ...

නමුත් අතිශයින් ම කනගාටුදායක කාරණය වන්නේ ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම කාන්තාවකට අපහාස කිරීම සඳහා ඇයගේ අතිශය  පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් ෆේස්බුක් මගින් ප්‍රචාරය කොට  කාන්තාවකට අපහාස කරන ආයුධයක් ලෙස භාවිතා කිරීමයි ....

ඇයගේ අතිශය පෞද්ගලික ජීවිතය විවේචනය කිරීමට අපි කිසිම කෙනෙකුට අයිතියක් නැහැ ...අනික ඒ බාලවයස්කාර තරුණියක් නෙමෙයි ...

මම මෙම සටහන තබන්නේ කාන්තාවක්  ලෙස නෙමෙයි ..මනුෂ්‍යයෙකු ලෙස ...

වරද පෙන්වා දිය යුත්තේ වරද කළ තැන සිට ...එසේ නොමැති ව අදාල කාන්තාවට හෝ පුරුෂයාට අදාල අතිශය පෞද්ගලික කාරණා හුවා දැක්වීම තුළින් නෙමෙයි ...

එමෙන්ම කාන්තාවකට පහර ගැසීම හරිම ලේසියි ...පුරුෂයෙකුගේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරනවට වඩා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සඳහා සඳහා හොඳ වෙළඳ පොළක් තියෙනවා ...

මොකද කාන්තා නිරුවත වින්දනිය මාධ්‍යයක් ...

මම ඉදිරිපත් කරන ප්‍රස්තුතය ඔබත් මවකගෙන් බිහි වූ කෙනෙක් නිසා කාන්තාවන්ට ගරු කරන්න කියා නෙමෙයි ...

අපි සියල්ලම මනුෂ්‍යයින් ...මනුෂ්‍යයන් ලෙස තවත් මනුෂ්‍යයෙකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ...ඔලුව සහ මොලය  යන දෙකම සමගාමී භාවිතයක් කරන්න...

වරදක් සිදුවන තැන පක්ෂ දේශපාලනය භාවිතා නොකරන්න ....

ඇයගේ නිරුවත් ඡායාරූප හුවමාරු කිරීම තුළින් ඔබ විදහා දක්වන්නේ ඔබගේ පහත් වූ මානසික මට්ටමයි ....

හොඳින් සිතන්න...ඇයට අපහාස කිරීමට ගොස් මෙවැනි භාවිතයන් තුළින්   ඔබ පෙන්වන්නේ ද ඔබගේ නිරුවත නොවෙයි ද ?????????
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :