ads
News
Loading...

දුම්රිය මැදිරි අවන්හලෙන් මතුවුනු දිරිය ගැහැනිය ඉංදියාවම කළඔවපු ගීත කෝකිලාවක් වුනු හැටි


  අතීන්ද්‍රා චක්‍රබෝර්ති නම් 26 හැවිරිදි තරුණයා ඇගේ  ජීවිතය වෙනස් කළා....

වයස අවුරුදු පනහයි....

රනූ මොන්ඩාල්.. බොලිවුඩයට අලුතින්ම එකතුවූ කෝකිලාවිය ඇයයි. දුක්ගැහැට පිරුණු ජීවිතය අවුරුදු ගණනක් ගෙවා දැමූ පසු හිටි හැටියේම ඇගේ ජීවිතය වෙනස් වන්නේ සමාජ මාධ්‍ය තුළ ඇගේ නම වැඩි වැඩියෙන් කථා බහට ලක් වීමට පටන් ගත් පසුය.

ඉන්දියාවේ බෙන්ගාල් හී රනාගට් දුම්රිය වේදිකාවේ ඇය ගීයක් ගයමින් සිටියාය. ඊට සති ඒ මංගේෂ්කාර් ඉන්දියාවේ ගීත කෝකිලාවියගේ ගීයකි.. ඊට සති දෙකකට පසු ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. ඇය ඊයේ සුපුරි ඉන්දීය චිත්‍ර පට ගායක හිමේෂ් රෙෂමියා සමග හිත් අදහා ගත නොහැකි තරමේ මියුරු චිත්‍රපට ගීයක් ගැයුවාය. හිමේෂ් ඇයව හඳුන්වා තිබුණේ දිව්‍යමය හඩක් ඇත්තියක් ලෙසය. එදා සිටි රනූ මොන්ඩාල් අද හාත්පසින්ම වෙනස් වී ඇත.. එදා තිබූ වැරහැලි වෙනුවට අද ඇය ඉතා අලංකාරව හැඩ වැඩ වී සිටින්නීය. ඇගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වන්නට පටන්ගෙන ඇත.

වයස අවුරුදු 19 දී විවාහ ජීවිතයට ඇතුල් වන ඇයට කුඩා කාලයේම සිය පියාද මවද අහිමි වන්නේය. එතෙක් පටන් ඉන්දියාවේ ක්‍රිෂ්ණා නගර් හී සිය නැන්දණිය සමග විවාහ වන තුරු ඇය සිය ජීවිතය ගත කලාය . ඇය පවසන්නේ එය අතිෂය දුක්බර ජීවිතයක් වූ බවයි. විවාහ වී සිය සැමියාද සමග මුම්බායි නගරයට යන්නේ යහපත් ජීවිතයක් වුවත් . ඇයට බොහෝ විට උරුම වී ඇත්තේ මහ මග දුක්බර ජීවිතයකි. ඇයට පෙරළා තමන් උපන්ගමට පැමිණේන්ට සිදු වන්නේ සිය සැමියාද නොමැතිවයි. ඒ මීට විසි වසරකට පෙරයි. ජීවිතයේ විදින්නට වූ දුක් ගැහැට නිසාම විෂාධය රෝගයෙන් පෙළුන ඇය මෙතෙක් ගෙවා දමන්නේ අතිෂය කර්කෂ ජීවිතයකි. කුසට අහරක් නොමැතිව ජීවිතයේ බොහෝ දවස් ගත කර ඇති බව ඈ පවසන්නීය.

දුක් කම්කටොලූ මැද වුවත් තමන් කැමතී ගීත රසවින්දනයට ඈ බොහෝ ඇලුම් කලාය. ගීත ඇසීමත් නැවත ඒවා ගායනා කිරීමත් කුඩා කල සිට ඇගේ විනෝදාංශය විය. මොහොමඩ් රාෆි ලතා මංගෙෂ්කාර් ඇගේ ලෝකයේ වීරයන්ව වූ අතර මහ මග ඇවිදිද්දීත් ඇගේ මුවේ ඔවුන්ගේ ගීයක් රැදුනාය.

අතීන්ද්‍රා චක්‍රබෝර්ති නම් 26 හැවිරිදි තරුණයා ඇගේ ජීවිතය වෙනස් කළ පුද්ගලයාය. ඔහුට රනාගට් දුම්රිය මැදිරියේ අවහන් හලක රේඩියෝවක මොහොමඩ් රාෆි ගායකයාගේ ගීයක් වාදනය වන අතරේ තවත් කාන්තාවක් එහි බිම හිදගෙන එම ගීය සිහින් හඩින් මුමුණනු ඇසිණ. ඇගේ හඩ කෙතරම් මිහිරි වූවාදැයි කියතොත් රනූ මොන්ඩාල් ගේ ගීයක් ඔහු විසින් දුරකථනයෙන් පටිගත කළාය. ඊට දින දෙකකට පසු ඔහු එම ගීය සමාජමාධ්‍ය වෙත මුදා හරිනු ලැබුවේය.

මොහොතක් ගත වත්ම ඈ ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර සුප්‍රසිද්ධම චරිතය බවට පත් වෙමින් පැවතිනි. වාර ලක්ෂ ගණනක් ඇගේ ගීතය සහිත වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබිණි.

මේ සිදු වීමත් සමග රනූ මොන්ඩාලගේ ජීවිතය ඇයටද සිතා ගත නොහැකි අයුරින් වෙන්ස් වූ යේ.. ඇයට අවශ්‍ය ආහාර පාන ඉචුම් හිටුම් පමණක් නොව ඇගේ ජීවිතයට මෙතෙක් නොලැබුණ සශ්‍රිකත්වය ඇය හඹා එන්නට පටන්ගෙන ඇත. ඇය මෙතෙක් සිටි ස්වරූපය සැණින් වෙනස් විය. ඇයට විවිධ පුද්ගලයන්ගේ ගරුත්වය හිමි වන්නට පටන් ගෙන ඇති අතර රනු මොන්ඩාල් මේ වන විට ඉන්දියාවේ බොහෝ රූප වාහානි සහ ගුවන් විදුලි නාලිකාවල ගීත ගායනයට සහභාගී වීමේ අවස්ථා උදාකර ගෙන ඇත.

මීට දින ගණනකට පෙර පැවති ඇගේ දුක්බර මුහුණේ අද ඇත්තේ බලාපොරොත්තු සහගත සිනහවක් පමණි. ඇගේ හඩ සැබවින්ම කන් කළුය එපමණක් නොව සංගීතය හැදෑරූ අයෙක් තරමටම ඇගේ ශුතිය ඉතා තියුණුය. වසර 50ක් ජීවිතයේ දුක් ගැහැට වලින් මිරිකුණු රනූ මොන්ඩාල් ගේ හෙට ජීවිතය අතිශයින්ම සශ්‍රික එකක් වනු ඇත.

ඇයට අපි සුභ පතමු. මිනිසාගේ ඉරණම වෙනස් වන මොහොත උදාවන්නේ කවවදාදැයි අපට ඉදුරාම කිව නොහැකිය.. නමුත් ඒ ගැන අප විශ්වාසය තැබිය යුතුමය.

හංසනී සම්පත්

 රනූ ගේ ලස්සන ගීතය පහළින් නරඔන්න



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :