ads
News
Loading...

ලොව ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම දාපු ජීවී ප්‍රභේද වල අතුරු කතාව මෙන්න


        පරිණාමය ගැන නිරන්තරයෙන්ම කතාකරන පරණාමවාදි දිනපොතින් උපුටුගත් කාරණාවක් අද ගොසිප්ලන්තය ගවෙිශන විශේෂාංගයෙන් අද අපි ඔබට ගෙන එනවා.

උපුටාගැනීම

පසුගිය දිනක පර්යේෂණ කණ්ඩායමක් එලිදැක්වුවා නව හූනන් විශේෂ 6 ක්. මේ හූනන් විශේෂ 6 ට ජාතික වීරයින් සිහිවීම පිණිස නාමකරණය ලබා දී තිබෙනවා. විද්‍යාව, සොයාගැනීමක තිබෙන වටිනාකම හෝ අර්ථාන්විත බව ගැන නොදත් අඳබාලයන් තැනින් තැන මේ නාමකරණය ගැන විකාරරූපී අදහස් පලකර ඇති බව දැක්ක නිසා (ජාතික වීරයින්ට අගෞරව කිරීමක්ය, ජාතික වීරයන් හූනන්ට සමාන කරය ආදී) මේ සම්බන්දයෙන් සටහනක් තැබීම යුතුකමක් ලෙස සලකා මෙලෙස සටහන් කරමි.

යම් පරීක්ෂයකු හෝ පර්යේෂණ කණ්ඩායමක් මාස, ඇතැම් විට වසර ගනනක දහඩිය මහන්සිය හෙලා යම් සොය ගැනීමක් ලෝකය හමුවේ තැබීම කොතරම් අපහසු කාරණයක්ද යන්න දන්නෙ ඒ ක්ශේත්‍රය තුල නියුතු පුද්ගලයන්ම පමණයි. නව ජීවී විශේෂ ලොවට ප්‍රථමයෙන්ම හඳුන්වා දීමේදි ඒ අදාල ජීවීයා නාමකරණය කිරීමට පර්යේෂකයන් හට අයිතිය ලැබෙනවා. තක්සෝන විද්‍යාවේ, වර්ගීකරණය විද්‍යාවේ නියැලී සිටින්නකු හට ඒ අවස්ථාව ඉතාමත් වටිනා අවස්ථාවක්, ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාවේදි තමන් ආදරය කරන යමෙකුට ගෞරව දැක්වීම වර්ගීකරණය ක්ශේත්‍රය තුල ලොව පුරා දකින්න පුළුවන් සංසිද්ධියක්. 

සොයා ගැනීම හූනකුද, ගෙම්බෙකුද, පරපෝශිතයකුද, ලේ උරා බොන්නකුද යන වග නොව නාමකරණයට යොදන නාමය තුලින් එකී නාමය අමරණීයත්වයට පත්වෙනවා. මේ පිටුව තුල ඔබ දැක ඇති අැතැම්විට විවිධ ජීවි විශේෂ වල විද්‍යාත්මක නාමයට තුඩු දී ඇති පසුබිම් කතාව, සාහිත්‍ය මා වරින්වර සටහන් කරන අයුරු. එලෙසම මේ තබන නාමයන්ද විද්‍යාව තුල අමරණීය තත්වයක් උසුලනවා. මේ පර්යේෂක කන්ඩායමත් තමන් දහඩිය මහන්සියෙන් සොයාගෙන නව ජීවී විශේෂ හයක් ලෝකය හමුවේ තබන්නේ තමන් ගරු කරන ජාතික වීරවරයින්ගෙ නම් විද්‍යාත්මක නාමයට ලබා දෙමින්. Cnemaspis ගනයට අයත් මේ නව දිවාසැරි හූනන් විශේෂ හය එවක් පටන් ලංකාවෙන් ලෝකයේ ජෛව විවිධත්ව නාම ලේඛනයට දායාද කරන අමිල වටිනාකමක් ඇති සොයාගැනීම්.

ලෝකයේ ගෞරවනීය චරිත, රාජකීයයන්, වීරයන්, දෙවිවරුන්, නළු නිලියන් ආදී චරිත සිය ගනනගෙ නම් මෙලෙස නව ජීවී ප්‍රභේදයනට ලබාදෙන සම්ප්‍රදාය තුල එකී චරිත පහත හෙලීමක් නොව ඒවාට ගෞරවයක් ලබාදීම සිදුවෙනවා. පහත තියෙන්නෙ උදාහරණ කිහිපයක්.

* ලංකාවේ මත්ස්‍ය විද්‍යාඥයෙක් වෙන රෝහණ පෙතියාගොඩ හොයාගන්න මත්ස්‍ය විශේෂයක් නම් කරනවා ලොව සුපතල විද්‍යඥයා වන රිචර්ඩ් ඩෝකින්ස්ගෙ නමින් Dawkinsia ලෙස.

* කැරිබියන් දූපත්වල පරපෝශිතයකු නම් කරනවා බොබ් මාලිට ගෞරවයක් ලෙස Gnathia marleyi කියලා.

* සුප්‍රසිද්ධ ගායිකා බියොන්සේ වෙනුවෙන් නම් කරලා තියෙනවා Scaptia beyonceae ලෙස

* සුප්‍රසිද්ධ නිලියක් වන කේට් වින්ස්ලෙට ගෞරව පිණිස Agra katewinsletae 

* චාර්ල්ස් කුමාරයා වෙනුවෙන් ගෙඹි විශේෂයක් නම් කරනවා Hyloscirtus princecharlesi ලෙස.

එමෙන්ම විද්‍යාත්මක නාමය මෙලෙස දුන් පමණින් ගෝඨයිම්බර හුනා කියා මොවුන් ආමන්ත්‍රණය නොකරයි. ඒවාට වෙනම ව්‍යවහාරික නාමයන් පවතී.

අනෙක් කරුණ තමයි මේ ඇතැම් ජාතික වීරවරයන් නැසීමට ලක්කල රාජකීය අනුග්‍රහය ලබන ආයතන වලම මේ වීරයින්ගෙ නම් මෙමඟින් සඳහන් වනු ඇත. එයම ඔවුනට ගෞරවයකි.

තමන්ගෙ රටේ සිදුවන විශිෂ්ට සොයා ගැනීමක හරය තේරුම් ගැනීමට නොහැකි, උදේ හවස ග්‍රහ තාරකා දෙස බලමින් ජීවීතය හැඩගස්වා ගන්නට වෙර දරන, සෑම දෙයකම වැරදි කොනෙන් අල්වා ගන්නා, ප්‍රාථමික ජීවී කොට්ඨාසයක් තවමත් මේ රටේ ජීවත් වෙනවා. වසර මිලියන 8 හෝමෝ සේපියානු පරිණාමික ගමන් මඟින් අැති වී තිබෙන්නේ මෙවන් කපාල ධාරිතාවක් ඇති කුණප බුදින්නන්ද යන ගැටලුව මොවුන් දෙස බලන විට ඉතිරිවන ගැටලුවක්.

උපුටනය අවසන්

නෙළුව රක්ෂිතය රකින අපේ මිනිස්සු කියවන්න

දිනපතා රසබර,අරුත් බර පුවත් දැනගන්න අපේ ගොසිප්ලන්තය-gossipland පිටුව ලයික් කරන්න.ස්තුතියි !


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :