ads
News
Loading...

නෙළුව කුඩා රක්ෂිතය රකින හොද මිනිස්සු

 
   සටහන : කසුන් නදීර 

නෙලුව කියන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයේ කොනේම පිහිටි සුන්දර ගමක්. නෙලුව ගැන කතා කරන කොට අමතක කරන්න බෑ සිංහරාජය ගැන. නෙලුව කියන්නෙ සිංහරාජයට වගේම තවත් කුඩා රක්ෂිත වනාන්තර වලට වටවෙලා තියෙන ගමක්. නෙලුවෙ ඉදන් මොරවකට යනකොට හැමෝම දකින ලොකු කන්දක් තියෙනවා. ඒකට කියන්නෙ කලුබෝවිටියන කන්ද කියල. දන්න විදියට ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන උසම කන්ද. සිංහරාජය වගේම කලුබෝවිටියන රක්ෂිත වනාන්තරයත් ලස්සනයි. 

කොහොම හරි පහුගිය අප්‍රෙල් මුල කලුබෝවිටියන රක්ෂිතයෙ පහල ප්‍රදේශය ගිණි ගත්තා. ඇත්තටම කවුරු හරි ගිණි තියලා. කැකිල්ල පිරිලා තියෙන ප්‍රදේශයේ හෙක්ටයාර 3ක් විතර ගිණි අරන් තිබුණා. ඒ ගින්න නිවන්න නෙලුව අඩවි වන කාර්‍යාලයේ නිළධාරීන් එක්ක ගම්වැසියන් එකා මෙන්ම වෙහෙසුනා. හෙලිකොප්ටර් දෙකකින් වතුර දාන්න ගුවන් හමුදාවත් ආවා. ඔක්කොම එකා වගේ එකතුවෙලා ගින්න නිව්වා.  

හරියටම මාසදෙකක් යන්නට කලින් අර ගිණි ගෙන දැවුනු කලුබෝවිටියන රක්ෂිත කොටසේ ආපහු පැළ හිටවන්න, එහෙම නැත්තම් වන වගාවක් කරන්න නෙලුව අඩවි වන කාර්‍යාලයේ නිළධාරීන් කටයුතු කළා. ඒ ගැන ගම්වැසියන් දැනුවත් කළාම ඒ මිනිස්සු එක පයින්ම ඒකට කැමතිවුණා. ගමේ සමිති දෙකක් හරහා ජනතාව දැනුවත් කළේ අඩවි වන නිළධාරිතුමා. ඒ වගේම කන්නැලිය මධ්‍යම පැළ තවානෙන් කුඹුක, මී, පෙලෙන්, හොර වගේ වන පැළ 1000කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්න ඔවුන් කටයුතු කළා. 

පහුගිය සෙනසුරාදා මේ පැළ හිටවන්න සැළසුම් කළා. මිනිස්සුත් පුලුවන් විදියට සහභාගි වුණා. නෙලුව අඩවි වන කාර්‍යාලයේ නිළධාරීන්ගේ අධීක්ෂණය සහ උපදෙස් එක්ක මිනිස්සු හැමෝම අර පැළ හිටෙව්වා. බාල මහලු සියළු දෙනා මේකට සහභාගි වුණා. හවස් වෙනකොට ඒ පැළ ඔක්කොම හිටෙව්වා. පැළ අතර දුර, වළේ ප්‍රමාණය වගේ තාක්ෂණික දේවල් අඩවි වන කාර්‍යාලයේ නිළධාරීන් විසින් කලින් දවස පුරාම සැළසුම් කරලා තිබුණා. මිනිස්සු ඔක්කොම ඒ උපදෙස් එක්ක පැළ හිටෙව්වා. 

සැණකෙලි සංදර්ශන නෑ. ලොකු ප්‍රචාර නෑ. සල්ලි හිඟාකන්න ගියේ නෑ. බොහොම වටින වැඩක් නිළධාරීන් සහ ගම්වැසියන් එකතු වෙලා ලස්සනට කළා. 

ඒ අතරතුර ලැබුණ රසවත්ම දේ තමයි පැණි බේරෙන හැළපයි හකුරුයි පොල් කට්ටට දාපු කහට එකයි . ඔක්කොටම වඩා එකම එක කූඩැල්ලෙක්වත් හිටපු නැති එක.
 






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :