ads
News
Loading...

දකුණු ආසියාවෙි උසම සන්නිවෙිදන කුළුණ ලෝටස් ටවර් එක ගැන නොදන්න විස්තරේ


     අද ලංකාවට විතරක් නෙවෙයි දකුණු ආසියාවටම විශේෂ දවසක්.නෙළුම් කුළුණ දකුණු ආසියාවෙි උසම කුළුණ කොළඔ දී ජනතාවට පැවරීම සිදුවුනා.ඉතින් ගොසිප්ලන්තය අපි හිතුවා නෙළුම් කුළුණ ගැන නොදන්න විස්තර ටිකක් ඔයාලට කියන්න.

නෙළුම් කුළුන ශ්‍රී ලංකාවේ ඉදිවෙන උසම ඉදිකිරීම වන අතරම එය දකුණු ආසියාව් උසම ඉදිකිරීම ලෙසද වාර්තා අතරට එක් වීමට නියමිතයි. ඒ වගේම ලෝකයේ අන් රටවල ඉදි කර ඇති උසම ඉදිකිරීම් අතරින් නෙළුම් කුළුනට හිමි වන්නේ 19 වැනි ස්ථානය.

2012 වසරේ දෙසැම්බර් 01 වැනි දින නෙළුම් කුළුනේ ඉදිකිරීම් ආරම්භ වන අතර 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේ එහි ඉදිකිරීම් නිමා කිරීමට කටයුතු කර තිබුනු නමුත් මේ වැඩ කටයුතු තව මාස කිහිපයකින් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 140.3 පමණ දැවැන්ත ආයෝජනයක් වන අතර මේ සඳහා ණය සපයන්නේ චීන රජයෙනි. නෙළුම් කුළුනේ සම්පූර්ණ ඉදිකිරීමෙන් පසු අකුණු සන්නායකයද සහිතව එහි සම්පූර්ණ උස මීටර 356 ක් පමණ වේ. මෙහි වපසරිය වර්ග මීටර 30,600 ක් පමණ වේ. 

මෙමගින් රටට ලාභ ලබා දෙන ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීමයි.නෙළුම් කුළුන ඉදිකිරීම සඳහා යොදාගත් බ්ම් කොටසේ ජීවත් වූ කොළඹ අඩු ආදයම් ලාභී පවුල් මේ වන වන විට වෙනත් ස්ථාන වල පදිංචි කර තිබෙනවා.

නෙළුම් කුළුනේ ඉදිකිරීම් සඳහා යොදා ගත් මීටර 350 ක් පමණ උස දොඹකරය ලංකාවේ
ඉදිකිරීමක් වෙනුවෙන් භාවිතා කළ උසම දොඹකරය ලෙස ලෝක වාර්තා අතරට එක් වී ඇත.කුළුනේ පහළ සිට ඉහළ ට කොටස් එකිනෙක විස්තර කර ගත හැක.

කුළුනේ පාදම කොටස මහල් හතරකින් යුක්තයි.

◦ බිම් මහල
මෙහි මුළුතැන් ගෙය සහ ගොඩනැගිල්ලේ විදුලි හා වායු සමීකරන උපාංග වලින් යුක්ත වේ.

◦ පළමු මහල
පිවිසුම් ශාලාව , කලා ගාරය , අමුත්තන්ගේ ශාලාව , ප්‍රදර්ශන ශාලාව හා කෞතුනාගාරය ආදියෙන් සමන්විත වේ.

◦ දෙවන මහල
මෙහිද අමුත්තන්ගේ ශාලාවක් , ප්‍රදර්ශන ශාලවක් සහ සම්මන්ත්‍රණ ශාලාවකින් යුක්ත වේ.

◦ තෙවන මහල
පරිපාලන කාර්යාලය ඉදිකර ඇත්තේ මේ තුළයි.

ඉන් පසු තිබෙන කුළුනේ කඳ කොටස ශක්තිමත් කොන්ක්‍රීට් වලින් ඉදිකර තිබේ. විදුලි සෝපාන 5ක් ගමන් කිරීමට මෙම කොටස යොදා ගැනෙයි. මෙහි සෝපාන 3ක් තත්පරයට මීටර 7 ක වේගයකින් ගමන් කරන අතර අනෙක් සෝපාන 2 තත්පරයට මීටර 5 වේගයෙන් ගමන් කරයි. ලංකාවේ වේගවත්ම විදුලි සෝපානය මෙය වේ.

කුළුනේ ඉහල නෙළුම් පොහොට්ටුවේ හැඩය ගත් කොටස මෙහි ප්‍රධානම කොටස වේ. කුඩාවට පෙනුනද මෙය මහල් හතරකින් යුක්ත වේ.

පළමු මහල හා දෙවන මහල
ගුවන් විදුලි හා රෑපවාහිනී සම්ප්‍රේෂණ පාලක මැදිරි සඳහා මෙම මහල් දෙක වෙන් කොට ඇත. මෙම කුළුනේ ප්‍රධාන අරමුණ වන්නේද සන්නිවේදන සම්ප්‍රේෂණයයි.

තෙවන මහල
අමුත්තන් 1000 කට පහසුකම් සපයා ඇති සුකෝපබෝගී උත්සව ශාලාවක් මේ තුළ නිර්මාණය කර ඇත. මීටර 230 ක් පමණ ඉහලින් පිහිටි මෙය ශ්‍රී ලංකාවේ උසම ස්ථානයේ පිහිටි උත්සව ශාලාව ලෙසද වාර්තා අතරට එක් වෙනු ඇත.

සිව්වන මහල
නෙළුම් කුළුනේ සුවිශේෂීම අංගය ඇත්තේ මේ තුළයි. එනම් කැරකෙන ආපන ශාලාවයි. මෙය පැය එක හමාරක් තුළ එක් වටයක් කරකැවෙන අයුරින් නිර්මාණය කර ඇත. එමෙන්ම මෙහි අමුත්තන් 600 කට එක වර භාවිතා කිරීමේ ඉඩ පහසුකම් සපයා ඇත.

පස් වන සහ හය වන මහල
මේ මහල් දෙකෙහිද අධි සුකෝපබෝගී කාමර සහිත හෝටල් දෙකකින් යුක්තයි.

සත් වන මහල
උස මීටර 245 කින් යුක්ත නැරඹුම් මහල මෙතුළ නිර්මාණය කර ඇත.මේ නැරඹුම් මහල හරහා කොළඹ විචිත්‍රවත් දර්ශන දැක ගැනීමට හැකි අතරම අළුයම් කාලයේදී එහි සිට ශ්‍රී පාදස්ථානය පවා නැරඹීමට අවස්ථාව ඇත.

අට වන මහල
වායු සමීකරණ සහ විදුලි උපකරණ මෙතුළ ගබඩා කර ඇත.

කුළුනේ ප්‍රධාන ඇන්ටනාව පොළොවේ සිට මීටර 253 සිට ආරම්භ වී මීටර 350 ක් දක්වා ඉහලට ඉදිවෙන අතර මෙහි විවිධ තරංග සංඛ්‍යාත පරාසයන් යටතේ අධි බලැති සන්නිවේදන හා සම්ප්‍රේෂණ උපාංග සවි කිරීමේ හැකියාව තිබේ.. උපුටා ගැනීමකි. 

විදේශීය,දේශීය ආදායමක් ලැබිය හැකි මෙවැනි ජාතික සම්පතක් රටට ලබාදීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු නිලධාරීන්ට මාගේ ගෞරවය පුද කරමි. Rankoth - ශ්‍රී.







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :