ads
News
Loading...

අයිතිය ගන්න ගිය හොර ප්‍රකාශකයෙක් ?

           ගිය සතියෙ එක්තරා  පොත් ප්‍රකාශකයෙක් එක්තරා ප්‍රකට කෘතියක් ගැන තමන්ගේ අලෙවි ප්‍රයෝග භාවිතා කර තිබුනු අතර ඒ පිළිබඳව සැබෑ අයිතිය ඇති ආශිර්වාද ප්‍රකාශකයන්ට බව ගොසිප්ලන්තය අපට දැනගන්න ලැබුනා.ඒ ගැන සටහනකි මෙි.

  අන්තර්ජාතික බුද්ධිමය දේපල පනත යටතේ පරිවර්තන සඳහා මුල් ලේඛකයාගෙන්/ප්‍රකාශකගෙන් අවසරය ලබා ගත යුතුය. එහිදී එය යම්කිසි මුදලකට හෝ නොමිලයේ ද යන්න ලේ අදාල ලේඛකයා හෝ ප්‍රකාශකයා ගන්නා තීරණය අනුව පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන ආයතනය ගිවිසුමකට එළඹිය යුතුය. එසේම ගිවිසුම්ගත ආකාරයට ගෙවීම් කළ යුතුය. මේ සම්බන්ධයෙන් මෑත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ද ප්‍රකාශයින් විසින් ලොව ජනප්‍රිය සහ අලෙවි වාර්තා තැබූ ග්‍රන්ථ නීත්‍යානුකූල අවසරයකින් යුතුව පරිවර්තනය කර ප්‍රකාශයට පත්කිරීමට යොමුවී ඇත. එවිට එකම පොත ආයතන එකකට වැඩි සංඛ්‍යාවක් මගින් පරිවර්තනය කර ප්‍රකාශයට පත්කිරීමේ දී ඇතිවන අපහසුතාවයට තිත තැබීමක් ද සිදුවේ.
      බොහෝ පරිවර්තකයින් කරනු ලබන්නේ තමන් විසින් කියවා රසවිඳි ග්‍රන්ථයක් තම පාඨකයා අතට පත්කිරීමේ සද්චේතනාවෙන් යුතුව එය තම මව්බසට පරිවර්තනය කර ප්‍රකාශයකයකු සොයා ගොස් ඒ පොත බාරදීමයි. ප්‍රකාශන සමාගම ඒ පොත මේ වන විට වෙළඳපොලට නිකුත් වී නැති බව දැනගත් පසු ඒ සඳහා අදාල පාර්ශ්ව වෙත පරිවර්තනයේ අයිතිය සඳහා ඉල්ලීම් කරනු ලබයි. එවැනි බොහෝ අවස්ථාවල පරිවර්තනය අයිතිය වෙනත් කිසිවකු විසින් ඒ වන විටත් ලබාගෙන නොතිබේ නම් ඉල්ලුම කරන ලද ප්‍රකාශන ආයතනය හට එම අයිතිය ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා කර්තෘගේ පාර්ශ්වයෙන් කෙරෙන යෝජනාවලියට එකඟවීමට හෝ ඒ සම්බන්ධයෙන් කේවල් කිරීමෙන් පසු එළඹෙන ගිවිසුම් ප්‍රකාරව පොත ප්‍රකාශයට පත් කර ගැනීමේ හැකියාව ඇත. එහිදී අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන අතර එය දෙපාර්ශ්වය අතර ඇතිකරගන්නා ගිවිසුම් ප්‍රකාරව සිදුකරනු ලබයි. නමුත් සමහර අවස්ථාවල එසේ ප්‍රකාශන අයිතිය ලබාගැනීමට යාමේදී ඒ සඳහා වෙනත් ප්‍රකාශන ආයතනයක් මගින් අවසර ගෙන ඇති නම්, සහ එම ප්‍රකාශන ආයතනය දැනට එම පොත නිකුත් කර තිබුණත් නැතත් එහි අයිතිය ඇත්තේ දෙවනුවට කී ආයතනය සතුවය. ඔවුන් එම පොත ප්‍රකාශයට පත් කිරීම ගිවිස ගත් කාලසීමාව තුළ සිදුකරනු ඇති අතර ඒ සම්බන්ධයෙන් තුන්වෙනි පාර්ශ්වයකට අයිතියක් නැත. නමුත් පෙරකී ආකාරයට පරිවර්තකයකු විසින් බාරදෙන ලද ග්‍රන්ථයක් පරිවර්තන කාර්යය කර අවසන් බැවින් එය මුද්‍රණය කර බෙදාහැරීම කිරීමට පළමුව ප්‍රකාශන ආයතනයට හැකියාවක් නැත. එය පරිවර්තකගේ කාලය සහමුලින් ම අපතේ යාමක් වනු ඇත.

     ලෝකයේ කාලයෙන් කාලයට ජනප්‍රිය වන ශානර ඇත. කර්තෘවරුන් ඇත. ඒ ආකරයට ජනප්‍රිය සහ අලෙවි වාර්තා තබන පොත් පරිවර්තනය සඳහා ප්‍රකාශකයන් පෙළෙඹෙන්නේ එයින් ඔවුන්ගේ ව්‍යාපාරය ද තම පාඨකයන් හට හොඳ පොතක් ලබා දීමේ ද චේතනාව පෙරදැරි කරගෙනය. යම්කිසිවකු විසින් ජනප්‍රිය හෝ අලෙවි වාර්තා තබන ලද පොතක් සඳහා අයිතිය තමන් සතු බව කියමින් එහි ප්‍රචාරක කටයුතු සහ පරිවර්තන කටයුතු ද මුද්‍රණ ද කටයුතු ද කරගෙන යන්නේ නම් බොහෝ විට අනෙකුත් ප්‍රකාශකයන් ඔවුන්ගේ සත්‍යවාදී බව විශ්වාස කර එම ග්‍රන්ථය පිළිබඳ තමන්ගේ උනන්දුවක් තිබ්බත් එය පසෙක ලා වෙනත් අතක් බලාගැනීම සිදුවේ. එනමුත් එම අයිතිය තවත් අයකු ලබාගෙන තිබියදී, වෙනත් පාර්ශ්වයක් එහි පරිවර්තන අයිතිය තිබෙන්නේ තමන්ට යැයි කියනවා නම් එහි ඇත්තේ සාවද්‍යභාවයක් සහ වංචනික චේතනාවකි. එසේ තිබියදී එහි ප්‍රචාරක කටයුතු සහ පරිවර්තනයට ද අමතරව පෙරගෙවුම් ක්‍රමයට පොත් ලබා දීමේ පොරොන්නදුව මත පාඨකයාගෙන් මුදල් එකතු කරන්නේ නම් ඒ ගැන තවත් වරක් සිතිය යුතු නොවන්නේද? ලංකාවේ බොහෝවිට පළමු මුද්‍රනය පොත් දහසකි. ඒ ආකාරයට කව්රුවන් හෝ දෙවන මුද්‍රණයකට ද යන බව පවසා පළමු මුද්‍රණයේ පොත් සියල්ල පෙර ඇනවුම් ලබාගෙන අවසන් යයි කියමින් එක් පොතක් හෝ ලැබුණු බවට කිසිම සාක්‍ෂියක් හෝ නොමැතිව, ඒ තබා ප්‍රකාශකයා සතුව හෝ එකදු හෝ පොතක් නොමැතිව ව්‍යාපාර ප්‍රචාර කටයුතු සඳහා පාඨකයින් අද්දවා ගැනීමේ චේතනාවෙන් දෙවන මුද්‍රණයක් සඳහා ද යන බව පැවසීම මහත්ම ප්‍රෝඪාවකි.
    තම ප්‍රකාශන ආයතනයට පරිවර්තනයේ පූර්ණ අයිතිය හිමි බව ඔවුන් මුලින්ම සමාජගත කරන්නේ 2019 ජනවාරි 20 දිනය. නමුත් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ඊමේල් පණිවුඩ අනුව ඔවුන් වෙත ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් පෙර ප්‍රචාරයක් දීමට ක්‍රියාකර ඇත. නමුත් මේ සම්බන්ධයෙන් වෙනත් ආයතන කීපයක් ද විමසුම් කරමින් සිටි අතර ඔවුන් අතරින් එක් අයකු හා ගිවිසුමට පිවිස ඇති බව පෙනී යයි. ඒ සඳහා ඉහත කී ආයතනයට අමතරව තවත් ආයතන තුනක් මේ සම්බන්ධයෙන් විමසුම් කර ඇති බව හෙළි වී ඇති අතර එයිනුත් කර්තෘ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ අනුමැතිය සහිතව ගිවිසුමකට එළඹීමට හැකියාව ඇත්තේ එක් පාර්ශවයක් සමග පමණි. එම ගිවිසුමට එළඹි පාර්ශ්වය ගිවිසුමෙන් පසු මේ ආකාරයට වෙනත් ආයතනයක් විසින් මේ සම්බන්ධ ප්‍රචාරක කටයුතු සහ පෙර ඇනවුම් ලබාගන්නා බව කර්තෘ හා ඔවුන්ගේ නියෝජිතයන් දැනුවත් කර එය අත්හිටුවන මෙන් ඉල්ලා ඇත. එහිදී එම ඉන්දීය නියෝජිතයන් ප්‍රචාරක කටයුතු කරන ආයතනය වෙත විවිධ අවස්ථාවලදී දුරකථන හා ඊමේල් මගින් ඔවුන් දැනුවත් කර මේ සම්බන්ධ අයිතිය ඇත්තේ අහවල් ප්‍රකාශකට බව දැනුම් දී ඇත. නමුත් එම පුද්ගලයින් එය නොතකා හරිමින් දිගින් දිගටම ප්‍රචාරක කටයුතු කරමින් ඔවුන් අපහසුතාවයට පත්කරන නිසාත්, පාඨකයන් මුලා කරමින් මුදල් ලබා ගැනීමේ යෙදී සිටීම නිසාත් ඒ වන තුරුත් මුද්‍රණය කර බෙදා හැරීමක් සිදුකර නොතිබූ පොත වෙළඳපලට නිකුත් වීම වැලැක්වීමේ අරමුණෙනුත් ඔවුන් විසින් ම අදාල පාර්ශ්වයට ඊමේල් මගින් දැනුම් දී ඇත. නමුත් ඔවුන් එය ද නොතකා හැරිය බැවින් මේ ආකාරයට සමාජ ජාල හරහා ඔවුන් මහජනතාව දැනුවත් කර ඇත.

ඉංදියානු ප්‍රකාශන අායතන විසින් අදාල ප්‍රකාශකයා වෙත යැවූ ඊමෙිල් පණිවිඩ පහළින්
    
      








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :