චෙක්පතෙහි සදහන් අගය රුපියල් මිලියන දහනවදහස් හාරලක්ෂ දහදාහක්.....
රාජපක්ෂ පාලන සමයෙහි චීනය සමඟ පැවැත්වූ අයථා මුදල් ගනුදෙනු පිළිබදව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත් හෙළිදව්වට පසු තවත් අලුත් හෙළිදරව්වක් ගැන අමාත්‍ය රන්ජන් රාමනායක විසින් පහුගියදා පාර්ලිමේන්තුවෙිදී හෙලිදරව්වක් කලේය.ඒ ජාතික විගණන පනත පිලිබඳව ඇතිවූ විවාද අවස්ථාවෙිදීයි.මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේ අදාල චීන සමාගම විසින් එවකට ආර්ථික ඇමතිව සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිදවන පුෂ්පා රාජපක්ෂ හට අදාල කුප්‍රකට සමාගම විසින් චෙක්පතකින් මුදල් ගෙවා ඇති බවයි.ඒ මහතා විසින් ප්‍රශ්න කරන ලද්දේ ඇයට අදාල සමාගම කුමන අරමුණකින් මුදල් ගෙවන්නේද යන්නයි.
කෙසේ වෙතත් රන්ජන් අමාත්‍යවරයා අදාල හෙළිදරව්ව සාක්ෂි සහිතව මෙසේ ඉදිරිපත් කර ඇත.එහි චෙක්පතක සදහන් අගය රුපියල් මිලියන දහනවදහස් හාරලක්ෂ දහදාහක් වනවා.මෙි සම්බන්ධ පූර්ණ පරීක්ෂණ පවත්වන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.මෙය පෞද්ගලික ගිණුමකට බැර වීම පිළිබඳව ප්‍රශ්නකාරී වාතාවරණයක් දැන් උදාවී අවසන්.
![]() |
අදාල ආයතනය පුෂ්පා රාජපක්ෂ ගේ නමට ලියන ලද චෙක්පත |
![]() |
මුදල් ලබාදුන් බවට සමාගමෙි ඉන්වෙයිස් පත |
![]() |
පුෂ්පා රාජපක්ෂ පදනමට ගෙවූ බව වරාය අධිකාරියට දැන්වූ ලිපිය |
0 Comments :
Post a Comment