ads
News
Loading...

අනුරුද්ධගෙ ඔස්කා යන චිත්‍රපටියෙ ඇත්ත කතාව


 සටහන-නිහාල් පීරිස්
අනුරුද්ධගේ චිත‍්‍රපටය පිලිබද ප‍්‍රවෘත්තිය ගැන මම ඔහු සමග කතා කළා. මෙහි දී සිදු වී ඇත්තේ ඔස්කාර් උළෙලට චිත‍්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දියානු චිත‍්‍රපට ප‍්‍රවර්ධන සමාගමක් චිත‍්‍රපටය නරඹා එය 'හොදම චිත‍්‍රපටය' යන කාණ්ඩය යටතේ  ඉදිරිපත් කිරීම සදහා තෝරා ගැනීමයි. ඔස්කාර් උළෙලේ තරග කිරීමේදී වට කිහිපයක් සදහා ඉදිරිපත් වීමට සිදු වෙනවා. එහි පළමු වටය සදහා මෙම චිත‍්‍රපටය ඉදිරිපත් කිරීමට ඉහත කී All Lights Film Services නැමැති සමාගම කැමති වී තිබෙනවා. ඒ අතර චිත‍්‍රපටය  සීමිත කාලයක් ඇමෙරිකාවේ  ප‍්‍රදර්ශණය කිරීමටත් මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව අනුරුද්ධ සදහන් කළා. මේ ආකාරයෙන් ඔස්කාර් උළෙලේ මුල් වටයක් සදහා හෝ ඉදිරිපත් කිරීමට සුදුසු මට්ටමක චිත‍්‍රපටය ඇති බවට ඉන්දියාව වැනි රටක චිතපට ප‍්‍රවර්ධන සමාගමක් තීරණය කරන්නේ නිකම්ම වෙන්න බැහැ. එය චිත‍්‍රපටයේ ප‍්‍රමිතිය පිලිබද යම් සහතිකයක් ලෙස සැලකිය හැකියි. මෙම මුල් වටයෙන් පසු ඉදිරි වටවලටත් අනුරුද්ධගේ චිත‍්‍රපටයට ගමන් කිරීමට හැකි වුවහොත් එය නිසැකවම ලොකු ජයග‍්‍රහණයක් වනු ඇති. අපි ඔහුට සුබ පතමු.

ඒ වගේම මෙවැනි කටයුත්තක් සදහා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතිනත  ගැනීමත් වැදගත් කාරණාවක්. ලංකාවේ සිනමාව සදහා ජාත්‍යන්තර සබදතා සහ වෙළෙදපොලවල් ඉතා අවශ්‍යව ඇති යුගයක එය සතුටු විය හැකි කාරණයක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :