ads
News
Loading...

ජනවාරියේ එන අජයගෙ සියවැනි රංගනය


චාරුණී ජයවර්ධන 

  අපි කවුරුත් ආදරය කරන “Ajay Devgan”
අද ඔහුගේ 100 වන චිත්‍රපට නිර්මාණය සමරණු ලබනවා.ඒ “Tanhajj”  චිත්‍රපටයේ ආගමනයත් සමග.

අජේ දේව්ගන් ඉන්දියානු බොලිවුඩ් සිනමා නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක්. නළුවෙකු ලෙස ඔහුගේ මංගල දර්ශනය පැමිණියේ Phool Aur Kaante (1991) චිත්‍රපටයෙන් වන අතර ,මංගල චිත්‍රපටයෙන්ම ඔහුට හොඳම පිරිමි රංගනය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගැනීමට පවා හැකි වෙනවා.♥️😍

චරිතාංග නළුවෙකු වන Ajay , විටෙක පියෙක්,සොහොයුරෙක්,ප්‍රේමවන්තයෙක් , පොලිස් නිලධාරියෙකු,රාජ්‍යසේවකයෙකු,උන්මත්තකයෙකු,
පුතෙකු,දුෂ්ඨයෙකු, ලෙසත් එපමණක් නොව විකට රංගනයන්ගෙන් ද ඔහුගේ දස්කම් පෙන්වා ඇත.
එතෙක් මෙතෙක් සිනමා ජිවිතය තුල බොහෝ සුළු පිරිසකට පමණක් හිමි වන මෙම අවස්ථාවට හිමිකම් කීමට Ajay සමත් වීමද විශේෂයත්වයකි.
තමන්ට ලැබෙන ඕනෑම චිත්‍ර පටයකට හොද සාධාරණයක් කරන්න අජේ සමත් වෙනවා.
සාර්ථකවීම් ආසාර්ථක වීම් මැද පසු නොබසින ඔහු සියළු දේ සම සිතින් දරාගෙන ආ මෙම ගමන මල් ඇතිරිල්ලක් නොවුනත් අද ඔහු ආ ගමන් මග ඔහු වෙනුවෙන් වෙස්වලා ගත් ආශිර්වායක් වී හමාරය.
චිත්‍රපට 100 ට දායක වෙනවා කියන්නේ එතරම් පහසු කාර්යයක් නොවන අතර ,කලාකරුවෙකු ලෙස මෙතරම් දීර්ඝ ගමක් පැමීණිමට හදවතින්ම සුභ පැතුම් එක් කරනවාත් සමග සියහසක් රසිකයන් ගේ ආදරයත් ආශිර්වාදයත් සමග තවත් චිරාත් කාලයක් කලා ලොව වැජබේවා යැයි එක සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.

සමාජ මාධ්‍ය හරහා ද Ajay ට සුභ පැතුම් එක් කිරීමට සුපිරි නළු SRK  ද Ajay ගේ ආරණීය බිරිද වන Kajol  ඇතුලු සහෘද කලා කරුවන් සිල්ලන්ම අමතක කරේ නැත.😍 

The Unsung Warrior (Tanhaji)යනු ඉන්දියාවේ චරිතාපදාන කාලපරිච්ඡේදයේ නාට්‍යමය චිත්‍රපටයක් වන අතර අජේ දේව්ගන්, සයිෆ් අලි ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කාජල් ආරාධිත අමුත්තන් ලෙස පෙනී සිටී. ... අජේ දේව්ගන් සුභෙදර් ටනාජි මාලුසරේගේ චරිතය, සයිෆ් අලි ඛාන් උදයභන් රතෝඩ් ලෙසත්, කාජල් සාවිත්‍රි මාලුසාරේගේ චරිතය නිරූපණය කරයි.මෙය 2020  ජනවාරි මස තිරගත වීමට නියමිතය.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :