ads
News
Loading...

වෙන්වෙයිද කියල අහන අයට අමුතු උත්තරයක්


      යූ ටියුබ්කරලියේ ඉන්න ජනයි ප්‍රියයි පහුගිය දවසග එයාලගෙ මිත්‍රත්වය ගැන මෙි විදිහ ගැන මෙි විදියට කියල තිබුනෙ චමල් රත්නායක.


රංග ලසන්ත ජයකොඩි..... මට හම්බවෙන්නෙ 2011. ඒ මම සුදත් රෝහණයන්ගෙ ගිරිකුල ටෙලිනාට්‍යයෙ සහය අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කරන කාලෙ. ඒ ටෙලිනාට්‍යයෙ ප්‍රධාන චරිතයක් රගපාපු මගේ ප්‍රාණ සමාන මිත්‍ර මදුෂාන් හත්ලහවත්ත මාර්ගයෙන්. 2011 එක්තරා හවසක මමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයි මදුෂාන් හත්ලහවත්තයි පුංචි සාදයකට ලෑස්ති උනා... තැන DV2\2L, මැනිං ටවුන් මහල් නිවාස, නාරාහෙන්පිට, කොළඹ 8... හදිසියෙම මදුෂාන් කිව්ව " චමලා මං යාළුවෙක්ට එන්න කිව්වට කමක් නැද්ද මෙතනට..ඌ වැඩ කරන්නෙ ITN එකේ. වාත වෙන එකෙක් නෙවෙයි. ඌ ගෙන්න ගත්තොත් මට උගේ බයික්එකේම යන්න පුලුවන්" කියල. මමත් මස්ඉඹුලත් ඒකට විරුද්ධත්වයක් දැක්වුවෙ නෑ. 
ටික වේලාවකින් ආවා උස හීන්දෑරි කොල්ලෙක්. ටිකක්
මුඛරි එකෙක්... ඒ තමයි රංග ලසන්ත ජයකොඩි.ඒ සභාවෙ මම කතානායක නිසා මම එච්චර කැමතිඋනේ නෑ තව කෙනෙක් එතන හිට් වෙනවට.... ඒ නිසා මම මේ චරිතය ගණන් ගත්තෙ නෑ... කොටින්ම වචනයක්වත් කතාකලේ නෑ... කාලය හීමීට ගෙවිලා ගියා. 2011 මම ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න ගත්ත..."සසර සේයා"....... මුල් එපිසෝඩ් 6 ෂූට් අමාරුවෙන් කරල....බොහොම අමාරුවෙන් අම්මගෙ රත්තරං බඩු ටික උගස් කරක තීම් සෝන් එක කරගත්තා. ඒත් ඒක එඩිට් කරගන්න සල්ලි තිබ්බෙ නෑ. දස අතේ කල්පනා කරද්දි ටක් ගාලා ඔළුවට ආවා මදුෂාන්ගෙ ITN එකේ යාලුව Editor කෙනෙක් කියල... ලොකු කම පැත්තක තියල ගියා මම ITN එකට. " මචං රංග මට මේ තීම් සෝන්ග් එක එඩිට් කරල දියන්. නාට්ටිය චැනල් එකකට දාගන්න බෑ මේක නැතුව. මගේ අතේ සල්ලි නෑ. පොඩියට මේක කරල දීපන්" මම ගහෙන් බැහැල ඇත්තම කිව්ව. " හරි මචං මං කරල දෙන්නම්" එක වචනෙන් මට වැඩේ කරල දුන්න... ඒ තමයි රංගයි
චමලුයි යාලුකමේ මුල.... එතනින් එහාට සංෂිප්තව කියන්නම්..
මට නාට්ටිය චැනල් එකකට දාගන්න බැරි උනා... හතර වටේ නය උනා... කොළඹ සේරම දමල ගහල මං ගමේ ගියා. රංගගෙන් මං එක ඉල්ලීමක් කරා. ඒ මට ITN එකේ රස්සාවක් හොයල දෙන්න කියල. ඒ උත්සාහය සාර්ථක උනේ නෑ.. මම පස්සෙ කිව්ව මට මොකක් හරි රස්සාවක් හොයල දියන් කියල. රංග මට රස්සාවක් හොයල දෙන්න සෑහෙන්න මහන්සි උනා..මාසයක් විතර ඇතුලත රංග මට රස්සාවක් හොයල දුන්න... ඇඩ්වටයිසින් ඒජන්සි එකක.... ඩ්‍රාම සෙක්ෂන් එකේ. එතන හිටියේ මගේ පරණ මිත්‍රයෙක් වෙච්ච චාමර ප්‍රසන්න කොඩිතුවක්කු. 2012 මගේ ජීවිතේ මං ලබපු ලොකුම මාසික පඩිය මට ලැබුනා. එදා මම පඩි පැකට් එක රංග අතට දීලා කිව්වා මචං උඹට පිං කියල. එතකොට රංග ITN ඉන්න ගමන් ඒ ආයතනෙ තාවකාලිකව වැඩ කරා.
ටික කාලෙකින් රංග ITN එකෙන් අයින් වෙලා ඒ ආයතනයට ආව ස්‍තිර සේවකයෙක් විදියට. පස්සෙ රංගගෙයි මගෙයි යාළුකම සහෝදර කමක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඔහොම ඉන්න අතරෙ අපි දෙන්න ජෝඩුවක් විදියට මිනිස්සුන්ට ආත්ල් දෙන්න ගත්ත. ගොඩාක් අය අපෙන් ආතල් ගත්තා. අපි දෙන්නම සතුටෙන් ඉන්න ආස මිනිස්සු. ලග ඉන්න අය සතුටින්  තියන්න උත්සාහ කරන මිනිස්සු....ඒ නිසා අපි බොහොම සත්භාවයෙන් මිනිස්සු හිනස්සන වැඩේ කරා. ඒ අතර තුර ෆෝන් එක අරගෙන ගිහින් පොඩි කතා දෙකක් ෂූට් කරල එඩිට් කරල බැලුව... ඒකට ජනප්‍රියයි ජනකාන්තයි කියල නම දැම්මා. ඒට ටික කාලෙකට පස්සෙ ඒ ආයතනයෙන් යෝජනා කරා ජනයිප්‍රියයි ජනකාන්තයි ප්‍රෝගෑම් එකක් විදියට ෂූට් කරන්න කියල. ඒ ආතනයේ පහසුකම්වලින් අපි  ජනයිප්‍රියයි ජනකාන්තයි කරා. කරාට පස්සෙ ඒ ආයතනය අපි එක්ක ගිවිසුමක් ගැහුව අවුරුදු 5ට නමේ ඉදල සියලුම දේවල අයිතිට ඒ ආයතනයට කියල. අපි ඒක එහෙමම පැවරුවා.... ජනයිප්‍රියයි ජනකාන්තයි එයාලට දීල රංගයි චමලුයි අපි තියාගත්තා. 
ටික කාලෙකින් අපි ඒ ආයතනයෙන් අයින් උනා.... Glitter Solution කියල අපේ ආයතනයක් පටන් ගත්ත.ඒකෙ ටික කාලයක් ඉන්න කොට එතන අයගෙන් යෝජනාවක් ආවා ජනයිප්‍රියයි ජනකාන්තයි ආපහු කරමු කියල. ඒත් අර ගිවිසුම නිසා අපි නිකං හිටිය. පස්සේ අපේ කැමරාමන් Gimantha Arampath සහ රවී ජේ ගෙ යෝජනාව අනුව අපි ජනයිප්‍රියයි ජනකාන්තයි ජනයිප්‍රියයි කියල වෙනස් කරල කරන්න අරගත්ත. 
මේක තමයි මූලික කතාව. ගොඩාක් අය මේක අහලත් ඇති. ඒත් මේක කියන්න හිතුනෙ මේකයි. පහුගිය ටිකේ අපේ සහෝදර යූටියුබ් නාලිකාව වෙන ලකසි සිකයි එකේ ප්‍රශ්නයක් ඇති උනා. දැන් පරණ සිකා වෙනුවට ඉන්න අලුත් සිකා කෙනෙක්. සිකාත් වෙනට චැනල් එකක් පටන් අරගෙන. එයාල අතර උන ප්‍රශ්නය අපි දන්නෙ නෑ. ඒ නිසා මම ඒ ප්‍රශ්නෙට විචරයක් කරන්න කැමති නෑ.
ඒත් ගොඩාක් අය මේ ටිකේ අපිට මැසේජ් එවනව, කමෙන්‍ට් දානව " උඹල දෙන්නනම් කැඩෙන්න එපා"කියල. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ජනයිප්‍රියයි කියන මේ Brand එකට තියෙන ආදරේ නිසා. ඒකට හදවතින් ස්තූතියි කරනවා. 
මට කියන්න ඕනි මෙච්චරයි.. ජනයිප්‍රියයි පටන් ගන්න හිතාගෙන රංගයි චමලුයි යාළුවො උනේ නෑ.... රංගයි චමලුයි කියන හොදම යාළුවො දෙන්නො එකතුවෙලා තමයි ජනයිප්‍රියයි කියල එකක් හැදුවෙ. ඒ නිසා මොනව හරි ගැටළුවක් ආවොත් අපි දෙන්න හෙට තෝරගන්න රංගයි චමලුයි කියන යාළුකම මිසක් ජනයිප්‍රියයි නෙවෙයි. අපි පරිස්සම් කරගන්න අපේ යාළුකම.... ඒක නිසා ජනයිප්‍රියයි කියනදේත් හොදට රැකිල තියෙයි කියල අපි හිතනවා...
මැසේජ් කරන, කමෙන්ට් කරන, කෝල් කරන අපේ ආදරණීය රසිකයන්ට කියන්නෙ... අපි දන්නව අපිට තියෙන් ආදරේ... අපිට අද මෙතනට ගෙනාවෙ ඔයාලා... ඔයාලගෙ විශ්වාසය අපි හදවතින්ම රකිනවා... ඒ නිසා බය නැතුව එක පොරොන්දුවක් දෙන්නම්.... ජනා නැතුව ප්‍රියාවත් ප්‍රියා නැතුව ජනාවත් ජනයිප්‍රියයි කරන්නෙ නෑ... හැබැයි ජනයිප්‍රියයි නැවතුනත් රංග චමල් කියන යාලුකම කවදාවත් වෙනසක් වෙන්නෙ නෑ... ඒ නිසා නම් ගම් වලට වඩා,  බිස්නස් වලට වඩා ගොඩාක් උඩින් යාලුකම් තියෙන්නෙ... ඒ නිසා වෙන කිසි මිම්මකින් අපි මනින්න එපා....
හැමදාම රංග චමල් යාළුකම තියෙනව... එතකල් අපි ඔයාලව හිනස්සන්න පොරොන්දු වෙනවා....
ආදරෙයි.....හැමදාම....
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :