ads
News
Loading...

ඩිජිටල් ඉඩම් මැනීම හොද දෙයක්ද




ඉඩම් ඩිජි­ට­ල්ක­ර­ණය මඟින් රජයේ සහ පෞද්ග­ලික ඉඩම් සිති­යම්ගත කිරීමේ අරමුණ; විදේ­ශි­ක­යන්ට මේ ඉඩම් පහ­සු­වෙන් විකු­ණන්න තියෙන හැකි­යාව ශක්ති­මත් කිරීමයි කියලා ‍චෝදනා­වක් නැඟෙ­නවා.

ඔය කතාව පද­නම් විර­හි­තයි. එහි කිසිදු සත්‍ය­තා­වක් නැහැ. අපේ මූලික අර­මුණ මේ රටේ සිය­ලුම ඉඩම් සිති­යම් ගත කිරී­මයි. එම­ඟින් බොහෝ ඉඩ­ම්වල තියෙන ගැටලු නිරා­ක­ර­ණය කර­ගන්න පහසු වෙනවා. මේ රටේ තියෙන පෞද්ග­ලික වේවා රජයේ වේවා මේ කවු­රු­වත් තමන්ගේ ඉඩම් ගැන හරි අව­බෝ­ධ­යක් නැහැ. ඉඩ­මක් මිලදී ගන්න ගියොත් ඕනෑම කෙනෙක් එහි නිර­වු­ල්භා­වය හොයලා බල­නවා. පත්ඉරු ලබා ගන්නවා. ඒවා කාලා­න්ත­ර­යක් තිස්සේ ෆයි­ල්වල තිබිලා දූවිලි වැදිලා දුර්ව­ර්ණ වෙලා. ඇතැම් විට අතින් අල්ලන්න බෑ. ඒ තර­මට දිරා­පත් වෙලා. නමුත් ඉඩ­මක නිර­වුල් භාවය සොයද්දී ඒ දේවල් අවශ්‍ය වෙනවා.

ඒ සඳහා ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය වුණා. ඒ අනුව තමයි මේ ඉඩම් සිති­ය­ම්ගත කිරීමේ ව්‍යාපෘ­තිය ආරම්භ වුණේ. මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක වුණොත් විශාල වාසි­යක් සැල­සෙ­නවා. උදා­හ­ර­ණ­ය­කට ඔබට ඉඩ­මක් තියෙ­නවා කියලා හිතමු. ඒකේ හොටෙල් එකක් හදන්න කියලා මෙරට හෝ පිට­රට ආයෝ­ජ­ක­යෙකු ඇවිත් ඔබෙන් ඉඩම ඉල්ල­නවා. ඔහු ගෙවන්න හදන මුදල ඉතා විශාල වුණත් ඒ ඉඩම ඊට වඩා වටි­නවා. නමුත් ඔබට ඒක මිල කරන්න දන්නේ නැහැ. නමුත් ඔබේ ඉඩම සිති­යම් ගත වී තිබු­ණොත් එම ගනු­දෙ­නුව වඩා වාසි­දා­යක ලෙස කළ හැකි වෙනවා. මොකද මෙවැනි සිති­යම් මඟින් ලෝකයේ වෙනත් රට­වල එවැනි පරි­සර කලා­ප­ව­ලට තිබෙන වටි­නා­කම හොයා­ගන්න පුළු­වන්. ඒ අනුව ලෝකයේ එවැනි පරි­ස­ර­යක පව­තින වටි­නා­කම අනුව ඔබට එය විකි­ණී­මට හො බදු දීමට හැකි­යාව සැල­සෙ­නවා.


මේ ව්‍යාපෘ­තිය මඟින් සිදු වන කාර්ය මොනවද?

ඉඩම් කට්ටි නිර්මිත සිති­යම සහ රාජ්‍ය ඉඩම් වට්ටෝ­රුව සකස් කිරීම. ඔප්පු ලේඛ­නා­ගා­රය වැඩි­දි­යුණු කිරීම. ඉඩම් තක්සේරු කිරීමේ පද්ධ­තිය වැඩි­දි­යුණු කිරීම. ඉඩම් ප්‍රදාන ලියා­ප­දිං­චිය සහ ඔප්පු පරි­ව­ර්ත­නය (ඉඩම් අයි­තිය ඔප්පු ලිය­විල්ල පද­නම් කර­ගත් ක්‍රම­යෙන් හිමි­කම පද­නම් කර­ගත් ක්‍රම­යට හැර­වීම).

මේ ඉඩම් ප්‍රති­ප­ත්තිය සහ ඉඩම් පාල­නය රටේ සංව­ර්ධ­න­යට දායක කර ගන්නේ කොහො­මද?

රාජ්‍ය ඉඩම් සහ පෞද්ග­ලික ඉඩම් සම්බන්ධ අංග­ස­ම්පූර්ණ ඩිජි­ටල් දත්ත පද්ධ­ති­යක් ඇති කිරී­මෙන් විශේ­ෂිත ඉඩම් කලාප හඳුනා ගැනී­මට ඉඩ ලැබෙන නිසා ක්‍රම­වත්ව හා විද්‍යා­ත්මක ව රටේ භෞතික සංව­ර්ධ­නය සැල­සුම් කිරී­මට හැකි වෙනවා. පෞද්ග­ලික ඉඩම් ඔප්පු සහ හිමි­කම් පරි­ග­ණ­ක­ගත කිරීම මඟින් ජන­තා­වගේ ඉඩම් අයි­තිය තහ­වුරු වෙනවා. ඉඩම් සම්බන්ධ කට­යු­තු­ව­ලදී භෞතික ලේඛන ගබඩා කිරීමේ සහ සෙවීමේ ප්‍රමාද සහ ඒ ආශ්‍රිත සොර­කම්, ගිනි­ගැ­නීම්, වෙනස් කිරීම් සහ වංචා නිසා ඇති විය හැකි අප­හ­සුතා වළ­ක්වා­ගැ­නී­මට හැකි වෙනවා.

ජන­තා­වගේ ඉඩම් අයි­තිය තහ­වුරු කිරී­මෙන් ඉඩ­ම්වල ආර්ථික භාවි­තය වැඩි දියුණු වෙනවා. එම­ඟින් පෞද්ලික සහ ජාතික ආර්ථික වර්ධ­න­යට දාය­ක­ත්ව­යක් ලැබෙ­නවා.


MCC ගිවි­සුම මඟින් ඇති කරන MCA ශ්‍රී ලංකා පෞද්ග­ලික සමා­ගම ඔස්සේ ඇම­රි­කා­වට ඕන විදි­යට මේ කට­යුතු සිදු කරන බවට චෝදනා නැඟෙ­නවා.

එම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම සඳහා යෝජිත බල­ය­ලත් ආය­ත­නය වන MCA ශ්‍රී ලංකා පෞද්ග­ලික සමා­ගම, පාර්ලි­මේන්තු පන­තක් මඟින් පිහි­ටු­වී­මට තමයි බලා­පො­රොත්තු වන්නේ. එම සමා­ග­මට ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නියෝ­ජි­ත­යකු, අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ නියෝ­ජි­ත­යකු, වැඩ­ස­ට­හ­නට සෘජුව සම්බන්ධ අමා­ත්‍යාං­ශ­යක ලේක­ම්ව­රුන්, පෞද්ග­ලික අංශයේ නියෝ­ජි­ත­යෙකු සහ සිවිල් සමාජ නියෝ­ජි­ත­යන් දෙදෙ­නෙකු අයත් වෙනවා. මෙහෙ­ය­වීමේ බලය හිමි අධ්‍ය­ක්ෂක මණ්ඩ­ලය බවට පත් වන්නේ ඒ අයයි. ඔවුන් ශ්‍රී ලාංකි­ක­යන් මිසක් ඇමෙ­රි­කා­නු­වන් නෙමෙයි. ඒ නිසා ඔය චෝද­නාව පද­නම් විර­හි­තයි. මෙම සමා­ගම ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියා­ත්මක වන ඉ-ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මට පාර්ලි­මේන්තු පන­තක් මඟින් පිහි­ටු­වන ලද අයි සී ටී ඒ (ICTA) ආය­ත­නය වන අප ආය­ත­නය හා සමාන ආය­ත­න­යක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :