ads
News
Loading...

කල්ලන්ගෙ ගිනි නොනිවුනු හැටි



පසුගිය මැයි 25 දින ඇමරිකාවේ මිනියැපොලිස් හිදී 46 හැවිරිදි කළු ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ගෙන් එක් අයෙකු ඔහුව බිම දමා ගෙන ඔහුගේ ගෙල පෙදෙස තම දණහිසින් සිර කරගෙන සිටි අතර , ඒ අතරතුර අදාල කළු ජාතික පුද්ගලයා තමන්ට හුස්ම ගැනීම අපහසු බවත් කීප වරක් පවසන ලදී ..

මෙම සිදුවීමට මුහුණ දුන්නේ ජෝර්ජ් ෆොයිඩ් නම් 46 හැවිරිදි කළු ජාතික පුද්ගලයෙකි .. අදාල සිදුවීමෙන් පසුව අවසනාවන්ත ලෙස ඔහු මරණයට පත් වූ අතර එම සිදුවීම වීඩියෝ ගත කර සමජ මාධ්‍ය ජාල හරහා කඩිනමින් ඇමරිකාව පුරාවට හුවමාරු වන්නට වූ අතර රුපවාහිනී නාලිකාද එම සිදුවීමේ වීඩියෝ පටය විකාශනය කරන්නට විය ..
මෙම කුරිරු සිදුවීමට එරෙහිව කළු ජාතික තරුණයින් මෙන්ම මධ්‍යස්ථ මතදාරි පුද්ගලයින්ද දැඩි විරෝධය පල කරමින් විදි බසිමින් එම පොලිස් නිලධාරීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකොපකරිව හැසිරීමට පටන්ගත් අතර මෙම හේතුවෙන් ඇමරිකාව පුරාවට දැඩි විරෝධතා මේ වනවිට හට ගෙන ඇත ..
පොලිස් ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන ගිනි තබමින් ප්‍රකෝපකාරී පිරිස් හැසිරෙන්නට වී ඇති අතර මේ අතරවාරයේ අදාල සිදුවීමට මුළු දුන් පොලිස් නිලධාරීන් 4 දෙනා සිදුවීමට පසුදිනම සේවයෙන් පහ කර ඇත .. එසේම ඊට අමතරව මරණයට පත් වූ ජෝර්ජ් ෆොයිඩ් ගේ ගෙල පෙදෙස දණහිසින් සිර කරගෙන සිටි හිටපු පොලිස් නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත ..
එහෙත් මෙම සිදුවීමෙන් කුපිත වී ඇති පිරිස මේ වනවිටත් ඇමරිකාවේ විවිධ නගර පුරා විරෝධතා පවත්වන අතර තත්වය පාලනය කිරීමට සමහර නගර වල හදිසි තත්වය මෙන්ම ඇදිරි නීතියද පනවා ඇත ...
තත්වය හැකි ඉක්මනින් පාලනය කර ගන්නා ලෙස අදාල නගර වල නගරාධිපති වරුන්ට මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාර වරුන්ට මේ වනවිට ඇමරිකානු ජනපති වරයා දැනුම් දී ඇත .එසේම තවදුරටත් මෙම තත්වයන් ව්‍යාප්ත වුවහොත් ජාතික ආරක්ෂක හමුදා බල ඇණි කැදවීමට සිදුවන බවටත් ඔහු දැනුම් දී ඇත ..
මෙම තත්වය මත උද්ඝෝෂන නගර 75 ආසන්න ප්‍රමණයක පැතිර ගොස් තිබු අතර, නගර 40 ක පමණ පවතින තත්වයේ දරුණු බව නිසා ඇදිරිනීතිය ද පනවා තිබුණි
ජෝර්ජ් ෆොයිඩ් ගේ මරණය ගැන තමන් හා ඇමරිකානු ජනතාව කම්පා වන බවත් එසේ වුවත් ජනතාවට ප්‍රචණ්ඩකාරී ව හැසිරීමට ඉඩ දිය නොහැකි බවටත් ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත ..
ඇමරිකාවේ covid 19 ආසාදිතයින් තවමත් වාර්තා වෙමින් පවතින තත්වයක් පවතිද්දීත් එම සිදුවීම් ඉක්මවා , ජෝර්ජ් ෆොයිඩ් ගේ මරණය එරට තුල මෙන්ම ජාත්‍යන්තරයේද ප්‍රධාන පුවතක් වන තරමට නගර පුරාවට විරෝධතා හට ගෙන ඇත ..
ජුනි මස 2 උදැසන 8.30
ජෝසප් ඩයස් (Joseph Dias )
JSD News Linegoss








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :