ads
News
Loading...

සුනඛයා මද්දට හසුවුනාද හසුකලාද




පහුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය තුල එක්තරා ඡායාරූප ශිල්පියෙක් ලොකු බැනුමක් ඇහුවා.ඒ මද්දට අහුවෙච්ච බල්ලෙක්ගෙ පින්තූරයක් හින්දා.ඊට පසු ජිනප්‍රිය ගාල්ලගේ මෙම ඡායාරූප ශිල්පියා ඒ පිලිබදව පසු කතාවත් මෙහෙම අරන් ආවා

ජිනප්‍රිය කිව්ව දේ.
2020.06.24 දින මා පලකරන ලද පෝස්ටුව හා බැදේ. එහි තිබුනේ පෞද්ගලික ඉඩමකට මා අනවසරයෙන් ඇතුල්වි සිටියදී ගැටගසා දමා තිබූ බලු පැටියෙකුගේ ඡායාරූපයකි. ඉතාම සංවෙීදී දසුනක් උවද ඇතිවියහැකි බරපතල අවදානම නිසා දරාගතනොහැකිවූ ශෝකයකින් හනිකට එම වත්තෙන් පිටවූයේ ඡෘයාරූප 3 ක් පමනක් රැගෙනය. මෙම ඇටවුම ගැන දැනගැනීමට පලකල එම පෝස්ටුවට මාගේ දෙමවිපියන්ද අමතා තිබින. සතා නිදහස් කිරීමට අවකාශයක් තිබුනේ නමි කාගේවත් උපදෙස් නොමැතිවම එය ඉටුකරන්නෙමි.
2020.06.25 මම උදාසන 4.00 ට ගෙදරින් පිටත් වූයේ අර නඩයේ දැගලිල්ලට නොවෙි. මා ඇතුලුව වණඡීවියේ නිලධාරීන් 9 දෙනෙකු ආයුධ සහිතව එම ප්‍රෙද්ශයේ මෙහෙයුමක් සදහා පිටත් උනෙමු. ඔහිය අබලන් තේ ෆැක්ටෙිරිය දක්වා යතුරුපැදි හා ත්‍රී රෝද රථයකින් ගොස් ඉතිරිය පයින් ගමන් කොට මා පෙරකී ස්ථානය ඹවුනට පෙන්වා දුනිමි. එම ඉඩමට පැන විපරමි කිරීමෙීදි බලු පැටියා එහි නොසිටි අතර වැඩිදුර සොයාබැලීමෙීදී සේවකයෙක් සිටි අතර ඉඩමෙි පහල කොටසක වෙනත් බල්ලෙක් කනුවක ආධාරයෙන් අලුත්ම කෙටි කමිබියකින් බැද දමා තිබින. මට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කිසිදු අයිතියක් හෝ බලයක් නැතත් ඉහල සිටි බලු පැටවා ගැන තර්ඡනාත්මකව විමසූවෙමි. කෙසේහෝ වණඡීවී නිලධාරීන් දිගින් දිගටම විමසීමෙීදී තම නිවසේ සිටිනා බව පැවසුවද ඉඩමෙි පහල සිට උඩට එනු දුටුවෙමු. බලු පැටියෙකු නොව ඇය බැල්ලියකි. ඔබ විශ්වාස නොකරනු ඇත ඇය පැටවුන් බිහිකර ඇත්තේ මා ඡායාරූපය ගත් දිනට පෙරදින විය යුතුය. එදින ඇයගේ ඒ ශෝඛබරිත ඒ බැල්මට හේතුව දරුවනට තම කිරි නොදීමට සිදුවීම නිසා විය යුතුය. අවාසනාවකට මට එම පැටවුන්ගේ ඡායාරූඋප කිහිපයක් ලබාගැනීමට අවස්ථාවක් නොලැබිම ගැන අතිශය කනගාටු වෙමි. ගත්තද එය බුකි ගත නොකරන බවද කියන්නෙමි. මෙි බල්ලන් ගැටගසා තැබීම ගැන විමසීමෙීදී ඔවුන් පවසන්නේ දහවල් කාලයේදි පමනක් බැදදමා තැබෙන බවත් ඒ රිලවුන් හා වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සදහා බවත්ය.එම පැලෙහි ඌරන් හට දමන රතිඥ්ඥා කරල් කීපයක්ද තිබින. කෙසේ වෙතත් බල්ලන් බැද තැබීම හෝ ඒ ගැන කටයුතු කිරීමට වණඡීවියට අවසර නොමැත. නමුත් එහි සිටි සේවකයා ලවා එම බල්ලාද නිදහස් කරන ලදී. දැඩි සාගින්නෙන් ඉන්නට ඇතැයි සිතන බැල්ලිය අප කෑමට රුගෙන ගිය බිස්කටි වලින් සංග්‍රහ කිරීමෙිදි මුහුනේ තිබූ හැගිමි ගැන ලිවීමට නොහැක.සහ බොහෝමයක් වගා ඉඩමිවලට මෙසේ බල්ලෙකු යොදාගන්නා බවත් කරන ලද සොයාබැලීමි වලදී දැනගන්නට ලැබුනි. වණඡීවී නිලධාරින්ගේ නිගමනයන්ට අනුව මෙම බල්ලන් බැද තැබිම සෘඡුවම කොටි ඉලක්ක කරගෙන සිදුවන ක්‍රියාවක් නොවන බව හා එයින් යමි බලපෑමක් ඇතිවිය හැකි බැවි දැන්වීය. කෙසේ හෝ මෙම උපක්‍රම ගැන මා හට කිසිදු අවභොදයක් නොමැත.
නිලධාරීන් විසින් ඉඩම හා අවට කැලෑවන් පීරා පරික්ෂා කරන ලදී. සහ පසුව සේවකයාද කැටුව ඉඩමි හිමිකරු හමුවීමට අදාල ලැයිමි කාමර වෙත ගියෙමු. එහිදී අනවසර විදුලි ලබාගැනීමක් නිලධාරින්ගේ ඇස් වලට වැලිගසා දමනා ආකාරයෙන් සිය පිරිස සමග ඉවත් දමා තිබින. ලැයිමි ආශ්‍රිතව පරීක්ෂාකලද කිසිවක් සොයාගත නොහැකි විය. එහිදී නිවැසියන් කැදවා දමිල බසින් කරුනු පහදා දිමක් සිදුකෙරින.අවසන එම ඉඩමෙි හිමිකරු හා සේවකයා අත් අඩංගුවට ගන්නා ලදි. ඒ ගැන විමසීමෙීදී බල්ලා බැද තිබූ ඉඩම පරීක්ෂාකිරීමෙීදී ත්‍රීවීල් කේබල් ආධාරයෙන් සතුන්ට ඇටවීමට සෑදූ මදු කිහිපයක් සොයාගෙන ඇති බැවි දැනගත්තෙමි.
සැක කරුවන් දෙදෙනා හට ඇප තැබීම සදහා පැමින සිටි ගමි වැසියන් දෙදෙනි නිලධාරීන් මා අසල නොසිටි මොහොතක පැමින මාතියා පෙරේදා දියඇල්ල ( බඹරකන්ද ) බලන්න ගියානේදැයි කැඩුන සිංහලෙන් විමසීය . බොහෝ විට මා වත්තට ඇතුලුවි ඡායාරූප ගන්නවා ඔවුන් හො වෙන කවුරුන්හෝ කන්ද උඩ සිට බලා සිටියා විය යුතුය.
               අවසාන වශයෙන් බල්ලන් ගැන ලතෝනි දෙන එන්.ඡී.ඹී නඩ කාරයින් හට හැකිනමි වතු ආශ්‍රිතව හා ඉඩමි ආශ්‍රිතව මෙවැනි ක්‍රමයටද තවත් පෙදෙස් වල වනය අසලින්ද ගැටගසා දමා තිබෙන සුනඛ පෝතක පෝතිකාවන්ගේ අභිවෘද්දිය සදහා කටයුතු කරන ලෙස  ඉල්ලන්නෙමි. තවද අද දින බැද දමා තිබූ සුනඛයාගේ ඡායාරූප බුකිගත නොකෙරෙන්නෙ ඒවා පෙන්නාගෙන සාක්කු පුරවාගනිතැයි ඇති සැකයෙනි. 
              
මෙම ප්‍රෙද්ශයට මොනම  නෙටිවර්ක් එකකහෝ සංඥා නොමැති අතර හුදෙකලාවූ ද්‍රවිඩ වතු ඡනතාව වෙසෙන  ලගම ටවුම වන හපුතලේ නගරයට යෑම සදහා ඹහිය දුමිරිය ස්ථානයෙන් දුමිරිය අල්ලාගැනිමට කිලෝ මීටර් 8 පමන බොහෝ දුරට පයින් ගමන් කිරීමට සිදුවන සෞම්‍ය දේශගුනයෙන් සපිරි ප්‍රෙද්ශයක් බවද සදහන් කරමි.
       මගේ රෙදි ගලවන්න හැදූ හැම එකාලටම බුදු සරනයි... හැකියාවක් හා සුදුසු යැයි හැගෙන්නේ නමි පමනක් මාගේ දෙමාපිය අඹුදරුවන් ඇමතූ අයට මෙම පෝස්ටුව දැකීමට   Shere   කරන මෙන් ඉල්ලා සිටින්නෙමි.

උපුටනය අවසන්

  මෙතනින් අපට ගත හැකි ආදර්ශය වන්නේ අපි දකින හැමදේම එකවර අදහස් පල නොකර සොයා බලා අදහස් පලකල යුතු බවයි.එනම් ජිනප්‍රිය වැනි ඡායාරූප ශිල්පීන් ලොව රහස් සියල්ල එකිනෙක නිරාවරනය කරන්නෝය

එම ස්ථානයේ පිරිස් තම බෙිරාගැනීම සිදුකල මොහොත




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :