ads
News
Loading...

ජැකලින්ට කැමති අපේ කොල්ලෙක් කරපු වැඩක්




  ජනප්‍රිය නිළි බොලිවුඩය වර්ණවත් කරන ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට ලංකාවෙදි ඔයාගෙ හොදම ෆෑන්ස් හම්⁣බවෙච්ච කතාව ඉංදියාවෙි මාධ්‍ය තුල මෙි දිනවල කතාකරනව.මෙි පිරිමි ළමය ජැකලින් එක්ක කරපු දේවල් තමන්ගෙ සටහනකින් පහළින් මෙහෙම දාලා තිබුන.

ඔහුගේ සටහන 
.
ගත්තු photo ජැකීට සැටිස් නෑ.. ඒගමන ජැකී ජැකීගෙ phone එකෙන් Selfie ටිකක් ගත්තා. එක එක පෝස් වලට.. මටත් එහෙම කරන්න කිව්වා.. චී.. මගේ ටික නං කැතයි.. ජැකී නං මරු. ජැකිත් ජැකීගෙ තාත්තට phone එක දීලා පොටෝ ගන්න කිව්වා.. ආ.. ජැකියි මායි ඇඳගෙන හිටියෙ නිලුයි සුදුයි ඇඳුම්.. දෙන්නම.. ඒකත් මැච් උනා ගානට.. 
.
ඊට පස්සෙ මගෙන් ඇහුවා මොනාද කන්නෙ කියලා. මං කිව්වා මුකුත් එපා කියලා. ආය ඇහුවා.. මං එපාම කිව්වා. එහෙනං මොනා හරි බොමු කිව්වා. මං ඒකට හා කිව්වා.🙈.. මොනා කරන්නද.. කියනවා කියනවා ඉවරයක් නෑ🤭😁
.
ඊට පස්සෙ ජැකී ගත්තු පොටෝ ටික මට එවන්න පුළුවන්ද ඇහුවා. ඕන් ජැකී මගෙ phone එක search කරනවා කරනවා අහු වෙන්නෑ. ඒක IPHONE එකක්නෙ😏😏.. කොහෙද අපෙ ඒවා අහු වෙන්නෙ. ජැකී කිව්වා පස්සෙ එවන්නං කියලා. මං ඇහුවා sure ද කියලා. ඖ ඖ.. තාත්තා අතේ හරි කොහොම හරි එවන්නං කිව්වා. 
.
තව මං කිව්වා ලංකාවෙ ඉවෙන්ට්ස් වලට සාරි හරි ඔසරි හරි අඳින්න කියලා. ඒක තමා ඔයාට ලස්සනම කියලා කිවුවා. වෙලාව ඉක්මනට ගත උනා.. ජැකී කිව්වා ඇතුලට යන්න ඕන කියලා. කමක් නැද්ද ඇහුවා. ආපහු දවසක හම්බෙමු කිව්වා. මාත් හා කිව්වා..
.
ජැකී ගියාට පස්සේ තමා මං Coffee එක බිව්වෙ.. අංකල් එක්ක චැටක් දාගෙන ඉදලා.. හවස ලැබ් එක තියෙනවා කියලා මං හොටෙල් එකෙන් සතූ....ටින් පිට උනා. ආපහු එනකොට හැමෝම බලං ඉන්නවා මං ජැකී මීට් උනාද කියලා බලාගෙන.
.
පුදුම වැඩේ කියන්නේ වෙනදට මාව ගනං ගත්ත නැති කෙල්ලොත් ලඟට ඇවිත් විස්තර අහලා අතට අතත් දීලා ගියා..😂😂.. ගෙදර යනකං සිහියක් නෑ ගෙදර අයට පෙන්නන්න.. පස්සෙ රෑ දැම්මා පොටෝ එකක් fb. ඒක තමා මං fb(Social Media) දාපු පලවෙනි පොටෝ එක. බුදු අම්මෝ ආපු ලයික්ස්.. කමෙන්ට්ස්.. ආපු Requests.. එක රැයින් star කෙනෙක් උනා වගේ.
.
ආ.. එදා රෑ නින්ද ගියේම නෑ. මතක් වෙන්නෙම ජැකී මීට් වෙච්ච එක. අයියෝ.. පිස්සු වගේ.. මැවි මැවී පේනවා. එදා හවස තමා The Body Shop Sri Lanka එක open කලේ. ඊලඟ දවසෙ ජැකීගෙ තාත්තා ආපහු මට call එකක් දුන්නා. මං බැලුවා මේ මොකද කියලා. කථා කරලා කිවුවා ජැකී මට දෙන්න කියලා පාර්සල් එකක් තියලා ගියා කියලා. ඒක Shop එකට ගිහින් ගන්න කිව්වා. සුවඳම සුවඳ perfume එකකුයි.. තඩි cream බෝතල් දෙකකුයි. සෑහෙන ගනං ඒවා.. සුවඳ.
.
ජැකී මීට් උනාට පස්සෙ ජීවිතේ ලස්සන උනා. ජැකී නිසා ගොඩාක් දේවල් හම්බවුනා. කරන්න බෑ කියලා දෙයක් නෑ කියලා හිතුනා. මම ගොඩක් ධනාත්මක උනා. මායි ජැකියි මීට් වෙච්ච එක ඒ කාලෙ ලොකු Gossip එකකුත් උනා. ලංකාවෙ අයනං දකින්න නැතුව ඇති ඕවා. දැක්කත් අහක බලා ගන්නැති🤭. ලංකාවෙ TV / Cinema Stars ලා ගොඩාක් හම්බවුනා. Starsලා යාලුවො උනා. Chances අනන්තයි. ඇඩ්මින්ලා කැමති උනොත් මං දාන්නං ජැකී හම්බවුනාට පස්සෙ ලැබිච්ච දේවල්, කරපු දේවල්. එක පෝස්ට් එකකින්. ආ තව මට ගොඩක් යාලුවො හම්බවුනා. ඕගොල්ලොත් ජැකී නිසානෙ හම්බුනේ. නැත්නම් මං මේ group එකෙත් නැතුව ඇති.
.
එහෙනං.. කථාව මෙතනින් ඉවර කරනවා. කියවපු නොකියවපු හැමෝටම තෑන්ක්ස්. පුලුවන් නං කාව හරි මීට් වෙන්න අයිඩියා එකක් මේකෙන් ගන්න. කිසි දෙයක් හැන්ගුවෙ නෑ. කරපු හැම දේම කිව්වා. ලියන්න මෙච්චර කල් ගත්තට සොරි ඈ🙈
.
නිමි..!




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :