ads
News
Loading...

උතුරේ පූජා බිම්වලට සිද්ධවෙනදේ


උතුරේ තවත් පෞරාණික බෞද්ධ උරුමයක් විනාශ මුඛයේ! බුදු පිළිම කැබලි වෙහෙර බිමේ! බෝධිය වටා කෙසෙල් වවයි!


මැදවච්චියේ සිට මන්නාරම වෙත දිවෙන A-14 මාර්ගයේ මුරුන්ගන් සිට මැදවච්චිය දෙසට 2Km ගමන් කළ විට කත්කන්ඩකුලම් හංදිය හමුවේ. එම ස්ථානයෙන් දකුණු දෙසට කත්කන්ඩකුලම් ගම්මානය වෙත ගමන් ගන්නා මාර්ගයේ 1KM ගමන් කළ විට මෙම පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානය හමුවේ.

මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් ඉතා පෞරාණික බෞද්ධ විහාරයක් බවට සැක කළ හැකි නටබුන් තවමත් ඉතිරිව ඇත. 30 වසරක් පැවති යුද්ධය හා ද්‍රවිඩ ජනතාව ජනාවාස ගොඩනගා ගැනීම හේතුවෙන් විහාර භූමිය ඉතා කුඩා බිම් කැබැල්ලකට මේ වන විට සීමා වී ඇත.

පුරාවිද්‍යා භූමියක් බවට දන්වා සවිකර තිබූ පුවරු ගලවා විසිකර එම ඉඩම කෙසෙල් වගාවට යොදවාගෙන ඇත. ඒ සඳහා පුවරුවේ ඉතිරිව ඇති පාදම සාක්ෂි දරනු ඇත.

2018 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ අවිධිමත් කැණීමක් සිදුකොට ඇත. පසුව කිසිදු සංරක්ෂණ වැඩපිළිවෙළක් සිදු නොකොට, නටබුන් විනාශ වීමට ඉඩ සලස්වා ඔවුන් ආපසු ගොස් ඇත. කැනීම් සඳහා ඉවත් කරන ලද ඉපැරණි ගඩොල් අසල ගොඩගසා ඇති අතර එමගින් සිදුවී ඇත්තෙ විනාශය දෙගුණ තෙගුණ වීමක් පමණි.

තවද පුරාවිද්‍යා විහාර භුමිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරියෙකු යොදවා නොමැත. එම නිසා ඕනෑම පුද්ගලයෙකුට මිල කළ නොහැකි පුරාවස්තු සොරකම් කිරීමට හෝ විනාශ කර දැමීමට ඉතා පහසුය.

කෙසෙල් වගාවට බිලි වූ ඉපැරණි බෝධීන් වහන්සේ පසෙකින් වැඩ සිටින අතර කඩා විනාශ කර දැමූ බුදුපිලිම වහන්සේලා දෙනම , විහාර ගෙයකැයි අනුමාන කළ හැකි පාදම බිම වැතිර ඇත.






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :