ads
News
Loading...

අවප්‍රමාණය වූ මිනිසා එක්ක උදේශ් හෙළිදරව් කරපු රහස




උදේශ් නිලංග කියන්නෙ යෞවනත්වය තුල ඉන්න හොද හඩ පෞරුෂයක්.උදේශ්ගේ මිනිසා ගීතයත් පහුගිය දවස්වල ගොඩක් අය අතරෙ ජනප්‍රිය වුනා.අද ගොසිප්ලන්තය මියුසික් හට් එක හැඩකරන්නෙ උදේශ්.

* අපි උදේශ්ව දැකල තියෙන්නෙ හෙමින් ගමනක යන ගායකයෙක් විදියට

කොහොම වුනත් ඉක්මන් ගමන් හරි කෙටියි.විවිධ නිර්මාණ කරමින්,විවිධ අත්හදාබැලීම් කරමින්
ප්‍රේක්ෂකයාට යම් රසවින්දනයක් ලබාදෙමින් යන ගමනට ලොකු පැවැත්මක් තියෙනව කියල මට හිතෙනව.

* ගීත නිර්මාණ තෝරා ගත්දි රැල්ලට නොයන එක ගැනත් කියමුද?

මම කවදත් රැල්ල එක්ක හිටියෙ නෑ.හැබැයි මට ආසයි මගේ ගීත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළදගන්නවාට.අතීතයේ අපි අහපු ගීත ආපහු අහනවා.මට හිතෙන්නෙ ගීත තෝරා ගැනීමෙිදී අර්ථ රසය,සංගීත රසය වගේම ගායන හැකියාව යන තුනම සාර්ථක වෙන්න ඔිනා.ඒකයි අපි අතීත ගීත වලට තවම ආදරය කරන්නෙ.ඒකෙන් අදහස් වෙන්නෙ නෑ වර්තමානයේ කරන හැම ගීතයක්ම අසාර්ථකයි කියල.එ් වගේම රැලි ගැන කැමැත්තක් මට නෑ.හොද ඒවා නැතිව නෙවෙයි.නමුත් හදවතේ රැදෙන්නෙ නැති බවක් දැනෙනව.ගායකයෙක් හැටියට මම ගීතයක් තෝරාගැනීමෙිදී මගේ හඩට ගැලපෙනවාද අර්ථ රසය,තනුව පිලිබදවත් සැලකිලිමත් වෙනවා.එවිට තමයි පැවැත්මක් තියෙන්නෙ.


* අවප්‍රමාණය වූ මිනිසා වෙනස්ම ගීතයක් ඊට ලැබෙන ප්‍රතිචාර ගැන කියමු.
ඉතාම හොද වෙනස් රහක් තියෙන ගීතයක්.මුළු ලෝකයම අද පත්වෙල ඉන්න තත්වය පිළිබදව කියවෙන නිර්මාණයක් එය.හදට ගිය මිනිසා දැන් පත්වෙල ඉන්න තත්වය ගැනයි ඉන් කියවෙන්නෙ.එයට හොද අර්ථ රසයක් තියෙනව
නිර්මාණය සදහා ඉසුරු වික්‍රම කියන නව පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරයා.පදරචනය කලේ ප්‍රියනාත් ජයසූරිය මහත්මයා.වීඩියෝ ව කලේ ජනිත් එස් කල්පගේ.අපට ලැබුන මාස දෙකක විවෙික කාලය තුලයි මෙි නිර්මාණය කලේ.මෙය මම ගොඩක් ආසාවෙන් ගායනා කල ගීතයක්.සමාජ මාධ්‍යවල මෙහි හොද ප්‍රතිචාර තිබුනා.

* අතීතයේ යුග ගීත ගායනා වලින් යුග බැබලුනා.ඔබ යුග ගීත ගැන ඇති කැමැත්ත ගැනත් කියමු ?
අතීතයේ යුග ගීත සදහා ගායක ගායිකා යුගලයන්ට හොද ප්‍රතිචාර තිබුනා.මෑත යුග ගීත වලටත් එසේ ප්‍රතිචාර ලැබුන.නමුත් අතීතයේ යුග ගීත වැඩිපුර දක්නට ලැබුනෙ සිංහල චිත්‍රපටිවල.මමත් ඒවා තදින් වැලද ගත්තා.මම යුග ගීත දෙකක් ගායනා කලා.එකක් නෙතු මානයේ.ඒ ගයනි මධූෂා එක්ක.පදරචනය වෛද්‍ය රනිල් ජයසේන.සංගීතය සරත්ද අල්විස් මහත්මයා.
දෙවන ගීතය සොදුරු සුහුඔුල්.ගායනා කලේ මහේෂිකා ලක්මාලි සමග.සංගීතය චමින්ද සමරනායක.පද රචනය Dr නලීන් අබෙිරත්න.



* මට හිතෙනව ඔබට තියෙන්⁣නෙ සිනමාවට ගැලපෙන හඬක්.ඔබට ඊට ආරාධනා ලැබුනෙ නැද්ද?

සරත්ද අල්විස් මහතාගේ ආරාධනා තුලින් වියපත් බඹරා චිත්‍රපටියට ගීතයක් ගායනා කලා.

* ගීත ගායනාවට අමතරව මොනවද කරන්නෙ

ගීත ගායනා විතරක් කරල ඉස්සරහට යන්න අමාරුයි .ඉතින් දක්ෂයන් කිහිපදෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් කරගෙන යනව.මෙි දවස්වල බේස් ගිටාරය ඉගෙන ගන්නව.එතකොට ගීත ගායනා කරමින් ගිටාරය වයන්න පුළුවන්.ඒ වගේම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා.

ඉදිරියෙ කරන නිර්මාණ?

ගීත කිහිපයකටම හඩ මුසු කලාරහතන්ගම නාගිත හාමුදුරුවන්ගෙ අලුත්ම නිර්මාණය ,අ⁣⁣රෝෂ ජයකොඩි කල වෙනස් ආරක සංගීත අධ්‍යක්ෂණයක්.ඒ වගේම ලසිත ජයනෙත්ති රචනා කල( ඇස් බෝලෙ )යුග ගීතයක් ඒවගේම යසිත වික්‍රමත් ගීතයකට ආරාධනා කලා.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :