ads
News
Loading...

මංගල ඇමති කාන්තාවන් වෙනුවෙන් කරපු දේ...



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර මහතා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ට හසවූ අසරණ කාන්තාවන් සහන ලබාදෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න නියමිතයි.මෙි ගැන ප්‍රකාශයක් කල ඒ මහතා රුපියල් එක්ලක්ෂ පනස්දාහකට නොඅඩු ණය ගත් කාන්තාවන් හට ඒ සදහා  අයකරන පොළිය කපා හැරීමට තීරණය කරලා.ඒ ගැන ඇමති  කිව්වෙ මෙහෙම කතාවක්.

 ‍"මෙම ‍අය පොළී කාක්කන් ‍ලෙස හදුන්වන්න පුළුවන්. එවැනි මූල්‍ය ආයතන ඇති කළ තත්ත්වය ‍ඛේදජනකයි. යම් යම් ප්‍රදේශවල ‍මේ තත්ත්වය ති‍බෙනවා. ඔවුන්ගේ ඉලක්කය වී ති‍බෙන්නේ අසරණ කාන්තාවන්. ඔවුන්ට මුල දී ‍නො‍තේරුණත් පසුව මහා ණය උඟුලකට හසුව ති‍බෙන බව ‍පේනවා. ඇතැම්විට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගන්නා තත්ත්වයට පත්ව ති‍බෙනවා. ඒ ගැන අපි විසඳුම් ‍සොයා‍ගෙන යනවා. දැනටමත් ක්‍රියාමාර්ග ‍ගෙන ති‍බෙනවා. ලබන සති‍යේම ‍මේ සම්බන්ධ‍යෙන් පක්ෂ පාට ‍නොමැති කමිටුවක් හදනවා. මහ බැංකු‍වේ හා මහා භාණ්ඩාගාර‍යේ නිලධාරීන් සමඟ ක්ෂණික සහ දීර්ඝකාලීන විසඳුමක් ‍සෙවිය යුතු ‍වෙනවා.


මහ බැංකුව විසින් ලියාපදිංචි ‍කොට ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන 44ක් පමණ ‍වෙනවා. 2018 වස‍‍රේ මාර්තු 31 වනවිට ඒවා‍යේ වත්මන් ප්‍රමාණය රුපියල් බිලියන 1,395ක් ‍වෙනවා. ඒවායින් බිලියන 692ක් පමණ මහජනතාව‍ගේ තැන්පත් මුදල්. ‍මේ සමාගම් ජනතාව‍ගේ තැන්පත් ලබාගන්නා අතර ගනුදෙනුකරුවන්ට ලීසිං හා ‍වෙනත් ණය ලබාදී‍මේ කටයුතු සිදුකරනවා. ‍මේ ආ‍යතන තමන්ගේ වත්කම්වලින් සියයට 79ක් රුපියල් බිලියන 1102ක් පමණ ණය හා ලීසිං ‍ලෙස ලබා දී ති‍බෙනවා."




 ‍
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :