ads
News
Loading...

මීඩියාවල වැඩ පෙන්වන හැඩකාර ෂදීසා මෙන්න..

   සිකුරාදා හැන්දෑව එක්ක එකතුවෙන්න අද ගොසිප්ලන්තයට ආවෙි ෂදීසා ධර්ම පේම .ඇපල්වත්ත පත්තරේ chat එක වගේම සෙනසුරාදා හවස 1ට ජාතික නාලිකාවෙි fb මල්ලි වැඩසටහන්වලින් අපිට එයාව හම්බෙනවා.හැමදාම කට්ටියට ප්‍රශ්න  යොමුකරන ෂදීසා අපිට උත්තර දුන්නෙ මෙන්න මෙහෙමයි.

FB මල්ලි වැඩසටහනේ  ආකෘතිය වෙනස් එකක් ඒ ගැන කතාවෙන්ම පටන්ගමු.
මුලින්ම වැඩසටහනේ නිෂ්පාදක රවී අබෙිවික්‍රම මහ්තමයා මතක්කරනව. සාමාන්‍යයෙන් රුපවාහිනිය සහ FB කියන්නේ දෙකක්. හැබැයි අපේ උත්සාහය FB එක රුපවාහිනිය ඇතුලෙන් අරගෙන එන්න. එතකොට පොඩි වෙනසක් නිකම්ම ඇතිවෙනවා. මොකද මම දන්නා තරමින් මේවගේ දෙයක් මිට කලින් කවුරුත් කරන්න ඉදිරිපත්වෙලා නැහැ.

ඩිජිටල් එක්ක එකතුවුනු  ප්‍රධාන මාධ්‍යයන්හි වැඩසටහන් දැන් දැන් ලෝකෙ ප්‍රවනතාවයක් වෙලා.මෙි ගැන ඔයා කලින් හොයල බැලුවද?
අපිට දැන් ගොඩක් වැඩකරන්න වෙන්නේ ඩිජිටල් පරිසරයක. එතැනදී අපි අනිවාර්යෙන් මේ වැඩසටහන කරත් නැතතත් යම් පමණක දැනුවත් බවක් ලබන්න ඕනේ කියන එක මම විස්වාස කරනවා. මොකද නැත්තම් අපිට අපේ කරන දේවල් එක්ක ඉස්සරහට යන්න අමාරුයි.


වැඩසටහන ගැන තියෙන ප්‍රතිචාර 
හැමදේකම දෙපැත්තක් තියෙනවා. වැඩසටහන පටන් ගෙන කාලයක් උනාට මම මේකට සම්බන්ධ වෙන්නේ ජනවාරි මාසේ ඉදන්. හරිම සතුතුයි කියන්න මිනිස්සු වැඩසටහන බලනවා කියන එක මේ වෙද්දී අපි හොදටම තේරුම් අරන් ඉන්නේ. දවසගානේ ෆෑන් පේජ් එකට එන මැසේජ් වලින් ඒක තේරෙනවා.

 දවසින් දවස වැඩසටහනේ කතාකරන දේ වෙනස් වෙනවද?
අපි අපිට ලැබෙන ප්‍රතිචාර එක්කම තමයි වැඩසටහන ඉදිරියට සැලසුම් කරන්නේ. ගොඩක් වෙලාවට අපිට ප්‍රේක්ෂකයෝ මැසේජ් කරන සින්දු පොස්ට් තමයි අපි වැඩසටහනට එකතුකරගන්නේ. ගොඩක් අය කියනවා දේශපාලනේ කතා කරන්න එපා කියලා. එත් ඉතින් ඒ සතියේ ෆේස්බුක් එකේ දේශපාලනේ ගැන කතා කරොත් අපිට එක මගහරින්න බැහැනේ.

දේශපාලන පෝස්ට් කියෙව්වහම අනිත් පැත්තට කතාකරපු බලවත් අයත් ඇති?
මෙහෙමයි මේ වැඩසටහනේ කොතනකවත් අපි අපේ මතයක් ඉදිරිපත් කාරන්නේ නැහැ. ෆේස් බුක් එකේ අනිත් පැත්තට කතා කරපු දෙයක් තියෙනවානම් අපි එක අරගන්නවා. සරලවම කිවොත් මේ වැඩසටහනැ පෙළ ගස්වෙන්නේ අදාළ සතියේ ෆේස්බුක් එකේ හැසිරීමත් එක්ක තමයි.






වැඩසටහනේ දී කතාකරන දේවල් දෙන්නම බෙදා ගන්නවද?

මුලදිනම් අපි සැලසුම් කරා. එත් දැන් ලොකු සැලසුමකට යන්නේ නැහැ. හැබැයි අපි පෙන්වන්නේ මොකද්ද කියන එක ගැන දෙන්නම හොදට අද්‍යනය කරනවා. එකත් එක්ක මටයි මධූකටයි දෙන්නටම තේරෙනවා මේ විදිහට ගියොත් හොදයි කියලා අවස්ථාව ගොඩනගාගන්න සරල වෙන්කරගනිමක් කරනවා. එත් ඇත්තටම අපි වැඩේ කරගෙන යද්දී කලින් කතා කරපු කිසිදෙයක් කියවෙන්නේ නැහැ. එක තමයි අපි දෙන්නට වෙන හිනායනම වැඩේ.
      එක නිසා දැන් හැමදාම කලින් කතා කරනකොට අපි දෙන්න විහිලුවට කියාගන්නවා "මේ කියපුවා ඒ වෙලාවේ කියනවද නැනේ "කියලා

නිදහස් පුවත්පත් කලාවෙිදිනියක් විදියට ඉන්න ෂදීසා හට මෙයට අවස්ථාව ලැබුනු හැටිත් කියමු

ඇත්තම කිවොත් මම වෘත්තීයෙන් වෙරිටේ රිසච් ආයතනයේ සහකාර විශ්ලේෂකවරියක්. මම නිදහස් මාධ්‍යවේදිනියක් විදිහටත් වැඩ කරනවා. ඒ කත් ටිකක් රාමුවෙන් පිට වැඩක් නිසා තමයි මාව මේ වැඩසටහනට යෝජනා වෙලා තියෙන්නේ. කොහොම හරි තැන් කීපයකින්ම මට එකම වැඩසටහනට කතා කරා. එකත් හරි අමුතු සිදුවීමක්.පොඩි වෙනසකටත් එක්ක මම මේ වැඩසටහන කරන්න තීරණේ කලේ.

ෂදීගේ චැට් එක ට ලැබෙන ප්‍රතිචාර වගේම ඒ අදහස කාගෙද?
මට චැට් එක කරන්න කතා කරේ සංජක ප්‍රසාද් අයියා. එයා තමයි දවසක් අපේ දිහා ඇවිත් කිවේ නංගි මෙහෙම අලුත් විදිහේ වැඩක් තියෙනවා. මොකද කියන්නේ කරමුද කියලා. මම කොහොමත් ආසයි කරපු නැති පරණ වෙන්නේ නැති වැඩ කරන්න ඉතින් මම බොහොම ආසාවන් වැඩේ බාර ගත්තා. දැන් අවුරුදු තුනකට කිට්ටුවෙන්න මම එක කරගෙන යනවා. පටන් ගත්තු දවස්වල ඉදන්ම එකට හොද ප්‍රතිචාර තිබුණා. විශේෂයෙන් මට මතකයි මම කුණු ගෙනියන කෙනෙක් එක්ක චැට් එක කරා. එක තමයි මට වැඩිපුරම ලැබුණු ප්‍රතිචාරේ. ඇත්තටම මම හරිම ආසාවෙන්ම කරන වැඩක් ඒක. මොකද එකෙන් මට ගොඩක් මිනිස්සුන්ගේ ජිවිත අල්ලගන්න පුළුවන් වුනා. තරාතිරමක් නැතුවම. දේශපාලකයෝ, කලාකාරයෝ, උත්සාහයෙන් දියුණු වෙච්ච අය. මේ හැම කෙනෙක්ගෙන ජීවිතවලින් අපිට ගන්න දේවල් තියෙනවා. එක හරිම වටිනා අත්දකිමන්.

ෂදීගෙ මෙි හැම  දක්ෂතාවකටම උදව්කරන 
අය ගැනත්කියමු

අම්මයි අප්පච්චි නංගි නැත්තම් මේ මුකුත් වෙන්නේ නැහැ. මොකද පාසල ඉවරවෙලා කැම්පස් ඇවිත් එකෙන් එලියට ඇවිත් අද වෙනකම්ම මගේ හැම කරදරයක්ම කිසිම චෝදනාවක් නැතුව දරාගන්නේ ඒ අය. ඇත්තටම උදවු කරා කියන වචනෙට මම කැමති නැ ඊටවඩා මම කැමති මව කවුද කියලා අල්ලාගෙන මාත් එක්ක අදටත් ඕනෙම දෙකට ඉන්න අය කියලා කියන්න. මම ඒ අයගේ විස්තර නැතුව නම් වශයෙන් කියන්නම් නැත්තම් ලිස්ට් එක වැඩි. පළවෙනියටම සුමේධ, සංජක අයියා, ප්‍රියන්ත සර්, ප්‍රේමලාල් අන්කල්, මගේ ආයතනයේ හැම කෙනෙක්ම, ඒ වගේම රවී අයියා,තුසිත අයියා, චාලක අයියා, විශේෂයෙන්ම මට කොළඹට එන්න උණ හදපු සහන් රන්වලත් මතක්කරනවා. තව ගොඩක් ඉන්නවා. එත් වෙලාවේ හැටියට මේ ඇති වගේ.

මාධ්‍ය ලෝකෙ අයට ෂදීව අභියෝගයක් වෙයිද?
අභියොගයක් වෙන්න දෙයක්නම් මම කරලා නැ

මාධ්‍ය ජීවිතයේ ලොකුම ගෞරවය කාටද?
මිනිස්සු වෙනුවෙන් ලියන වැඩ කරන හැමෝටම 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :