ads
News
Loading...

ලලිත් අයි ටී එන් සභාපතිකම එපා කියයි


    ලලිත් පියුම්පෙරේරා හට ලැබුනු අයි ටී එන් සභාපතිකම භාර නොගත්වගත් ඒ ගැන ඔහු කරපු හෙළිදරව්වකුත් අපට වාර්තා වුනා.

උපුටාගැන්ම - ලලිත් පියුම් පෙරේරාගේ ෆේස්බුක් ගිණුම 
ITN මාධ්‍ය ජාලයේ සභාපති තනතුරට යෝජනා වීම සම්බන්ධයෙනි.  

මා  ITN මාධ්‍ය ජාලයේ සභාපති තනතුර සඳහා යෝජනා කළ විද්වත් කමිටුවට සහ විෂය භාර අමාත්‍ය  ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරියට පළමුව ස්තුතිවන්ත වෙමි.

විද්‍යුත්  මාධ්‍ය ජාලයක සභාපති තනතුරට පත්වීම නොව විද්‍යුත්  මාධ්‍යයක නිවේදකයකු වීම පවා සමාජයේ අවධානයට ලක්වන කාරණයකි. මෙය සමාජ ප්‍රාග්ධනයක්  ලෙස ගොඩනගමින් එම ප්‍රාග්ධනය ආයෝජනය කර මනාව කළමනාකරණය  කරමින් තම  ඉලක්කය වෙත ලඟා වීම පුද්ගලයකු හට පහසු කාරණයක් වන අතර ඒ සම්බන්ධයෙන් වන උදාහරණද බොහෝය.

නුදුරු අනාගතයේදී මම  වඩාත් පුළුල් සහ සක්‍රිය  සමාජ දේශපාලන ක්‍රියාවලියක නිරත වෙමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම"  මහ පොලොව මත යතාර්ථයක් කිරීමේ ව්‍යායාමයට පුර්ණකාලීනව උරදීමට කැපවෙමි.   

ITN මාධ්‍ය  ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඉහත ක්‍රියාදාමය සඳහා පුර්ණකාලීනව කැපවීම සම්බන්ධයෙන් යම් ප්‍රයෝගික ගැටලු උද්ගත විය හැක.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ගොඩනගමින් පවතිනුයේ  "සාර්ථක දැක්මක් - වැඩකරන රටක්" පෙරදැරි කරගත් නව දේශපාලන සංස්කෘතියකි. එම සංස්කෘතිය තුළ ලබැඳියාවන් පිලිබඳ  කිසිදු ගැටුමක්ද (Conflict of interests) ඇතිකර නොගත යුතු යයි මම විශ්වාස කරමි.

එබැවින් ITN මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස කටයුතු නොකිරීමට තීරණය කරමි.  

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමන්, විෂය භාර අමාත්‍ය  ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමන් සහ මාගේ දේශපාලන ගුරුවර⁣යෙකු සේම මාර්ගෝපදේශකයකු වන ගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමන් විසින් මා වෙත තබන ලද විශ්වාසය පිළිබඳව  මාගේ ප්‍රණාමය පුදකර සිටින අතර ඉදිරියේදීද අප රජය යටතේ ජාතික ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සමග නිර්මාණය වන නව දේශපාලන සංස්කෘතිය තුළ  රැඳෙමින් දේශයේ යහපත වෙනුවෙන් උපරිමයෙන් කැපවන බවට ප්‍රතිඥා දෙමි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් සහ මා මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් දිගු කලක් මා වෙත තබන ලද විශ්වාසයටද තුති පුද කරමි.

මා වෙනුවෙන් සුබ පැතුම්  එවන ලද ඔබ සැමට ස්තූති කරන අතර ඉදිරියේදී ද  ඔබගේ ආශිර්වාදය සහ සහයෝගය අපේක්ෂා කරමි. 

ස්තුති
නීතිඥ ලලිත් පියුම් පෙරේරා
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :