ads
News
Loading...

විදිහ වෙනස්කල ජන ගී ලියන අංජලී මෙන්න




සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය කියන්නෙ තමන්ගෙ දක්ෂතා එක්කක ඉස්සරහට එන ඇයට හොද පන්නරයක් ලැබුන තැනක්.අද ගොසිප්ලන්තය ආට් වන් කතාබහ ජන ගීය සමඟ බැදුනු පද රචිකාවක් ගැන.ඇය අංජලී බණ්ඩාර.

අංජලී කියන්නෙ සරසවියේදී කරපු ගැමිසංගීතය සමඟ ඉදිරියට ආපු කෙනෙක් විදියට හදුන්වනවට කැමති කෙනෙක්ද?
.මගෙ උපන් ප්‍රදේශය ග්‍රාමීය ප්‍රදේශයක්.සාම්ප්‍රදායික ගායනා ඇතුලත් ජන වන්දනා තවමත් මේ ගම් තුළ තිබෙනව. ඒ වාගෙම සරසවියට පැමිණීමට පලමුවෙන් පාසල් අවදියේ සිටම ජනසංගීතයට ලොකු ඇල්මක් තිබුනා.
ඒ කාලයේ බොහො ජයග්‍රහණයන් හිමි කරගත්තෙත් ජනසංගීතය හා බැඳුනු ගායනා නිර්මාණ වලටමයි.ඒවා මතක් කලොත් 2016 පාසල් සමස්ත ලංකා ජනගායනා තරඟාවලියේ සමස්ත ලංකා මට්ටමෙන් සහ ජාතික මට්ටම දෙකෙන්ම ප්‍රථම ස්තානය දිනාගත්තා . ඒ වාගේම ‍2019 යෞවන සම්මාන උලලේදි ජනගායනා කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථාන වෙනුවෙන් සම්මානය දිනාගත්තේ .පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයට පැමිණිමෙන් ඒ හැකියාවන් තව වර්ධනය කරගත්තා. ඒ අතර වාරයේදී තමා gesture in folk music 2020 ලෙසින් පැවැත්වුන තරඟාවලියේ හොදම පදරචිකාවියට හිමි සම්මානය ලබාගත්තෙ.එහෙම බලන විට විශ්වවිද්‍යාලයත් පාසලත් දෙකම මේ තරම් දුරක් පැමිණීමට උපකාරි වුනා.



විශ්ව විද්‍යාලය තුලින් අධ්‍යාපනය ලබනකාලයට පසු නිර්මාණ කරළියේ දකින අය අඩුයි.මෙිකටහේතුව?

ලංකාවෙ පවතින අධ්‍යාපන ක්‍රමයෙ අවිධිමත් භාවය , විශ්වවිද්‍යාලීය පද්ධතියෙ දක්ශතා ඇති පිරිස සිටියදීත් බොහො නිර්මාණකරුවන් පුහු ආටෝප ඇති පිරිස කෙරෙහි ඇල්මක් දැක්වීම ,විද්‍යාර්ථයින්ගේ හැකියාව ප්‍රබල උනත් ඔවුන්ගේ ආර්ථික සහ සමාජයීය ගැටලු, නිර්මාණ කරනයේ යෙදී සිටින සමහර ප්‍රවීනයන් නවකයින්ට අනුමත නොකිරීම
මේ වාගෙ හේතු කාරණා නිසා බොහො දක්ශ පිරිස් විශ්වවිද්‍යාලය ජීවිතයෙන් පසුව ඔවුන්ගෙ කුසලතාත් දක්ශතාත් සඟවා ගන්නවා. කලාකරුවන්ට අතදීමට ඔවුන්ගෙ හැකියාවකට එලියට එන්න දෙන පිරිස් හරි අඩු රටක් සහ හැකියාව ගායනය නම් රැකියාව කෘෂි අමාත්‍යාංශයේන් ලැබෙන ක්‍රමයක් පවතින තුරා ඔවුන්ගේ නිර්මාණ කෙසේ නම් කරළියේ දකින්නද?


අංජලී ගෙ ඉදිරි නිර්මාණ කොයිවගේ වෙයිද?

ගායනය මෙන්ම ගේය පද නිර්මාණකරනයේ නියැලෙන නිසා වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැපකරනවා.ඒ නිර්මාණ තුලින් සොබා සෞන්දර්ය/කාලීන ගැටලු/ ප්‍රේමයේ විවිධ පරිචයන් සහ විවිධ රටවල් තුල ඇති සම්ප්‍රදායන් ගැන කතා කරන්න වැඩි කැමත්තක් තිබෙනවා.
මගෙ පලමු ගේය පද නිර්මාණය ගිය වසරේ අගදී තමා එලිදැක්වුනේ. මේ වන විට මගේ පද රචනා ගීත 10කට පමණ හැරවී තිබෙනවා තව ඉදිරියටත් එලිදක්වන්න බොහෝ ගී නිර්මාණය වෙමින් පවතිනවා.
ඒ වාගෙම නමගේම පද රචනාවකින් මගේම හඩ දායකත්වයෙන් ගීතයක් කිරීමෙ අපේක්ශාවෙන් ඒ වෙනුවෙන් වැඩ ආරම්භ කරමින් සිටිනවා.


වර්තමානය වෙද්දි මාධ්‍ය තුලින් මෙි වගේ දේට ලැබෙන ඉඩකඩ ගැන කිව්වොත්?

රසවින්දනය සාපේක්ශයි. නූතන ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන දේ ලබා දීම මාධ්‍යයකට කරන්න පුලුවන් නමුත් බලෙන්ම හරවත් නිර්මාණයක් හොදයි අහන්න බලන්න කියූ පමණින් ප්‍රේක්ශකයො නිර්මාණ වලට රදවාගන්න මාධ්‍ය වලට අපහසුයි.
ලාබ අපේක්ශාව පමණක් ම වෙනුවෙන් වැඩ කරන මාධ්‍ය ආයතන ගැන අපි මේ මොහොතේ කතා නොකර ඉමු.
නමුත් සමාජ මාධ්‍ය තුලින් මෙවැනි නිර්මාණ එලිදැක්වීම සහා ඒ වටා එකතුවන තරුණ තරුණියන්ගෙ යම්කිසි ප්‍රවණතාවයක් දකිනවා.ඒ නිසා යම් ප්‍රගතියක් දකින්න පුලුවන්

අතීතයේ රන්වල බලකාය වැනි ජන සංගීතය පෝෂණයට ඇතිවුනු නිර්මාණකාර ප්‍රවෙිශයන් නූතනයේ ඇතිවෙමින් තියෙනවද
සැබැවින්ම ඔව්. සමකාලීන බොහෝ පිරිසකගෙ එවැනි නිර්මාණ ‍රැසක් පහුගිය කාලයෙ බොහෝ ප්‍රේක්ෂක ආකර්ශණයට පාත්‍ර උනා.එවැනි ප්‍රවේශයන් තවදුරටත් ඇතිවෙමින් පවතිනවා. ඒ ගැන හරිම සතුටුයි.

අංජලීට මෙි ගමන යන්න උදව් කරන අය ගැනත් මතක් කරන්න වෙලාව
දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් තමා මේ ගමන යන්නෙ ඒ වාගෙම ආදරණීය කිරිඅම්මාව මතක් කරන්න ඕනි.කුඩා කාලයෙ සිට පොත පතට යොමු කරලා ඒ ගැන ආස්වාදයක් ලබා දුන්නෙ ඇය.
සහෝදර දෙපලත් නෑදෑයන් සහ සමීප මිත්‍රයන් ඇතුලු ක්ශේත්‍රයේ මම වැනි නවකයන්ට අත හිත ලබා දෙන ප්‍රවීණයන් කිහිප දෙනාවත් ආදරයෙන් සිහි කරනවා සහා ඒ සියලු දෙනාට බොහොම ස්තූතියි .

ගොසිප්ලන්තය පිටුව ලයික් කරන්න.කලාවෙි හොදම දක්ෂයො ගැන දැනගන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :