ads
News
Loading...

ආරාධනා සෑයට වෙච්ච දේ



භූමියේ කොටසක් බුල් ඩෝසර් කරල

මේ රටේ අතීත උරුමය සැහැසි ලෙස විනාශ කළ කෘරතර ආක‍්‍රමිණියන් කිහිපදෙනෙකි. එහි ප‍්‍රථමයා ක‍්‍රි.පු. 237 දී කඩා පාත් වූ සේන ගුත්තිකය. පසුව කාලිංඝ මාග පැමිණ විසි එක් වසරක් රට අල්ලාගෙන සිටියේය. ඊටත් පසුව එළාරය. එළාර ක‍්‍රි.පු. 205 සිට 161 තෙක් වසර හතලිස් හතරක් රට පාලනය කළේය. ඒ අතරින්් සැහැසිම ආක‍්‍රමණිකයා වන්නේ කි‍්‍ර.ව. 1215 ත් 1236 ත් කාලයේ ආක‍්‍රනිණික පාලකයා වූ කාලිංග මාඝය. මාඝ තරම් වෙහෙර විහාර ගිණිබත් කරමින් කෘරතර පාලනයක් ගෙනගිය ආක‍්‍රමණියෙක් ඉතිහාසයේ නොවූ තරම්ය. රටක භූමිය අත්පත් කරගැනීමේදී එය නිවරදිව  සිදුවීමට නම් එම ජාතිය මේ පොළවේ උරුමක්කාරයින් බවට වන සාධක  අතුගා දැමිය යුතු බව මාඝ දැන සිටියේය. මාඝගෙන් පසු යටත් විජිත සමයේදී මේ රට පරංගීන් අත්පත්කරගෙන සිටියද ඔවුන්ටත් වඩා පන්සල් දාගැබ් කඩා බිඳහෙලමින් මාඝට නොදෙවෙනි විනාශයක් මේ රටට සිදුකළේ එල් ටී ටී ඊ සංවිධානයයි. ඔවුන්ද මේ අපරාධ අපේ ඇස් පනා පිට සිදුකරන විට එම තිස් අවුරුදු යුධ සමයේදී ඉතා රහසිගතව අප අතරම සිටිමින් ජාතික උරුමයන් විනාශ කළ අනෙක් පිරිස වන්නේ අන්‍යාගමිකයෝය. පසුගිය කාලය පුරාම රහසිගතව සිදුවූ එම අපරාධ පිළිබඳ තොරතරුු විටෙන් විට හෙළදරුව් වූවද පැවති සෑම පාලනයක්ම එය නොදැක්කා සේ පසුවිය. මේ දිනවල කව්රුත් කතාවෙන මුහුදු මහා විහාරයද වර්තමාන පාලකයන්ගේ අවධානයට ලක්වන තෙක්ම අන්‍යාගමිකයන්ගේ එවැනි ගොදුරක් වූයේ ඒකය. දැන් එම ජාතික උරුමය අනාගත පරපුරට රක්ෂා වීමේ සුබ ලකුණක් පෙනෙන්නට තිිබේ. නමුත් උතුරු නැගෙහිර බෞද්ධ උරුමය එම පොළවෙන් අතුගා දැමීමේ සැළසුම් සහගත කුමන්ත‍්‍රණ එහි තව කොතෙකුත් සිදුවේ.

නැගෙනහිර බොදු උරුමය අනාගතය හමුවේ කියා පාන අනුල්ලංගනීය සාධකයක් වන ආරධනා සැය  පිහිටි පුරාවිදයා සංකීර්ණය අන්‍යාගමික ජනවාසයක් කර ඉතිහාසයෙන් මකා දැමීමේ කුමන්ත‍්‍රණය එවැන්නකි. වෙනදා රහසේ සෙමෙන් සෙමෙන් සිදුකළ මෙම පුරාවිද්‍යා භූමි සංහාරය දැන් එම තක්කඞීන් විසින් වේගවත් කර තිබෙන්නේ එක් රැුයකින් සෑය අවට ඩොසර් කිරීමෙනි. පවතින කොවිඞ් වසංගතය හමුවේ එතෙක් මෙම පින්බිම රක්ෂාකරගෙන සිටි පිරිස්වල අවධානය ගිලිහීම ප‍්‍රයෝජනයට ගනිමින් ඔවුන් විසින් සිදුකරන මෙම අපරාධයේ තරම වටහා ගැනීමට එම බිමේ ඇති ඓතිහාසික වටිනාකම අංශුමාත‍්‍රයකින් දැනගැනීමද ප‍්‍රමාණවත්ය.

ඉතිහාස තොරතුරු අනුව සේරුවාවිල මහා සෑයට පරිවාර චෛත්‍ය රජානන් වහන්සේලා කිහිපයක්ම පැවති බවට ජනප‍්‍රවාදවල සඳහන්ය. කාවන් තිස්ස නරේන්ද්‍රයාණන් විසින් බුදු හිම්යන්ගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑය ගොඩනගා ඇත්තේ ක‍්‍රි. පු. දෙවන සියවස තරම් අතීතයේය. එතැන් පටන් දාහත්වන සියවසේ මහනුවර යුගය දක්වා ක‍්‍රමිකව ඇතිවූ බොදු පුනරදයත් සමග සේරුවාවිල අවට ගම්දනව් ආශ‍්‍රිතව සුපේශල ශික්ෂාකාමී භික්ෂූන්ගේ පරිහරණය වෙනුවෙන් බොහෝ වෙහෙර ආරාම රාජ අනුග‍්‍රහය සහිතව ගොඩනැගිණ. ඉපැරණි විහාර ආරාම සංකීර්ණයක් ලෙස අනුමාන කරන ආරාධනා සෑය පිහිටි භූමිය අයත් වන්නේ එදා බොදු පුනරුදයට අයත් එම සශ‍්‍රික භූමි බාගයටය. ඇතමුන්ගේ මතයට අනුව කොට්ටියාරම් පත්තුව නමින් අතීතයේදි මෙම ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේද එහි බහුලව පැවති වෙහෙර විහාර ආරාම නිසාය. නමුත් තවත් මතයක් වන්නේ කොට්ටියාරම් පත්තුව යනු පැරණි කොටසර ජනපද යන්නයි. ඒ කුමක් වෙතත් බෞද්ධ වෙහෙර විහාර ගොඩනැගෙන්නේ හුදකලාව නොවන අතර මේ ජනපදවල එදා සිටි සැදැහැවත් බෞද්ධයෝ අවට විහාර ආරාමවල වැඩ වාසය කළ මහා සංඝරත්නයට සිව් පසින් උපස්ථාන කරමින් ජීවත්වන්නට ඇත. ඒ අනුව ආරාධනා සෑය අවට එදා ජනපදකරනය වී ඇත්තේ බෞද්ධයන්ගෙන් බව සඳහන් කිරීමේ වරදක් නැත. 
නමුත් නිතර මේ රටට උතරු දෙසින් එල්ල වූ සතුරු ආක‍්‍රමණත් සමග ගමත් පන්සලත් සමග බැඳී තිබුණු සශ‍්‍රික ජනපද බිඳ වැටී ජනතාව රටේ දකුණු දෙසට විතැන්විය. ඒ සමගම මහා ගල් කණු මත නැගී හිඳි විහාර ආරම අක‍්‍රමණිකයන්ගේ කුළුගෙඩි පහරට ලක්වද අතැම්විට හුදකලාව කාලයාගේ ඇවෑමෙන්ද විනාශව ගියේය. එතැන් පටන් දීර්ඝ කාලයක් කාලයාගේ වැලිතලාවෙන් වැසී මේ ආරාධනා සෑය අයත් පින්බිමද සොර සතුරන්ගෙන් වහං වී තිබිණ. අද නූතන අන්‍යාගමික ආක‍්‍රමණිකයන් බුල් ඩෝසර දැති රෝද යොදා උගුල්ලා දමමින් සිටින්නේ එවැනි වූ අතීත උරුමයක් නිදන්ව ඇති භූමිකයකි.

නැගෙනහිර පළාතේ ඉපැරණි වෙහෙර විහාර බොහොමයක් අනතුරට ලක්ව ඇත්තේ ඒ අවට පැවති බෞද්ධ ජනාවාශ පසුකාලයේදී නැති වී යාමෙනි. වර්තමානයේ ආරාධනා සෑය ආසන්නයේ පිහිටියේද මුස්ලිම් වැසියන්ගේ ජනපදයක් වන තෝපූර්ය. ඉන් මෙහා ඇති එකම සිංහල ගම්මානය වන්නේ දෙහිවත්තය. එම ගමේ උවැසි උවැසියන්ගෙන් සිව්පසය ලබන සිරිවඞ්ඩන රජමාහා විහාරවාසී කළවානේ කෝසල තිස්ස හිමියන් ආරාධනා සෑය ඇතුලූ මේ ප‍්‍රදේශයේ බෞද්ධ උරුමය රැුකගැනීමට තම ශක්ති ප‍්‍රමාණයෙන් හ`ඩ නගන සංඝරුවනකි. ඒ නිසාම ජීවිත තර්ජනවලටද මුහුණ දී සිටින එහිමියෝ කාලයක සිට සිදුවන මේ අපරධය ගැන කම්පිත ස්වරයෙන් අප හමුවේ කළ හෙළිදරව්වය මේ.
කුට්ටියාරම් පත්තුවට අයත් මේ ප‍්‍රදේශයේ පුරාණ නටඹුන් විශාල ප‍්‍රමාණක් පිහිටල තිබෙනවා. පසුගිය රජය කාලේ අන්‍යාගමකියන් මේවා විනාශ කරන්න අතගහනකොටම අපි මේ ගැන රජයට කිව්වා. පුරා විද්‍යා එකටත් කිව්වා. එත් කියන්න කණාගාටුයි කව්රුත් ඒක ගණන් ගත්තෙ නෑ. ඒ වෙනුවට කළේ ආරාධනා සෑය ළඟ තිබුණ සිංහ රෙජිමෙන්තු හමුදා කඳවුර එතනින් ඉවත්කර ගත්ත එක. යුද්ධය පැවතුණු අවුරුදු තිහක කාලයෙත් මේ පින්බිම ආරක්ෂාවෙලා තිබ්බේ හමුදා කඳවුර නිසා. ඒක ඉත්වත් කිරීමත් එක්ක තමයි මේ අනතුර වැඩිවුණේ. 

කොහොමහරි 2016 වසරෙදි පුරා විද්‍යාවෙන් ඇවිත් කරපු ගවේශනයෙදි මේ භූමිය පුරා විද්‍යා වටිනාකමක් සහිත භූමියක් විදියට හඳුනගත්තා. කණගාටුවට කාරණය ඒවා ලියකියවිලි  වලට පමණක් සීමා වීම. කොවිඩි 19 වසංගතයත් එක්ක හැමෝම ගෙදරට වෙලා ඉන්නකොට මේ අන්‍යාගමිකයන් ඇහිපිල්ලමක් ගහන මොහොතක මේවා එකින් එක විනාශ කරනවා. ඔය ආරධනා සෑය ඉස්සරහ ගෙවල්වලත් ගල් කණු තියනවා. මේක පුරා විද්‍යාවට අයත් භූමියක්නෙ. හැබැයි එකෙ කොටසකට ඔප්පුත් හදල. මම අහන්නෙ පුරා විද්‍යා භූමියක් මිනිස්සුන්ට දෙන්න කොහොමද ඔප්පු හැදුවෙ. බෞද්ධ භික්ෂුවක් විදියට අපිත් මේවා නොදැක්කා වගේ හිටියොත් අනාගත පරපුර අපට ශාප කරාවි. මේක අහස පොළව නුහුලන අපරාධයක්.
කෝසල හිමියෝ එක හුස්මට එසේ කියාගෙන ගියේ සැබෑ වේදනාවක් පපුතුරුලේ තදකරගෙනය. උන්වහන්සේ පවසන්නේ අතීතයේ කුඹල් කර්මාන්තය හා බැඳි ජනාවාසයක් මේ ප‍්‍රදේශයේ පැවති බවය. ඉපැරණි වලං කැබලි සහ මැටි කර්මාන්තය හා බැඳි මෙවලම් මේ ප‍්‍රදේශයේ ඉඩම් වලින් හමුවීම ඊට සාක්ෂි බව එහිමියෝ කියති. ආරධනා සෑය විහාර සංකීර්ණයේ පුරා විද්‍යා කැණීම් සිදු නොකළද එහි පෙනෙන්නට තිබෙන සාධක වලින් හෙළිවන්නේ පොළොන්නරු යුගයේදී මේ පින්බිමේ ඉදිකිරීම් බොහොමයක් සිදුව ඇති අයුරුය. වර්තමානයේ විහාර භූමියේ පොළොන්නරු යුගයට අයත් සඳකඩ පහනක්, ගල් කණු සහ නෂ්ටාවශේෂව ගිය පැරණි ස්තූපයේ කොටසක් දැකිය හැකිය. ඒ විහාර භූමියේ මතුපිට පෙනෙන්නට තිබෙණ පුරා වස්තු පමණි. 

ජිවත් වෙන්නට තව කොතෙකුත් ඉඩම් තිබියදී අන්‍යාගමිකයින් ටිකෙන් ටික අල්ලා ගනිමින් ඉතිහාසාසන් මකා දමමින් හිඳින්නේ ඒ මහැගි අතීතයක ජීවමාන සාධකය. ආරාධනා සෑය අයත් තෝපුර් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පමණක් එවැනි ඉපැරණි වෙහෙර විහාර ස්ථාන 262 ක් තිබෙන බවට හඳුනාගෙන ඇත. ඒවා ආරක්ෂා කරගැනීමට මේ රටේ පුරා විද්‍යාවේද , නිසි වගකිවයුත්තන්ගේද ඇස් ඇරෙන තෙක් ගෙවී යන හැම තත්පරයකම මෙම උරුමය තිබෙන්ණේ දැඩි අනතුරක් අබියසය. 
 
තිස්ස ගුණතිලක 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :