ads
News
Loading...

දුලීකා මෝචරි කාමරේදී ලබපු අත්දැකීම




මම මාසයක් ඩෙටෝල් වලින් නෑව ඇගත් හම ගියා

ආත්තම්මා දාපු කරාබු ගලවත්දි මට ඇඬුනා

දුලීකා දිලංජනී කියන්නෙ නව පරපුරේ රංගන ශිල්පිනියක්.මෙි දිනවල විකාශනය වන ඇය,ඉඟි බිගි වැනි නාට්‍යය වල රංගනයෙන් දායක වන ඇය ගොසිප්ලන්තය සමඟ එකතුවුනේ මෙි විදියටයි.

ඉතින් දුලීකා ආපහු වැඩ කටයුතු පටන් අරගෙන තියෙනව

ඔව් මෙි දවස්වල මම රගපාන නාට්‍ය කිහිපයක්ම විකාශයන වෙනව.ඒ නිසාම නිතර පුංචි තිරයෙ ඉන්නව කියල කෙනෙකුට හිතන්න පුළුවන්.

ඒකට හේතුව එකම නාලිකාවක නාට්‍ය කිහිපයම විකාශනය වෙන එකද?
ඔව් නාට්‍ය කිහිපයම ස්වර්ණවාහිනීයෙ විකාශය වෙනව.කාලෙකට පස්සෙ තමයි එහෙම දෙයක් වුනෙ.

දුලීකාව ගොඩක් අය අදුනගන්නෙ අභියෝගාත්මක චරිත රංගනයෙන් දායක වනකෙනෙක් විදියට

ඇත්තටම .ක්ෂේත්‍රයට ආපු මුල්කාලෙ ඉදලම එහෙම අත්දැකීම් තිබුන.මට ලැබුනෙත් ඒ විදිහෙ චරිත.ඔය අතරෙ පතිනි මියුසික් වීඩියෝ එක ගැනත් කතාබහක් වුනෙත් ඒ ව⁣ගේ චරිතයක් මියුසික් වීඩියෝවක කරන්න කෙනෙක්

ප්‍රධාන භූමිිකා එක්ක ගැටුනු චරිත නිතර ලැබුන නේද?

මට එදා ඉදන්ම ඒ වගේ චරිත ලැබුන.මුල්කාලීනව වැඩ පටන්ගත්තෙ සිරස නාලිකාවෙි සුජාතා නාට්‍යයේ තුලින්.මම මෙි වෙලාවෙදි ස්තුතිවන්න වෙනව ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීන රංගනශිල්පිනියන් පවා මට උදව් කලා.ඒ ප්‍රවීනයන්ගෙ උදව් ලැබෙන තැනට වැඩකරන්න ලැබීමත් සතුටක්.මෙි දවස්වල වල වැඩකරන නාට්‍යවලදී රශි පබා සංදීපනී අක්කව විශේෂයෙන් මතක්කරනව  

අපි දකිනව වෙනස් අධ්‍යක්ෂකවරයන් යටතේ වෙනස් චරිත කරන දුලීකාව?
මම කෝමත් කැමති නෑ ගොඩක් මෙිකප් දාගෙන පියරු බබ්බු වගේ දෙබස් කියන චරිතවලට.ගොඩක් නිලියො ඉන්නෙ මාව ලස්සනටපේන්න ඔිනා.ගොඩක් දෙබස් තියෙන්න ඔිනා කියලනේ.නමුත් මම එ්ම වෙන්නෑ.ඒකයි විශේෂ වෙන්නෙ

දුලීකාට නාට්‍ය වල වගේම ඩිජිටල් අවකාශය තුලත් වැඩ පෙන්වනව නේද

ඔව්.ඒකත් හොද දෙයක් එතකොට හැම පැත්තම කවර් වෙනවනේ.දීප්ති වගීෂාගෙ කුරේ සහ මරේ කුකී ඇප් එකේ.වගේම ජනයි ප්‍රයයි චැනල් එකේ නාට්‍යවලත් වැඩ කලා ඒ වගේම පතිනිය 2 ත් ගොඩක් අයගේ අවධානයට ලක්වුන.

ජනයි ප්‍රියයි රගපාපු නිසා ගොඩක් අයගේ අවධානය ලැබුන නේද?

ඇත්තටම ඔව් ඒක හොද අවස්ථාවක්.එයාල⁣ තමන්ගෙ පිරිසක්ම ඉන්න නිසා.ඒ අතරට යන්න අවස්ථාව ලැබුන.මාව ඒ විදියට විශ්වාසය තියල නිර්මාණ වලට එකතුකරගත්ත එකට ජනයි ප්‍රයයිටත් ගොඩකි ස්තුතියි.

අපි පතිනිය 2 ගැන කතා නොකලොත් අඩුවක්
ටොප් ලෙවල් එකේ ඇක්ටින් කරන අය කරන වැඩක් මට ලැබුන කියල දැනුන.ඒකෙ මම රගපෑවෙ වෛශ්‍යාවකගේ චරිතය

ඔබ වෘත්තීය නිලියක්ද

අපි තවමත් නිලියො නෙවෙයි.අවුරුදු පහක් හයක් වැඩ කරල තිබුනට මම තවමත් ඉදිරියට එන කෙනෙක්.මුලින් මම රුපලාවන්‍ය ශිල්පිනියක්.

දුලීකාට රගපාපු චරිත අතරෙ අමතක නොවන චරිතත් ඇති නේද?

සුජාතා තමයි මම රගපාපු දැනිච්චම චරිතය.සුපුන් රත්නායකගෙ බැලැක් ටවුන් ස්ටෝරි නාට්‍යයේ මෝචරියක මැරිච්ච අයත් එකක් ඇතුලට ගිය එක තමයි දැනුනෙ.මම මිය ගිය අය අට දෙනෙක් අතර හිටියෙ.ඒක ෂූට් කලේ හෝමාගම හොස්පිට්ල් එකේ මෝචරි⁣යෙ.මිනිය විදියට අන්දල ඇතුලට ගියහම මට දැනුන අපි කොයි තරම් දේවල් දාලා යනවද කියල ඇත්තටම මට ඒ වෙලාවෙ ඇඩුනා.මට ගොඩක් දැනිච්ච දෙයක් ආත්තම්මා මට ලොකු ලමයෙක් වුනු දවසේ දාපු කරාබු දෙක ගලවන්න වුනා ඔය රගපෑමෙදි.මම හිතන්නෙ සෙට් එකේදී ලබපු අත්දැකීම වුනේ කොයි තරම් දේවල් නැතිවෙනවද කියල.

මෙි අත්දැකීම ගැන අධ්‍යක්ෂක කලින් දුලීකට කියල තියෙනවද

ඔහු මගෙන් ඇහුව.මම ඒ චැලෙන්ජ් එක බාර ගත්තා.මම මාසයක් නෑවෙ ඩෙටෝල් වලින් ඒ සැරට මගෙ ඇගේ හම ගියා.









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :