ads
News
Loading...

ඉතියෝපියාවත් ඇමරිකාව වගේ ඇවිලෙයි


ඉතියෝපියාවේ ප්‍රධාන පෙලේ ගායකයෙකු වන හැචෙලු හුන්ඩේසා මිට දින කීපයකට පෙර එනම් ජුනි 29 දින වෙඩි තබා ඝාතනය කල අතර ඔහුගේ මරණයෙන් දැඩි ලෙස කම්පා වූ ඔහු නියෝජනය කරන ඔරෝමෝ ජාතිකයින් දැඩි ලෙස විරෝධතා අරඹා ඇත
එම විරෝධතා හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය වැසියන් 155 හා ආරක්ෂක අංශයේ 11 දෙනෙකුද මරණයට පත් වී ඇත .එසේම 167 දෙනෙකු දැඩි ලෙස තුවාල ලබා .රෝහල් ගතව පසු වේ . එසේම ආරක්ෂක අංශ තත්වය පාලනය කිරීම සදහා 1 048 අත්අඩංගුවට ගෙන ඇත..
හැචෙලු හුන්ඩේසා ඉතියෝපියාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන අතර ඔහු තම ඔරෝමෝ ජාතිකයින් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අතර මෙයට පෙර පැවති රජය 2018 දී පෙරලා දමා වත්මන් රජය ඇති කිරීමට දැඩිව පෙනී සිටියේය .. ඊට පෙරත් ඔහු පැවති රජයන් බිහි කිරීමටත් දැඩි කැප කිරීමක් සිදු කර තිබුණි
දැනට ඉතියෝපියාව පාලනය කරන අගමැති අබේ අහමඩ් ද ඔරෝමෝ ජාතිකයෙකි..අගමැති වරයා පොරෝන්දු වී ඇත්තේ මෙම ඝාතනය ට අදාල පුද්ගලයින් පරීක්ෂණ පවත්වා කඩිනමින් නිතිය හමුවට ඉදිරිපත් කර දඩුවම් දෙන බවත් එතෙක් ජනතාවට සාමකාමී වී රජයට සහය දෙන ලෙසයි..
ඝාතනයට ලක් වූ හැචෙලු හුන්ඩේසා තරුණ වියේ සිටම දේශපාලනයේ ඔරෝමෝ ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ හේතුවෙන් ඔහුව වයස 17 දී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන පසුව පැවති නඩු විභාගයකින් පස් අවුරුදු සිර දඩුවමක් ලැබිය ..
හැචෙලු හුන්ඩේසාට අනුව ඔහු බන්ධනාගාරය තුලදී වඩාත් දේශපාලනික වී පිටතට පැමිණ ඇති අතර, ඔහු ඉතියෝපියානු ඉතිහාසය හා පාලකවරුන් මෙන්ම එකධිපතිවරුන් ගැන ද විශාල දැනුමක් ලබා ගත් බව ඔහු නිතරම පවසන ලදී ..
ඔහු නිතරම පැවසු දෙයක් නම් ගීත සදහා නියමිත තනු හා රචනා යෙදීමට ඔහු උගත්තේ සිර මැදිරියට පිවිසීමෙන් පසුව බවයි..හැචෙලු හුන්ඩේසා පවසන්නේ තමන් දක්ෂ ගායකයෙකු වුයේ තමන් සිපිරි ගෙදර කාලය ගත කල නිසා බවයි..
සිර ගෙදරින් නික්මිමෙන් වසරකට පසුව 2009 දී ඔහු පලමු ගීත ඇල්බමය නිකුත් කල අතර ඒ සමගම ඔහු සුප්‍රසිද්ධ ගායකයෙකු බවට පත් විය .. 2009 සිට ඒ ඇරඹු ඔහුගේ සංගීත දිවිය ජුනි 29 දින ඝාතනය වන තෙක්ම ඉතියෝපියානු ජන හදවත් තුලත් විශේෂයෙන් ඔරෝමෝ ජාතිකයින්ගේ හදවත් තුල රැදුණු ගායකයෙක් විය ..
ඉතියෝපියානු ජනතාවගේ හදවත් තුල රැදුණු හැචෙලු හුන්ඩේසා 34 හැවිරිදි වියේ දී අවසනාවන්ත ලෙස මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු ආදරය කල
ජනතාව සෝ සුසුම් හි ගිල්වමින් ඉතියෝපියානු පොලෝ තලය සිඹ ගනිමින් ජිවිතයෙන් සමු ගත්තේය ..
ජුලි මස 5 රාත්‍රී 9.00
ජෝසප් ඩයස් (Joseph Dias )
JSD News Line
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :