ads
News
Loading...

දීප්තගෙ ප්‍රංශ පෙම්වතිය වැනීසාගෙ නොදන්න කැරට්ටුව මෙන්න




තණමල්විල කොල්ලෙක්’ අවසන් වුවත් එහි මතකය බොහෝ කාලයකට අප අතර පවතිනු ඇත. ඒ, එහි හැම චරිතයක්ම අප හදවත් තුළ රැඳෙමිනි. දීප්තගේ ප්‍රංශ පෙම්වතියට පණ දුන් වැනේසා ගාල්ලගේ අපට හමුවන අලුත් රංගන ශිල්පිනියකි. මේ ඇය සමග කළ පුංචි කතාබහකි.

ඔයාගෙ ළමා කාලය ගැන මුලින්ම දැනගන්න කැමැතියි. ඉපදුණේ ලංකාවෙද?

නැහැ, මම ඉපදුණේ ජර්මනියේ. ජීවත් වෙන්නෙත් ජර්මනියේ, පාසල් ගියෙත් ජර්මනියේම තමයි.

එතකොට ඔයාගෙ අම්මා, තාත්තා?

මගේ අම්මා ශ්‍රී ලාංකික කාන්තාවක්. තාත්තා ජර්මන් ජාතිකයෙක්. අපේ පවුලේ තුන්වැනියා මම. මට අක්කා කෙනෙකුයි, අයියා කෙනකුයි ඉන්නවා.

පාසලේදි නැත්නම්, විශ්වවිද්‍යාලයෙදි නාට්‍ය හා රංග කලාව ඉගෙනගෙන තියෙනවාද?

නැහැ, නාට්‍ය හා රංග කලාව ගැන මම කවදාවත් විධිමත් හැදෑරීමක් කරලා නැහැ.

මීට කලින් ටෙලි නාට්‍ය, චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය රංගනයකට එක්වෙලා තියෙනවද?

‘තණමල්විල කොල්ලෙක්’ මගේ පළවැනි රංගන අත්දැකීම. ඊට කලින් මම කිසිම රංගන කාර්යයකට එක්වෙලා නැහැ. මේක මට සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක්.

තණමල්විල කොල්ලෙක් කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

රොෂාන් රවීන්ද්‍ර තමයි මට මේ අවස්ථාව දුන්නේ. මගේ රංගන කුසලතා මතුකර ගන්න ඔහුට පුළුවන් වුණා. රංගනය ගැන රොෂාන් මට ගොඩක් දේවල් ඉගැන්නුවා. මගේ රංගන කුසලතා ඔප්නංවා ගන්න ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් සෑහෙන පිටිවහලක්.

අප දන්නා ආකාරයට ප්‍රංශයේ රූගත කිරීම් සඳහා රොෂාන්, ධනුක ඇතුළු කණ්ඩායම මාස දෙකක් පමණ ප්‍රංශයේ ගත කළා. කොහොමද රොෂානුයි, ධනුකයි එක්ක වැඩ කරපු කාලය?

මම හරිම සතුටින් ඔවුන් සමග වැඩ කළේ. ‘නාද්‍යා’ චරිතයට අනුගත වෙන හැටි ​රොෂානුයි, ධනුකයි මට ඉගැන්නුවා. ඒ දෙන්නා හරිම මිත්‍රශීලීයි. මට නාද්‍යා වෙන්න ඒ දෙන්නගෙන් ලැබුණේ විශාල සහායක්.

තණමල්විල කොල්ලෙක් ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ එක් සලකුණක්. සාමාන්‍ය පොදු සමාජයේ වගේම සමාජ මාධ්‍යවල ඒ ගැන ඇතිවෙලා තියෙන කතාබහ ඔබට දැනෙන්​නේ කොහොමද?

මිනිසුන් මේ නිර්මාණය විඳින විදිහ සහ එයින් සතුටක් ලබන හැටි දැක්කහම මටත් විශාල සතුටක් දැනෙනවා. ඒ වගේම මේ සාර්ථක නිර්මාණයේ කොටස්කාරියක් වෙන්න ලැබීම සැබැවින්ම පුදුම සහගතයි.

කොහොමද ඔයා ජර්මනියේ ගත කරන ජීවිතේ?

හොඳින් ගෙවෙනවා. විශේෂයෙන් කියලා කියන්න තියෙන්නේ අවුරුදු පහළොවකට වඩා වැඩි කාලයක් මම මෙහේ ජිම්නාස්ටික් කරනවා, මගේ අක්කත් එක්ක.

වැනේසා තාමත් ඉගෙන ගන්නවාද? නැත්නම් රැකියාවක් කරනවද?

ඉගෙන ගන්නවා. ෆ්‍රැන්ක්ෆර්ට්වලට කිට්ටු විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයේ මම අධ්‍යාපනය ලබන්නේ. එහි තෙවැනි වසර වෛද්‍ය ශිෂ්‍යාවක්. අධ්‍යාපන කටයුතු අවසන් කරන්න තව ටික කාලයක් ගතවේවි.

ඔයා ලංකාවට අන්තිමට ආවේ කොයි කාලෙද?

දෙදහස් දහඅටේ. අම්මයි, අක්කයි එක්ක ආවේ. අපේ ලංකාවේ පවුලේ අය එක්ක කාලය ගත කරන්නයි ආවේ. මම ලංකාවට එන්නත් එහි ගත කරන කාලයටත් හරිම කැමැතියි.

ළඟදි ආයෙත් ලංකාවට එන්න අදහසක් නැද්ද?

ඇත්තටම මම ශීත සෘතුව කාලේ ලංකාවට එන්න හිටියේ. කොරෝනා නිසා එන්න බැරිවුණේ. අපි බලාගෙන ඉන්නවා කොරෝනා තත්ත්වය යහපත් වෙනකම්.

ඉතින්, අන්තිමට ලංකාවේ ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

මෙහෙමයි, මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගත්ත රොෂාන් ඇතුළු කණ්ඩායමටත්, ඔවුන් ලබාදුන් සහයෝගයටත් මුලින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ නිර්මාණය රසවිඳින, මාව අගය කරන, මට සුබ පතන සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි.

හසිත කුරුප්පු



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :