ads
News
Loading...

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වියෝව



මහින්ද ඇතුළු පිරිස වතුකරයට යයි..

පළාතම ශෝකාකූලයි...

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය තවමත් තීරණය කර නැහැ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා ඇදවැටීම හේතුවෙන් තලංගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (26) රාත‍්‍රියේ ඔහු අභාවප‍්‍රාප්ත වුණා.

ඒ බව සැලවීමත් සමග අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ද තලංගම මූලික රෝහල වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 6.00 පමණ වන තෙක් ද ආරුමුගම් තොණ්ඩමන් මහතා තමන් සමග සාකච්ඡාවක යෙදී සිටි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වෙත එහිදී කියා සිටියා. මෙම සාකච්ඡාවේ දී ද ආරුමුගම් තොණ්ඩමන් මහතා විශේෂ අවධානයක් දුන්නේ වතුකර ජනතාවගේ සුබසාධනය පිළිබඳ බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :