ads
News
Loading...

ඉතාලියේ ඉන්න තුෂී දැන් කියන කතාව





ඉතාලියේ සිට ගීත කරන තුෂී තුෂාරා දැන් අලුත් ගී කිහිපයකට සූදානම් වන බවක් අපට දැනගන්න ලැබුන. ඉතින් තූෂී ඒ ගැන ගොසිප්ලන්තයට මෙහෙම කිවා.

තුෂී මොනවද මෙි දවස්වල විස්තර
කියන්න තරම් ලොකු විස්තරයක් නැ.. පහුගිය දවස්වල මුළු ලෝකෙටම ඇති වුණ දුක්බර ශෝචනීය කාලය නිසා වැඩ කටයුතු රාශියක් අතපසු උනා.. මන් හිතන්නෙ ඒක මට විතරක් නෙමෙයි මුළු ජනතාවටම ඇති වූ ප්‍රශ්නයක්.. ඉතින් එදා ඉතාලියට corona එන්න කලින් ඉඳල .. මන් මගේ මව් භූමිය බලා යන්නට ලෑස්ති වෙලා හිටියේ හරියට මාර්තු 9, හෝ 12 වගේ යන්න.. ඉතින් මේ ආරංචිය දැන ගත් විගසම එ තිරණය වෙනස් කරා සියළු වැඩ කටයුතු නතර කරමින්.. මොකද ඒකේ භයානක කම දන්නා නිසා. ඉතින් එදා එ නතර කරපු ගමන තවමත් එ විදියට ම ඉතාලියේ තිබෙන තත්ත්වයත් සමග ඉන්නවා..
ගායන කලාව වගේම ගීත රචනය කියන දේත් කරන්න බලාපොරොත්තුවෙන් අැති නේද ඉදිරියට
ඔව් දැනටමත් මගේ ගීත මා විසින් ම තමයි රචනා කර තිබෙන්නේ.. තව මගේ මිතුරන් ද.. මට ඉල්ලීම් කර තිබෙනවා... රචනා කර දෙන්න කියා
තාත්තේ ගීතට පස්සෙ එවැනිම ගීත සදහා ආරාධනා ආවා කියන්නෙ ඇත්ත ද?
ඔව් බොහෝ දෙනෙක් එහෙම පෞද්ගලිකව ද කියා තිබුණා. නමුත් තව නිර්මාණ වෙන විදිහට ත‍් දකින්න ලැබෙයි
මෙි මොහොතේ ලංකාවෙ අය වෙනුවෙන් නැවත ජීවිත නැගීහිටවන්න ධෛර්යය කරවනගීතයක් කරන්න හිතන්නැද්ද
ඔව් සමහර විට...
මුල් කාලෙ ගීත කියත්දි රගපෑමට ආරාධනා ආව කියන්නෙ ඇත්තද?
ඔව්.. මා දන්නා කියන මිතුරන්.. නමුත්... මන් ඉන්නේ ලංකාවෙන් පිට නිසා එ දේවල් මඟ හැරුණා..

තුෂීගෙ ගීත අතරෙ කැමතිම ගීතය
එහෙම එකක් කියල නැ එ හැම එකටම කමැති යි.. නමුත් බුදු ගුණ ගීය, සහ පිය සෙනෙහස වෙනුවෙන් ගැයුන ගීත දෙක බොහෝ බොහෝ පිරිසක් ඇලුම් කලා








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :