ads
News
Loading...

තවත් කොවිඩ් රෝගියෙක් රෝහලෙන් පනී

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබූ පුද්ගලයෙකු රෝහලෙන් පලාගොස් තිබේ.

ඔහු නිවසක් මංකොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 22 හැවිරිදි පුද්ගලයෙකි.

උණ රෝගී ලක්ෂණ පෙන්වීම නිසා කොරෝනා ආසාදිත යයි සැක පිට කොළඹ IDH රෝහලට ඔහු ඇතුළත් කර තිබිණි.

මෙම පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර නිවාසයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු උණ රෝගී ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත IDH රෝහලට ඒ මොහොතේම ඇතුලත් කර තිබින.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා පරීක්ෂණ සඳහා ජීව සාම්පල ලබාගැනීම සිදු වූ අතර එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් රෝහලේ වාට්ටුවක රඳවාගෙන සිටිය දී 23 අලුයම එම ස්ථානයෙන් පැන ගොස් තිබිණි.

දැනටමත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් රටපුරා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :