ads
News
Loading...

රතු කොටු සහ බැලැක් කොපි ලියපු හෙලනිගෙන් සැර කතාවක්


  සයිබර් අවකාශයෙහි ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි හෙලනි සිල්වා කියන්නෙ.ඇයගේ කාව්‍ය ග්‍රන්ථය නිකුත්වීම නිමිත්තෙන් මෙවර ගොසිප්ලන්තය  art one ඇය හා සම්මුඛ වුනා.

හෙලනි කියන්නේ එක්තරා විදිියක සයිබර් කලාපයේ කවිය ඇතුලෙ වෙනසක් කල කෙනෙක්.අපි එතතනින්ම කතාව පටන්ගමු

ඔව් ....වෙනසක් කරා කියල මං හිතනවා.....මීට අවුරුදු නවයකට කලින් ලියල තිබ්බ කවියක් නිකමට බුකියට දැම්ම....ඒකට ලැබුන ප්‍රතිචාර එක්ක ...මං අලුතින් කවි නිර්මානය කරල පල කරා...ඒ අතර මම ඒ කවියට ගැලපෙන පිංතූරයක් ඇමිනුවා...ඒ පිංතූර වලට සීමාවක් තිබ්බේ නැහැ .....ඒ වගේ පිංතූර පල කරනකොට ගොඩක් අයට ඒක අලුත් අත්දැකීමක් උනා වගේම අදටත් බනිනව වගේ බනින්න ගත්තා....මුලදි බය හිතුනා...පස්සෙ බය කියන සිතුවිල්ල මැරුවා....මගේ ලියවිල්ල අනිත් ලියවිලි එක්ක වෙනස් කියල කියනව...ඒ මං වැල්වටාරම් නැතුව අමුවට ලියන හින්දා.....තව දෙයක්....කවි වලට පිංතූර දාන්න මුලින්ම පටන් ගත්තේ අද අපි අතරින් වියෝ වී ගිය කවියෙක් වෙන ඉන්දික ගුණවර්ධන ....ගැහැනියක් හැටියට මම තමා මුලින්ම කවියකට කතාවකට පිංතූර පල කරන්න ගත්ත කෙනා....ඉතින් වෙනසක් කරා කියන්නේ ඕකට වෙන්න ඇති

ගොඩක් කිවිඳියන්ගෙ කවි ඇතුලෙ එයාගෙ ජීවිතය දිගහැරෙනවා නේද?
ඇයි ඔය ප්‍රශ්නය කවිකාරියන්ට විතරක් ඒම් කරල අහන්නේ...කවි ලියන ඕනම කෙනෙක්ට තමන්ගේ ජිවිතේ කොටසක් විවර කරල ලියන්න පුළුවන් කම තියෙනවා.

ඔබ වඩාත් ඇලුම් කරන ඔබෙි නිර්මාණය ගැනත් කියමු.
දරුවෝ ගොඩක් වැදුව අම්මෙක්ගෙන් මොන දරුවටද ආදරය වැඩියෙන් අහන්නා වගේ එකක් මේ ප්‍රශ්නය ....මං ලියනව....ඒක මගේ හිතට හොදයි නං මට ඒක වටිනව.

හෙලනි කවියට අත්පොත් තබපු කාලෙ මතක් කරමු නේද?

හතර වසරේ ඉන්නකොට ....මුලින්ම පාසැල් සගරාවේ මව්බිම ගැන කවියක් ලිව්වා.....ඊට පස්සෙ ටික ටික ලියන්න ගත්තා...ඩයරි පිරෙන්න ලිව්වා....ඒව හරි වෙනස් ලියවිලි....මට හිතෙන්නෙම මැජික් වගේ දේවල් ....ඉතිං ඒව ලිව්වට කාටවත් ම පෙන්නන්න බයයි ...මට පිස්සු කියල හිතයි කියල.....ඔහොම දිගටම ලියාගෙන ආව...ඉස්සරහට ත් ලියාගෙන යයි.

අපි දැන් රතු කොටු සහ black කෝපි බිහිවීම ගැනත් කියමු නේද?

මේ පොතේ අන්තර්ගතය ගැන කිව්වොත් ප්‍රේමය ...විරහව....නුරාව....ස්ත්‍රීත්වය....සමාජ ගැටලු....කියන දේත්...සමාජ අසම්මතය කියල හයියෙන් කෑගහන බෝඩරේ පැනල ලියල තියෙනව...කවි පොතක් කිව්වට...මෙහි කෙටි සටහන් ඇතුලත් වෙනවා...ඒ වගේම චිත්‍ර ඇතුලත් වෙනවා....මගේ රසිකයන් හා හිතවතුන් පොතක් කරමු කියද්දි....ඒ කාලය නෙවෙයි කියල හිටිය මට මේ තමා කාලය කියල දැනුනා...ඉතින් පොතක් එලියට එනවා...රතු කොටු සහ black කෝපි නමින්

ඇතැම් කාන්තාවන්ට තමන්ව අගයන රසිකාවියන් අඩුයි
එක ඉරිසියාව....දෙක මේ රටේ කාන්තාවන්ගේ මනස හදල තියෙන්නේ මල් වගේ...ප්‍රේම කතා වලට විතරයි.....එයින් පිට ගැහැනියක් සමාජයට වචන මුදාහැරියොත් මුලින්ම ඒ ගැහැනියට ගහන්න ගල අතට ගන්නෙත් ගෑනියෙක්මයි.....කාන්තාවන් බයයි නිදන ඇද උඩ වෙන දේවල් එලියේ ලියන එකට....ඔවුන් හිතනවා අපි ගෑනු....හරි සංවරව ඉන්න ඕනේ...නැත්තන් ගෑනුකම අහෝසි වෙයි පතිවත කෙලෙසෙයි....වගේ එකක්....ලිංග භේද මොකටද ..තමන්ගේ සිතිවිලි හෝ අනුන් ලිව්ව දෙයක් හෝ රහ විදින්න.

එහෙව් ඇත්තියන් හොරෙන් බලලා යනවා...මුකුත් කියන්නෙ නැහැ කමෙන්ට් එකක් දාල...ලයික් එක ඔබලා...මොකද එයාල කුල කාන්තාවන් කියල එයාලගෙම නළලේ එයාල කොටන් ඉන්නවා.....

මෙතනදි මෙහෙම දෙයකුත් වෙනවා....එහෙම කමෙන්ට් දැම්මම ...පිරිමියි කියල හිතන් ඉන්න අබ්බගාත හිත් ඇත්තෝ ටිකක් ඒ ගැහැනු අය ෆලෝ කරල කතාවට ගන්න බලනවා....ඉතින් ඒක වදයක් නේ....ඒ නිසත් කියන්න ඕන උනත් අදහස හංගන් ඉන්නව.

අපි කියමු ඔබෙි පොත ට කැමති කෙනෙක් කරන්න ඔිනා දේ ගැනත්.
අගෝස්තු 31 හවස 4 කොළඹ සුදර්ශියේ දි මේ පොත එලි දක්වනවා...එදාට එන්න...වෙනස් දෙයක් එතන තියෙයි....කලු කෝපි එකක් බොන ගමන් විදගන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :