ads
News
Loading...

ස්ටෙෆනිගෙ ජීවිතේ රහස් ගොඩක් එළියට




ඇය 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කර ගැනීමට සමත් වූ සුන්දර යුවතියයි. ඉන් පසුව ස්ටෙෆනි එම වසරේම බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ද සමත් වූණා. ඒ විතරක් නෙවෙයි 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇය. ස්ටෙෆනි උපාධිධාරිනියක් මෙන්ම ක්‍රියාශීලී සමාජ සේවයේ නියුතු කාන්තාවක වන අතර ඇය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ද වනවා.

කොහොමද ස්ටෙෆනි මොකද වෙන්නේ මේ දවස්වල?

හොඳින් සතුටින් පවුලේ අය එක්ක ඉන්නවා. මේ දවස්වල වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා. ඒ එක්කම අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න කොරෝනා කාල සීමාවේදී සැලසුම් කළා. එහි වැඩත් කරගෙන යනවා.

මොකක් ද ඒ ව්‍යපාරය?

හ්ම්… ඒ ගැන නම් දැන්ම කියන්න බෑ. තව මාස දෙකකින් හරියටම කියන්නම්.

දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?

මම කවදාවත් නිරූපණ කටයුතු කරලා නැහැ. ඒත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් නිසා බොහෝ දෙනෙක් හිතනවා මම නිරූපණ ක්ෂේත්‍රය තුළ හිටියා සහ ඉන්නවා කියලා.

ලස්සන වෙන්න මොනවද කරන්නේ?

මම ගොඩක්ම පාවිච්චි කරන්නේ දේශීය දේවල් ඒ අතර පොල්තෙල් විශේෂ වෙනවා. මොකද පිරිසුදු සුදු පොල්තෙල් කියන්නේ ශරීරයට ඉතා හොඳ දෙයක්. ඊට අමතරව ගෙදරම පැක් එකක් හදාගෙන දානවා. මම විශ්වාස කරනවා හදවතින් ඇතුළාන්තයෙන්ම අපි ලස්සන නම් ඒ ලස්සනත් මුහුණෙන් පේනවා කියලා.

මොකද අපි කෙනෙක් පළමු පාරට දැක්කම විතරයි බාහිර ලස්සන දකින්නේ. ඊට පස්සේ ඒ කෙනා දකින දකින වාරයක් පාසා අපි දකින්නේ එයාගේ ඇතුළාන්තය. ඒ නිසා බාහිර ලස්සනට වඩා හොඳ ඇතුළාන්තයෙන් ලස්සන වෙන එක.

දුෂ්‍යන්ත්ගෙන් කොහොමද ලැබෙන සහයෝගය?

හොඳ සහකරුවෙක්. මගේ ජීවිතේ හොඳම යාළුවා. මගේ ළඟින්ම ඉන්න හොඳම සගයා. මාව තේරුම් ගැනීම මගේ ගමනට ලොකු සහයෝගයක් දෙන්නේ දුෂ්‍යන්ත්. මොකද මගේ වැඩවලට දුෂ්‍යන්ත්ගෙන් ලැබෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක්. ඒ අතින් මම වාසනාවන්තයි දුෂ්‍යන්ත් වගේ කෙනෙක්ගේ බිරිඳක් වීම ගැන. කෑම වුණත් අපි දෙන්නම එකතු වෙලා හදනවා. මොකද දුෂ්‍යන්ත්ට පුළුවන් රසට කෑම හදන්න.

මේ කාලය තුළ ළඟා කරගන්න තියෙන ඉලක්ක මොනවද?

මුලින්ම මගේ ව්‍යාපාර කටයුත්ත තියෙනවා. ඒ එක්කම මම අලුතින් සිංදුවක් කරන්න ඉන්නවා. ඒ වගේම මම කොපරේටිව් ට්‍රේනින් කරනවා. දැන් ඒක ඔන්ලයින් ක්ලාස් විදියටත් මම කරගෙන යනවා. ඒ එක්කම මම ආසයි ලයිෆ් කෝච් කෙනෙක් වෙන්න.ඒ වෙනුවෙන් අවශ්‍ය දේ වෙනුවෙනුත් මේ කාලය යොදවලා තියෙනවා.

සිංදු කියන්න පටන් ගත්ත විදියත් අපි මතක් කරමු නේද?

මම ඉස්සර නාන කමරේ දී විතරයි සිංදු කිව්වේ. පාසල් කාලයේදී නම් සිංදු කියලා තියෙනවා. ඒත් කවදාවත් මම හිතුවේ නැහැ එළිමහන් ප්‍රසංගවල සිංදු කියන්න පුළුවන් කියලා. දුෂ්‍යන්ත් ට මගේ ගායනය ගැන විශ්වාසයක් තිබ්බ නිසා මට දවසක් කිව්වා ඔපෙරාවක හඬ පරීක්ෂණයක් තියෙනවා එන්න කියලා. මම කිව්වා මට රඟපාන්න බැහැ ඒ නිසා මට එන්න බැහැ කියලා. මොකද මට කට්ටියක් ඉස්සරහ සිංදුවක් කියලා පුරුද්දක් තිබ්බේ නැහැ මම හැමදාම සිංදු කිව්වේ හුදකලා තැන්වල. හැබැයි දුෂ්‍යන්ත් මාව උනන්දු කළා ඇවිත් බලන්න ඔයාට පුළුවන් ද කියලා. ඉතින් මම ඒ අවස්ථාවට යනවා කියලා මම ගියා. පොඩි බයකුත් තිබ්බා. එදා මාව තේරුණේ නැහැ.

හිතට එදා නම් ලොකු දුකක් ආව. මගේ ගායනය ඒ තරම් දුර්වලද කියලා හිතුණා. ඒ වුණාට දුෂ්‍යන්ත් මාව ශක්තිමත් කළා. බලාපොරොත්තු නැති කර ගන්න එපා කියලා. මම ආයේ අවස්ථාවක් අරන් දෙන්නම් ආයේ උත්සාහ කරන්න කියලා. ඒ අනුව තමා මම ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා. අනිත් හැමෝටම කලින් පුහුණු වීම්වලට යන්නෙත් මම. එතනින් අන්තිමටම එන්නෙත් මම. හැමෝම කෑම කන වෙලාවට පවා මම කළේ පුහුණු වීම් කරපු එක. ඊට මාස තුන හතරකට පස්සේ තමා මට අවස්ථාවක් ලැබුණේ. ඔහොම තමා මම ගායනයට එන්නේ.

ස්ටෙෆනි කියන්නේ අභියෝගය භාරගන්න කැමැති කෙනෙක් ද?

ඔව්. මම කැමැතියි මට ලැබෙන අවස්ථාවන් භාර ගන්න. මට මගේ ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමා මම භාර ගන්න ඕනෙම දෙයක් සාර්ථක කර ගන්න මම කැප වෙනවා. මම ගායනයට වුණත් එදා එහෙම කැපකිරීමක් කළේ නැත්නම් අද ගායිකාවක් වෙන්න බැහැ. ඒ නිසා අභියෝගය භාරගන්න ඕනේ එතකොට තමා ජීවිතේ ලස්සන වෙන්නේ. මොකද ජීවිතේ ඉස්සරහට යන්න නම් අපි අමාරු දේවල්වලට මුහුණ දෙන්න ඕනේ. නැත්නම් අපිට ඉන්න වෙන්​නෙ හැමදාම එකම තැන. දැන් මට සිංහල කතා කරන්න හොඳටම බැහැ. නමුත් මම කොහොම හරි සිංහල හොඳින්ම කතා කරන්න ඉගෙන ගන්නවා.

අනුෂා රණසිංහ





In



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :