ads
News
Loading...

කෝටි ගණන් වංචා කරපු ලෝක හොරෙක්ව අල්ලගත්ත පොලිස් ගේම




අහස පොලව නූහුලන අපරාධකාරයන් දැන් රට තුල එන්න එන්නම වැඩිවෙමින් පවතී.පසුගිය දා යක්කල පොලිස් ස්ථානයේ අපරාධ අංශය විසින් අල්ලාගන්නා ලද අමිල ශ්‍රීමාල්නමැති අපරාධකාරයා විසින් සිදුකර ඇති අපරාධ ගණන මෙතැකැයි කිව නොහැකි තරම්ය

මෙි සියල්ල ඇරඔුනේ ටයිරෝ කිං නවාතැන්පොලට මෙම අමිල නැමැත්තා පැමිණි පසුවය.ඒ අසල නිවසක පදිංචි සිසිර නමැත්තා සමග කුළුපගවූ අමිල ඔහු සමග මිත්‍රව ඇත.

අපි ගෙදරක් හදනව ගම්පහ...එතකන් මෙහෙ ඉන්නෙ"

මෙලෙස කාරණා පැවසුවද අමිල විසින් ගෙන යන්නේ වංචනික වැඩය.ඔහු රාත්‍රී කාලයේ වංචාවන් සදහා දඩයම් කරගන්නා අයගෙි සැලසුමක් සකසයි.අමිලගේ දැලට පැටලුනු සිසිර තම රට සිහිනය සදහා සිසිර විසින් මුදලක් ඔහුට ලබාදෙන ලද්දේ අමිලගේ ඥාතියෙකු ඔස්ට්‍රියාවෙි සිටින බව පැවසූ නිසාය.ඒ අනුව මුදල් රැගෙන අමිල ටික කලකින් මාරු වී ඇත.
මෙම හෝටලය තුල සිට තම අපරාධ රැල්ල මෙහෙය වූ අමිල නමැත්තා එක්තරා ආකාරයකට වංචා කර ඇත්තේ කිසිවෙකු නොසිතන ලෙසිනි.මිනිසුන් රට යැවීමට අමතරව වාහන කුලියට දීම මෙන්ම කාන්තාවන් විකිණීමද ඔහුගේ සෙල්ලම විය.මෙි සදහා ඔහුට වෙනත් පොලිස් ස්ථානයක නිලධාරින් ගේද සහය ලැබී ඇත.

කෙසේ වෙතත් අමිලගේ විසින් සිසිරගේ මුදල් නොදීම මත කාලයක් තිස්සේ මෙම සිදුවීම ඔහු පොලිසියට නොකිව්වද අවසානයෙ යක්කල පොලිස් ස්ථානයට ගොස්  ඔහු පැමිණිල්ලක් දමයි.  එම පොලිස් ස්ථානයට නියුතු බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් සැරයන් ජනත් මහතා හා යක්කල පොලිස් අපරාධ   අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගීගනගේ මහතා අදාල විමර්ශන කටයුතු මෙහෙයවා ඇත.
අමිල නමැති මෙම වංචනිකයා යන එන මං බලමින් දින ගණන් ඔත්තු බැලූ පොලිස් සැරයන් ජනත් මහතා හට ආරංචි වන්නේ ඔහු අනතුරකට පත්ව ඇවිදින්නටද නොහැකි බවයි.ඔහුට වාහනයට නැගීමට පවා උදව් කරන්නේ අමිලගේ බිරිදයි.ඇයද ඔහුට උදව්කරන්නේය.
  " පොලීසියෙන් නවත්තනව වාහනය" අවසානයේ අමිල කොටුවන අතර ඔහුගේ අපරාධවල වගතුග දැන් ටිකෙන් ටික එලියට එමින් ඇත.හොටෙල් ස්ථානයේ සිට මිනිසුන් රට යවන බව පවසා තමන් ව්‍යාපාරිකයෙකු ලෙස හැගවූ මොහුව කොටු කරගන්නට ජනිත දරන පරිශ්‍රමය නිසා හොරකම් රැසක අගමුල හෙලිවන්නේය.

    ඒ අනුව මොහුට විරුද්ධ නඩුවක් B1491/2020

ගොනු වන අතර දැනට සිරභාරයේ සිටින අමිලට ඔහුගේ බිරිද වන ද උදව් කර ඇති බවට හෙලිව ඇත.කාරණා මෙලෙස වුවද අමිලට උදව් කරමින් කාන්තාවන් නිසා තම තනතුර පාවා දුන් එක්තරා පොලිස් නිලධාරින් කීප දෙනෙක් ගැනද දැනගන්නට ලැබී ඇත.ඔහු ගැනද නොදුරු දිනෙක අප හෙලිකරන්නෙමු.
   අපට කියන්නට ඇත්තේ පොලීසිය තුලට ඇගිල්ල දිගු කරලද ජනිත වැනි සුවිශේෂී නිලධාරීන්ට දිවා රෑ වෙහෙසී තම රාජකාරි සිදුකර අපට සිදුකරන සේවය අතිමහත් බවයි.

  අමිල ශ්‍රීමාල්ගේ බිරිද වන ඉඔුල්ගොඩ පදිංචි තරංගා සංජීවනී දැනට හේමාස් ගම්පහ රෝහලේ සේවය කරන අතර අමිල විසින්කකලවංචා වලට ඇයගෙන් අනුබලයක් ලැබී ඇතැයිද සැකයක් ඇත.එමෙන්ම බදුල්ල ,උඩප්පුව,කොස්වත්ත,බණ්ඩාරගම,යක්කල  ආදී ප්‍රදේශවලද අමිල වංචාවන් ගණනාවක් කර ඇති බවද වාර්තාවෙි. 
අමිල නවාතැන් ගෙන සිටි හෝටලය


අමිල ශ්‍රීමාල් නමැති දරුණු හොරා


 - බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන් ජනත් මහතා

අමිල නිසා වංචාවන්ට හසුවූ අය ඇත්නම් 
0332225984
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :