ads
News
Loading...

රෙගේ ලෝකය හොල්ලන චුල්ල භක්තික








අද වෙත්දි රෙගේ කියන්නෙ මත්ද්‍රව්‍ය වෙලා.ඒක නොවිය යුත්තක්.මෙහෙම කියන්නෙ ලංකාවෙ ඉදන් ස්විඩන් වලට ගිහින් රෙගේ සංගීතය ලෝකෙට ගෙනියන චුල්ල භක්තික.අද ගොසිප්ලන්තය ආර්ට් එකට ගොඩවුනේ චුල්ල භක්තික.

ලංකාවෙි රෙගේ සංගීතය ගැන රටින් පිට ඉන්න ඔබට දැනෙන දේ

මෙහෙමයි ලංකාවෙි ඉදන් යුරෝපයට ආවත් මෙහ රෙගේ ගීත කියන්නෙ යුරෝපයේ ජීවත් වෙන ලාංකිකයන්ට.එහෙම නැතිව ලෝකෙ ඉන්ටනැෂනල් රෙගේ ආටිස් කෙනෙක් නෑ.ඊට හේතුව ලංකාවෙ අයගේ නිර්මාණ නෑ.

එහෙම කියන්න හේතුව

රෙගේ කියල කොලයි කහයි රතුයි දාගෙන කරන වැඩක් විතරයි.අහපුවහම ඒකෙ නිර්මාණයක් නෑ.නමක් හැදිලවත් නෑ.ඉන්නවයි කියන ජනප්‍රිය අය ගෙ පිටින් ලංකාවෙි අයට තැනක් නෑ.අවංකවම බැලුවොත් නිර්මාණ නෑ.හරියටම කිව්වොත් එයාලා රෙගේ ආටිස්ල නෙවෙි.ගොඩක් අය කලවම් වෙලා.සිංදු දහයක් ගත්තොත් එකක් රෙගේ.ලංකාවෙි අනුකරණයෙන් තමා ජීවත් වෙන්නෙ.යථාර්ථයවාදී අදහසක් මතුකරන අවස්ථාවන් නැති කරල දාලා.

මුල්කාලෙ තිබුනට වඩා දැන් ගොඩක් අය රෙගේ වලට උනන්දුයි

අසූ අනූ ගන්න වලට වඩා රෙගේ වලට කැමති තරුණ පරපුරක් ඉන්නව.අපි දුපතක් විදියට ජැමෙයිකාව අප්‍රිකාව අපේ සංස්කෘතිය සමග ටිකක් ලගයි.ඇගේ දැනෙනව වගේ.හිපොප් රොක් වලට වඩා දැනෙනව.ලංකාවෙ බීච් එක වටෙි ගියත් බොබ්මාලේගේ ලංකාවෙි ජනප්‍රිය ආටිස්ලගෙ පින්තූර අලවගෙන ඉන්න ප්‍රවනතාවක් තියෙනව.හැබැයි අභාග්‍ය ඉස්සර රෙගේ අහපු අය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙල

ඒක දරුණු දෙයක් නේද

මගෙ ගමෙිම අය එහෙම ඉන්නව.ඒ අය ට කොන්සට් කරත්දි එන්නෙ නෑ.නටන්න බෑ හින්දා.අපේ ලංකාවෙි රෙගේ කියන්නෙ දැන් මත්ද්‍රව්‍ය වෙලා.ගියපාර මම ලංකාවට ආව වෙලේ ඒක දැක්කා .ඉස්සර කොන්සට් වල ඉඩක් නෑ

චුල්ල භක්තික කියන්නෙ ඇත්ත නමක්ද

ඔව්.ඒ නම හැදුන විදිය හරියටම කිව්වොත් ප්‍රශ්නයක් වෙනව.මෙි නම ලැබෙන්න හේතුව පුනර්භවය විශ්වාස කිරීම කියල කියමු.

ස්විඩනයෙ සංගීත කටයුතු කෝමද

බෞද්ධයෙක් හැටියට එයාල මට ආදරෙයි.මට අවස්ථාව ගොඩක් එහෙදි ලැබිල තියෙනව.ගොඩක් රෙගේ අය අප්‍රිකා.මම තමයි ආසියාවෙි කෙනා රෙගේ කියන ස්කැන්ඩිනේවියානු වලදි.මම කරන්නෙ ගෘප් මන්ත්‍රන් රෙගේ.බුදුන් එක්ක බැදුන පිරිත් වගේ දේවල් එකතු කරල ඉන්ස්පරේෂන් ඇල්බම් එක කලා.ස්විඩන් වල ඒක වැඩියි රෙගේ වලට දැන් තියෙන උනන්දුව.
මම අපේ සංස්කෘතිය එකක් රෙගේ එකතුකරල තියෙනව.අප්‍රිකාවෙි අයට එහෙම දෙයක් නෑ.ඒ අවස්ථාව ලොකු දෙයක්.මම ස්ටෙිජ්වල මන්ත්‍ර එහෙම ගායනා කරනව.ගොඩක් සමර් එකට ජූනි ඔක්තෝම්බර් රෙගේ පෙස්ටිවල් වල ඉන්ටර්නැෂනල් ආටිස්ල එක්ක ගීත කියනව.ස්බී ටීවී වන් වගේ ජනප්‍රිය නාලිකාවක කල්චර් පෝගෑම් වලට ගියා.එතනදිත් ගොඩක් අය මං ගැන කතා කලා.

ලංකාවෙි ඔබ කැමති ගායන ශිල්පීන්
ආචාර්ය පණ්ඩිත් අමරදේව මහත්මයා ,කැමතිම ගායිකාව විශාරද නන්දා මාලනී මහත්මිය.

සංගීතයට අමතරව මොකද කරන්නෙ?

මම කම්පැනියක අව්රිස් මොඩන් ඉන්ස්ටිටිටුට් වල සංගීත භාණ්ඩ හදනව.ගිබ්රි ⁣ඩ්‍රම් සෙට් එක හදනවා.ඒ වගේම ඉංදියාවෙි ගිහින් යෝගා ඉගෙන ගෙන යෝගා දැන් උගන්වනව.මම ලී වලින් නිර්මාණ ආදිය කරනවා.ඒ වගේම විවිධ විසිතුරු දේවල් හදනව.කලාව තමයි ජීවිතයම මගේ.

ලංකාවට ඇවිත් කොන්සට් එකක් කරනවද

අපේ භාෂාවෙන් ගීතයක් ඉදිරියට ගෙනියන්න අදහසක් තියෙනව.ඔව් ඉදිරියෙදි එහෙම බලාපොරොත්තුවෙනව.අපේ ගුණධර්ම ඉදිරියට ගෙනියන්න උත්සහ කරනව



තව ලිපි පහළින් කියවන්න



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :