ads
News
Loading...

කටකාර චරිතවල රගපාපු මිචෙල්ට වෙච්ච දේ....


  සල්සපුනා පොඩි පත්තරකාරී දැන් ලොකු දුරක් ඇවිල්ලා.මෙි දවස්වල මිචෙල් දිල්හාරා තමයි මුහුණු පොතේ ගොඩක් අයගෙන් හාට් ලැබෙන රංගන ශිල්පිනිය වෙලා තියෙන්නෙ ඉතින් මිචෙල් ගොසිප්ලන්තය  Hit weekend එක්ක මෙි විදියට එකතුවුනා.

මිචෙල් පොඩි වුනාට දැන් ලොකු ලොකු වැඩ කරනව නේද?
  සල්සපුනා නාට්‍යයට පස්සෙ මෙි දවස්වල දංකුඩ බණ්ඩා නාට්‍යයේ වැඩ.තව සංජය නිර්මාල් අයියගේ තුත්තිරි නාට්‍යයටත් එකතු වුනා.


පිටසක්වල ජීවියෙක් ගෙ චරිතය රංගන ශිල්පිනියකට වෙනස් අත්දැකීමක් වෙන්නත් ඇති 
   ඔව්.තුත්තිරි ටෙලි නාට්‍යය වෙනස්.ඒකෙ කතාවෙන්නෙ කාලීන සමාජ ප්‍රශ්න ගැන.ඒ නිසාම මිනිස්සුන්ට සමීප වෙනව.

දඟකාර කටකාර විදියට  ⁣කොටු නොවුනු චරිත ලැබුනෙ කොහොමද?

   සංජය නිර්මාල් වගේම උදාර පල්ලියගුරු නිෂ්පාදකතුමාටත් ස්තුතිවන්ත වෙනවා මෙි චරිතය මට භාර දුන්නට.එයාලා මට ගොඩක් උදව් කලා.

මිචෙල් දැන් අලුත්ම වැඩකට අතගහල කියල ආරංචියි

    ඔව්.මම මීට කලින්  ප්‍රසන්ටින් හදාරල තිබුනා.මගෙ මුල්ම නාට්‍ය සිරස ටීවි එකෙන් පටන් ගත්තෙ.16 +සදහා නිවෙිදනයට මාව තෝර ගත්තට සුසාර දිනාල් මහතාටත්,අධ්‍යක්ෂ ඩිලාන් දේවින්ද,නිෂ්පාදක ළහිරු හේෂාන්ටත් ස්තුතිවන්ත වෙනව⁣.මෙික අලුත්ම විදියට කරන වැඩක්.මායි සංගීතුයි තමා ප්‍රසෙන්ට් කරන්නෙ

දක්ෂතාවයට අද තැන නැතුව නෙවෙි නේ
   බාහිර පෙනුමත්අවශ්‍යයි.හැබැයි ටැලන්ට් එක තියෙන්නම ඔිනා.මට හම්බෙන නිර්මාණ තුල උපරිම කරනවා.මෙික මගෙ මුල්ම ප්‍රසෙන්ටින් ප්‍රෝගෑම් එක.මම හිතුවෙවත් නෑ මෙච්චර ලොකු වැඩක් කියලා.මම උදේ ගියා වැඩසටහන ට සෙට් එක හදාල ඉවර වෙත්දි රෑ හතයි.පළවැනි වැඩසටහන කරල ඉවරවෙල වෙලාව බලත්දි පාන්දර තුනයි.දෙවැනි වැඩසටහන ඉවර වෙත්දි පහුවදා උදේ දහයයි.එක දිගට වැඩසටහන් දෙකක් රුගත කලා.16 + ගැන මෙහෙම මුලින්ම මම කතා කලෙත් ගොසිප්ලන්තය එක්කයි.

මිචෙල් චැනල්වලට කොටුවෙච්ච කෙනෙක් වගේ?

  මම නම් එහෙම නෑ.  දැනට නාට්‍ය දෙකක්  සිරසෙ විකාශනය වෙනව.නමුත්  සුනිල් කොස්තගෙ සුදු ඇදගෙන සද ඇවිදින් නාට්‍ය වගේම රනිල් කුලසිංහගෙ පූරි නාට්‍ය දෙකෙත් වැඩ කලා.ඒවා වෙනත් නාලිකා වල වැඩ.මට චැනල් වලින් බලපෑමක් නෑ.හැබැයි මුලින්ම වැඩ ලැබුනෙ සිරස හින්දා

රියැලටි වැඩ පෙන්වන්න හිතුවෙ නැද්ද?
   ගායනය,නර්තනය නිලියක්ට ගොඩක් වැදගත්.රියපැදවීම කරාටි ඒවත් වැදගත්.මම තාම අලුත් .තාම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකහමාරයි.මට ටාගට් එකක් තියෙනව රගපෑම ගැන.

ඔයා එක්ක ආපු සෙට් එක හැලුනා නේද?
   රගපාන්න ආවට එක එක අයගෙ ටාගට් වෙනස්.මෙතන රැදීම හරිම අමාරුයි.එයාලා එයාලගෙ වෙන වෙන ටාගට් වල යනව.එයාලා එයාලගෙ අවශ්‍යතාවයන්ට අපරිම උත්සහ කරනව ඇති.















මිචෙල් ක්ෂේත්‍රයේ මිත්‍රයො ඇති කරගන්න බයද
   සල්සපුනා වල දමිතා අක්කා,ගයනි අක්කා,ශනාලි අක්කා,රම්‍යා ආන්ටි ,සිඳු එකේ අධ්‍යක්ෂකතුමා රගපාන අය වගේ හැමොම මගේ යාළුවො.මොරින් ආන්ටි,ගයාන් අයියවත් මතක්කරනව.එක යාළුවෙක් කියල නෑ හැමෝම කැමතියි මට.

ඔයාගෙ රගපෑමට කැමති රසිකයො ඉන්නවද
  මට හොද ප්‍රතිචාර දෙන්නෙ ෆේස්බුක් එකේ යාළුවො .එයාලා හින්දයි අපි මෙහෙම ඉන්නෙ.ඊට අමතරව චැරිටි වැඩ වලදිත් මට ගොඩක් අය හම්බෙනවා.එයාලා අතින්ම හදපු තෑගිත් දෙනවා.

කොණ්ඩෙ වෙනස් කරල⁣ චරිතෙ වෙනස් කරපු අවස්ථා ගැන කියමු
   මම සල්සපුනා,දංකුඩ බණ්ඩා එකම විදිහ තිබ්බත්.සිදු වල වෙනස් වුනා.ඒත් සුදු ඇදගෙන සද ඇවිදින් වගේම පූරි වලත් කොණ්ඩෙ වෙනස් කලා.හොද චරිතයකට කොණ්ඩෙ වෙනස් කරනවා.

රංගන ශිල්පිනියන්ට වැඩ වැඩ නිසා නිර්මාණ නරඔන්න බැරිවෙනව කියන්නෙ ඇත්තද?
    මම නම් මම රගපාපු නාට්‍ය බලනව.ඒ වගේම අඩුපාඩු හදාගන්නව.ගෙදර අයත් බලල කියනව.තුත්තිරි නාට්‍යය මොබයිල් එකෙන් බලනව.

ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් අාදර යෝජනාවක් ආවොත්?
    
  මට එහෙම වෙලා.මං චූටි පාටට ඉන්න හින්දද කොහෙද සහෝදරියකට වගේ සලකනවා.

සිනමාව ඔීනැම කෙනෙක්ගෙ හීනයක්?
  මට අවස්ථාවක්ලැබුනා.ඒකෙ කාස්ටින් කලා.ඒ ගැන වැඩි විස්තර මුලින්ම ගොසිප්ලන්තයට කියන්නම්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :