ads
News
Loading...

නීතියේ දූෂණ හොයන සුගන්ධිකාට අවවාද...


ගවුමක්‌ ඇඳ ඊට උඩින් කළු කබායක්‌ හැඳ මාරවිල දිසා හා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීමට පැමිණි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට උසාවි රීති අනුව ගැලපෙන ඇඳුමක්‌ හැඳ ගෙන උසාවි එන්නැයි මාරවිල දිසා විනිසුරු මහෙස්‌ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පෙරේදා (20 දා) අවවාද කළේය.

 මේ දිනවල කථා බහට ලක්‌වී සිටින නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට, ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ නියමයන්ට අනුව අධිකරණය ආමන්ත්‍රණය කිරීමට පැමිණෙන ලෙස දැන්වූ විනිසුරුවරයා ඇය පෙනී සිටි නඩුවට වෙනත් දිනයක්‌ද නියම කළේය. සුගන්ධිකා මහත්මිය මඳවේලාවක්‌ උසාවියේ රැඳී සිට වෙනත් නඩුවලට පෙනී නොසිට ඉවත්ව ගියාය.

 මේ අතර මාරවිල නීතිඥ සංගමය ඇයගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් අගවිනිසුරුවරයා වෙත යෑවීම සඳහා ලිපියක්‌ද අත්සන් කළහ.

 සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද මාරවිලට පෙරේදා (20 දා) පස්‌වරුවේ පැමිණ සිටියහ.

සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය හලාවත උසාවි සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක බවත් ඇයගේ ක්‍රියා කලාපය පිළිබඳව එහි නීතිඥවරුන් පිරිසක්‌ විරෝධය පළ කර ඇති බවත් මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතා  පැවසීය.
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :