ads
News
Loading...

චමීර නිලියකට පෙම්කලාද


චමීර ලියනගේ නම් ඔහු මේ පසු කරන්නේ සිය රංගන දිවියේ තවත් එක් වසන්ත සෘතුවක්. මේ වසන්ත කාලයේ සමීර රන්තිලිවැව ටෙලි නාට්‍යයේ දාස, ගිරිදේවි ටෙලි නාට්‍යයේ කුමාර සහ රාවණ ටෙලි නාට්‍යයේ කාලමේඝ සමගින් එක්​ වෙයි.

කොරෝනා තත්ත්වය අමතක කරලා එක දිගටම වැඩ නේද?

කොරෝනා තත්ත්වය රටේ වැඩියෙන්ම පැතිරුණ දවස්වල තමයි රන්තිලිවැව රූගත කිරීම් කළේ. මං මැරෙන්න බය නැහැ. නමුත් මට වාහකයෙක් වෙන්න නම් බැහැ. ඒ නිසා මම උපරිම ආරක්ෂා වෙලා නිර්මාණයටත් සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

මේ දිනවල දාස නිසා චමීරට වැඩියෙන් ආදරය ලැබෙනවලු නේද?

රන්තිලිවැව ටෙලි නාට්‍යයේ දාසගේ චරිතයට යන යන තැන මිනිස්සු පට්ට ආදරෙයි.
ඇත්තටම මමත් ඒ චරිතයට ආදරෙයි. ඒ වගේ චරිතයක් මට ලබාදීම ගැන එහි අධ්‍යක්ෂ චනික පෙරේරා අය්යට ස්තුතිවන්ත වෙන්න ඕන.

දාසට මේ තරම් ආදරේ ලැබෙන්න හේතුව ලෙස ඔබ දකින්නෙ?

දාස අසාධාරණයට විරුද්ධව පෙනී සිටින මිනිස්සුන්ට උදව් කරන ආදරණීය චරිතයක් නිසා වෙන්නැති.

මෑතකදී චමීර රඟපෑ චරිත අතරින් සිත්ගත් චරිතය මොකක්ද?

වෙස් ටෙලි නාට්‍යයේ රමේෂ්ට ආසයි. ඒ වගේම රාවණ ටෙලි නාට්‍යයේ කාලමේඝටත් කැමැතියි. දාස කියන්නෙත් යන යන තැන මා කරා ආදරය රැගෙන එන චරිතයක්.

ගිරිදේවි ටෙලි නාට්‍යයේ කුමාර ගැන පැහැදීමක් නැද්ද?

මම කුමාරටත් කැමැතියි. කුමාර කියන්නේ මාර චරිතයක්. අනිත් කාරණය මේ දවස්වල ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ටෙලි නාට්‍යය ගිරිදේවි.

ආරම්භය කියන්නෙ යළ යළිදු නොයා යුතු ඉසවව්ක් කියලද චමීර හිතන්නේ?

නැහැ මගේ ආරම්භය මට ඉතා විශේෂයි. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ඇවිත් චරිතයක් කළේ 2013 අවුරුද්දේ. ඒ ගයා රම්‍ය අල්විස් අධ්‍යක්ෂණය කළ ඉන්දික ධර්මතිලක සහාය අධ්‍යක්ෂණය කළ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍යයේ ජීවන්ගෙ චරිතය. එම රංගනය වෙනුවෙන් 2015 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය සඳහා මාව නිර්දේශ වුණා. එදා මාව එම චරිතයට නිර්දේශ කළ සහාය අධ්‍යක්ෂවරයා දැන් අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණය තමයි ගිරිදේවි.

චමීර රංගනයට නොආවා නම්?

බොහෝ විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කරයි. මොකද මම නළුවෙක් වෙන්න කලින් ඉදිකිරීම් ආයතනයක වැඩ කළා.

හෙට මේ ක්ෂේත්‍රයේ වැඩ නැති වුණොත් තෝරාගන්න ක්ෂේත්‍රය මොකක්ද?

එහෙම නොවෙන්න තමයි අද වෙහෙසිලා වැඩ කරන්නේ. මං කරන සුළු හෝ මොනම චරිතයට වුණත් උපරිම සාධාරණයක් ඉටු කරනව නම් තමන්ට හැමදාම මේකෙ රැඳිලා ඉන්න පුළුවන් කියල විශ්වාසයක් මට තියෙනවා.

චමීර තිරයේ දී වැඩියෙන් පෙම් කළේ කාටද?

ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ යන ශිල්පිනියන් දෙදෙනා එක්ක තමයි මට වැඩියෙන් පෙම් චරිත රඟපාන්න ලැබිල තියෙන්නේ.

මෑත කාලයේ රඟපාද්දි හොඳම සහායක් දුන්නෙ කව්ද?

මම මේ ළඟදි බිමල් ජයකොඩි අය්ය එක්ක රඟපෑවා. ඒ අත්දැකීමට මම හරිම ආසයි. එයාගෙන් ලැබෙන සහායත් එකක් අපිට අපේ චරිතය ඉබේටම රඟපෑවෙනවා.

මේ කාලේ වගේම චමීරට අතීතයෙත් වැඩවලින් පිරුණ දවස්ද තිබුණේ?

නැහැ. ඇත්තටම වැඩ නැතිව මාස ගණන් ඉන්න සිද්ධ වුණ කාල තියෙනවා. මේ දවස්වල වැඩ ටිකක් තියෙනවා. ගිරිදේවි, රන්තිලිවැව, රාවණ ටෙලි නාට්‍යවලට අමතරව ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයාගේ අලුත්ම ටෙලිනාට්‍යය වන ‘දාම්’ හි ප්‍රධාන චරිතය ලැබිලා තියෙනවා.

චමීර බොහොම වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා වගෙයි?

නැහැ අවුරුදු 12ක් තිස්සෙයි මම මේ ගමන එන්නේ.

දර්ශන තලයට ගිහින් හිස් අතින් ආපහු හැරිල ආපු තැනුත් ඒ අතීතයේ තියෙනවද?

එහෙම වෙලා නැහැ. මම මුලින් කළේ සොයා ගිය එකයි. මහේන්ද්‍ර පෙරේරා අය්යගෙ වැඩමුළුවලට, අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට ගිහින් ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගනිද්දි මට චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනව කියලා මම අවබෝධ කරගත්තා. දුෂ්කරතා මැදින් මම ම යා යුතු මාවත සොයාගත්තා.

පොරොන්දු වූ මුදල් නොලැබී ගිය අවස්ථා තියෙනවද?

මට නම් පොලු වැදිලා නැහැ. මිනිස්සු වැඩක් භාරගන්නේ සැලසුම් කරලා. එහෙම පොරොන්දු වෙලා වැඩක් කරලා ඒ සල්ලි නොලැබුණහම දුකක් ඇතිවෙනවා. නමුත් මම කරපු හැම නාට්‍යයකම මට සල්ලි වෙලාවට ලැබුණා. ඇත්තටම වැඩක් කරද්දි මම ඉස්සරහට දාන්නෙ සල්ලි නෙවෙයි. කවුරුහරි මට කිව්වොත් මල්ලි සල්ලි දෙන්නම් මේ වැඩේ කරගෙන යමු කියලා මම ඒ විදිහට ඕන තරම් වැඩ කරලා තියෙනව. ඒ මුදල් ලැබිලත් තියෙනවා.

නිළියකට පෙම් කරන්න හිතක් පහළ වෙන්නෙ නැද්ද?

එහෙම හිතෙන්නෙ නැහැ. ඒ ගැන හිතනවට වඩා මගේ ඉදිරි ගමන ගැන මම හිතනව.

ඇයි ආදරය එක්ක අමනාප වෙලාද?

මම ආදරය කරලා තියෙනවා. ආදරයෙන් පැරදිලා තියෙනවා. මේ කාලයේ ආදරයක් ගැන හිතනවට වඩා ජීවිතයට මීට වඩා දෙයක් එකතු කරගෙන පස්සෙ ආදරය කරන එක හොඳයි කියලා හිතෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :