ads
News
Loading...

තවත් කොටියෙක් මන්දකින් නසී



ගම්පොළ දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අටවා තිබූ මන්දකට අසුව කොටියෙකු ඊයේ (23) මරණයට පත්ව ඇත.
වයස අවුරදු හතරක් ක් පමණ වන මෙම කොටියා ගොදුරු සොයා එන අතර මන්දේ පැටලී ඇති අතර ඉන් ගැලවීමට උත්සහ කළ අවස්ථාවේ උදර ප්‍රදේශය සිරවී මරණයට පත්ව තිබේ.
හොඳින් වැඩුණු මෙම කොටියා දිගින් අඩි පහක් පමණ වෙයි.කොටියා මන්දට අසුව සිටිනු දැක ප්‍රදේශවාසීන් ඊයේ (23) පෙරවරු 8.00 ට පමණ වනජීවි දෙපාර්තුමේන්තුවට දැනුම් දී තිබේ.එම නිලධාරීන් පැමිණෙන විටත් කොටියා මියගොස් සිටි බව ප්‍රදේශවාසීහූ පවසති.
මෙම වසර තුළ උඩරට වතුකරය තුළ කළු කොටියෙකු ඇතුළු කොටි හත් දෙනෙකු මරණයට පත්ව තිබේ.වනජීවි දෙපාර්තුමේන්තු වාර්තා වලට අනුව ගම්පොළ,නාවලපිටිය හා නල්ලතන්නිය වනජීවි කාර්යාල බල ප්‍රදේශය තුළ මරණයට පත්ව තිබෙන කොටි සංඛ්‍යාව 40 කට ආසන්නය.

Asela Kuruluwansha
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :