ads
News
Loading...

ත්‍රීවීල් ස්ටාර්ට චාමර දැන් මොකද කරන්නෙ




කාලෙකට කලින් ත්‍රීවීල් ස්ටාර් වෙච්ච චාමර දිල්ෂාන් රාජසේකර කියන්නෙ මගේ වෙලා ගීතය එක්ක ජනප්‍රිය වෙච්ච ගායන ශිල්පියා.ඉතින් මෙවර ගොසිප්ලන්තය කතාබහට එකතුවෙන්න ඔහුයි.


* ත්‍රීවීල් ස්ටාර් කිව්වහම කවුරුත් හිතුවෙ ඒ ක්ෂේත්‍රයේ තරගයක් කියල

  නෑ ඩෙිවිඩි පීරිස් ආයතනය තමයි මෙි ගායන තරගය ට අනුග්‍රහය දුන්නෙ.ඒ නම හැදුනෙ ඒ විදියට.2015 අවුරුද්දෙ තමයි ඒ තරගය තිබුනෙ

* දැන් කාලෙ වගේ ඒ කාලෙ රියැලටි වලට පහසුකම් අවමයි

   ඒක ඇත්ත.මම ඇතුළු තරගයේ හැමෝම ඒ අභියෙ⁣ා්ග වලට මුහුණ දුන්නා.ඇතැම් වෙලාවට මට කැමති මගේ ප්‍රදේශයේ ජනතාව තරගය සදහා sms එකක් ගහන විදියවත් දැනගෙන හිටියෙ නැති අවස්ථාත් තිබුන.

* ඔබෙි ප්‍රදේශයත් කලාවට ගොඩක් ළග තැනක්

    ඔව් පොල්ගහවෙල කියන්නේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් බිහිකරපු පලාතක්.කණ්ඩායම් සංගීතයෙදිත් එහෙමයි.

* වැඩිපුරම චාමර දකින්න ලැබුනෙ බෙග්ගෙ,ප්‍රයාගෙ ,මිල්ටන් ගෙ ගීත වලින්

  ඇත්තටම මම ගීත ගායනා කරන්න වැඩිපුර කැමතිත් එයාලගෙ .රසිකයන් වුනත් ඒකට ගොඩක් කැමතියි.

* ඔය අතරෙ ඔබෙිම ගීතයකුත් ආව නේද?

   ඔව්. මගේ වෙලා ගීතය ඒ සදහා හොද ප්‍රතිචාර ලබා දුන්නාමගෙම වෙලා පදරචනය මලිති මධාරා.සංගීතය චන්දන වල්පොල.ඒ වගේම වීඩියෝ ව කලේ අජන්ත ඒකනායක.

* පොල්ගහවෙල ඉදන් කොළඹ ට ඇවිත් කාපු කට්ට ගැනත් කියමු.

  මගේ යාළුවෙක් ඉන්නව සුධීර කියල.ඔහු ගොඩක් මට කොළඔදි උදව්කලා.ඒ වගේම අජන්ත අයියවත් විශේෂයෙන් මතක්කරනව.ඊට අමතරව සහරා ප්ලෑෂ් ගායන කණ්ඩායම මතක්කරනව.

* ඔබෙි අලුත් ගීත නිර්මාණය ගැනත් කියමු නේද ?
    
    ඒ ගීතය තමයි පින්තාසාරියේ.ඒගැනත් ලොකු බලාපොරොත්තුවක් තියෙනව.
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :