කටහඩ හින්දා හැමෝගෙම හිත්වල ඉන්න හැමෝටම බෑ.අද ගොසිප්ලන්තය කතාබහට එකතුවුනේ සිත රේඩියෝවෙි සහකාර කළමණාකාරිනිය රුවනි.
ගුවන් විදුලි තරංග අතර සිරවුන නිවෙිදිකාවක් වෙච්ච ඔබ මෙි දවස්වල කිවිදියෙකුත් වෙලා?
ලිවීම කියන්නෙ කොහොමත් මගේ ජීවිතේ ලොකු කොටසක්. ඒක පුංචි කාලේ ඉඳන්ම මම ආසාවෙන් කරපු දෙයක්. කවි නිසඳැස් කලාවක් විදියට මම ගොඩක් හදාරලා නැති උනත් රහට ලියන්න මම හැමදාම ප්‍රියයි. මගෙ රැකියාව උනත් පවතින්නේ කියවීම ලිවීම කියන කාරණා දෙකත් එක්කමයි. රහට ලියන්න හුරු වෙනවා කියන්නෙ රහට කියන්න හුරු කරනවා කියන එක.
රහ එක්ක එකතුපහසු වීම නිවෙිදනයට බලපෑවෙි කොයි විදියටද?
නිවේදනය කියන්නෙ කලාවක්. එතනදි රහ අඳුනන රහ මතු කරන තරමට හඬේ හැඩ වැඩි වෙනවා. හැමදාම වැඩසටහනක් පටං ගනිද්දි මම හොයාගත්තු රැස් කරගත්තු රහ දේවල් අවස්තානුකූලව යොදාගන්න එක හරහා තමයි රහ සහ මයික්‍රපෝනය අතර බැඳීම මම හදාගන්නේ.
ඔබෙි ඇරඔුම ගැනත් කියමු
ඒක අහඹුවක්. මගේ වෘත්තිමය සිහින වුණේ ඉංජිනේරුවරියක් වෙන එක. නමුත් උසස් පෙළින් පස්සෙ ප්‍රථිඵල එන්නටත් කලින්ම මම රේඩියෝවට සමබ්න්ධ වෙනවා. ඒ 2004 දෙසැම්බර් 27 වෙනිදා. රජ එෆ් එම් තමයි මගේ ගමනේ මුල.
අතීතයේ රේඩියෝ කලාවට වඩා දැන් රේඩියෝව කලාව කෘත්‍රිමත්වයක් ආරෝපනය වෙලා.ඔබටහිතන විදියට එහෙම වුනේ කොයි කාලෙන් පස්සෙද?
ඒකට නියමිත කාලයක් නෑ. එදත් අදත් ඉදිරියටත් ඔය අවුල් තත්වය රේඩියෝව තුල තියෙනවා. මේ සංසිද්ධිය හැමදාම වෙමින් පවතිනවා. මෙතන අවධානය යොමු කරන්න ඕනේ එහෙම සිද්ධ වුණේ මොන කාලෙද කියන එක නෙවෙයි. ඇයි එහෙම සිද්ධ වුණේ කියන එක. දශක එකහමාරක් තිස්සේ මම උගත් කරුණු සහ එක්කාසු කරගත් අත්දැකීන් ඇස්දැකීම් හරහා මගෙ අදහස නම්, රේඩියෝවේ තීරණ ගන්න කණ්ඩායමේ ගැටළුවක් තියෙන්නෙ කියන එකයි. සමස්තය එසේ නොවෙතත් බහුතරට ඔය ගැටළුව ඇති කරනවා. රේඩියෝව නොදන්නෝ රේඩියෝවෙ පළමු පෙල හිටගත්තම අපි බලාපොරොත්තු වෙන වඩා රසවත් රේඩියෝව බිහි කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. රේටින් හෝ වේවා, වාණිජමය හේතු හෝ වේවා දෙශපාලනික බලපෑම් හෝ වේවා රේඩියෝවට මේ සියල්ලෙ බලපෑම පාලනය කරගන්න තරන් කොඳු නාරටියක් තිබෙන්න ඕනෙ. දැනුමත් පෞරුෂයත් නිර්මානශීලිත්වයත් තියෙන ලොක්කො හැමතැනම නෑ ඒකයි ඔබට දැනෙන ඒ කෘතිම බව අද බොහෝ රේඩියෝ වලින් ඇහෙන්නෙ.
අපි දකිනවා පුංචි තිරයට එන නිවෙිදිකාවන් ඇතැම් විට ජනප්‍රියත්වය මතපනමුත් ඊට සාපේක්ෂව ඔවුන් ගුවන්විදුලි වැඩසටහන් වලට පෙලඔුමක් නැ?
උනන්දුව නැතිකමට වඩා මට හිතෙන්නෙ ඔවුන්ට ඒ අභියෝගයට මුහුණ දෙන්න ශක්තියක් නෑ කියන එකයි. රූප පෙට්ටියේ සහ රේඩියෝවේ වෙනස ඔබ දන්නවා. බාහිරව ඔබේ පෙනුමෙන් පූරක කුසලතාවයේ පවතින බොහෝ අඩුලුහුඬුකම් වසා ගන්න රූප පෙට්ටියේදී පුළුවන්. නමුත් රේඩියෝවෙදි ඔබට ඒ බොරුව කරන්න බෑ. රේඩියෝ නම් වචන හරඹය පුලුවන් වෙන්නම ඕනෙ. ඉතිං අද කාලෙ කවුද කැමති එහෙම මහන්සි වෙලා දේවල් ලබාගන්න. හැඩට ඇඳලා වේශ නිරූපණ ශිල්පීන්ට පිං සිද්ධ වෙන්න ගොඩක් දෙනාට අද රූපවාහිනීයට එබෙන එක හරි පහසුයි. ඒකට දක්ෂකමක් ඕනෙම නැති තරම්.
කටහඬට රසිකයන් ඇතිවෙන එක ස්වභාවයක්නෙ ඔබෙි ජීවිතයෙත් එහෙම අමතක නොවන අවස්ථාවක් ඇති?
ඔව් මම හරිම ගෞරවනීය විදියට ඇසුරු කරන පිරිසක් තමයි මගෙ අසන්නෝ කියන පිරිස. මගේ පළවෙනි අසන්නා ඒ කියන්නෙ මට මුලින්ම වැඩසටහනකදී මට කතා කරපු පළමු අසන්නා නමින් ධනුෂ්ක. රජ එෆ් එම් එකේදී පුහුණු වෙන කාලේ වැඩසටහනකදී තමා ඔහු මට කතා කරන්නෙ. එතනින් ආරම්භ වෙලා අද වෙනකන් මම ගුවනේ සරපු හැම රේඩියෝවකින්ම මම එකතු කරගෙන ආපු අසන්නන් පිරිසක් ඉන්නවා. මම චැනල් එක මාරු කලාට අසන්නා මාව මාරු කරලා නැති බව ඔවුන් හැමදාමත් මට මතක් කරල දෙනවා. ඒ හැම මොහොතක්ම හැම අසන්නෙක්ම මට ජීවිතේ අමතක නොවන මතක තමයි.
අද ඩිජිටල් මාධ්‍ය නිසාම නිවෙිදකයා කියන වෘත්තීය හැමකෙනෙකුටම හැකි යැයි සිතන තැන් තියෙනව.එය වෘත්තියට වෙන අසාධාරණයක් නේද
එක් පැත්තකින් ඒක රේඩියෝවට සහ රූපවාහිනීයට අභියෝගයක් තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රේඩියෝවක ටීවී එකක වැඩ කරන්න ඇත්තටම හැකියාව තියෙන නමුත් අවස්තාව නැති කෙනෙකුට ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හොඳ අවස්තාවක්. ඒක හරවත් විදියට වෙනස් විදියට භාවිතයට ගන්නවද කියන තැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අනික ඩිජිටල් මාධ්‍ය හරහා නෙවෙයි නිවේදෙකයෙක්ගේ වෘත්තිය මුලින්ම හෑල්ලුවට ලක් කලේ. ඒක කලෙත් රේඩියෝ ටීවී වලින්ම තමයි. දැන් උනත් මම වගේම ඔබත් දකිනවා අහනවා ඇති ඒ පූරක වෘත්තිය හෑල්ලු වෙලා තියෙන විදිය. මම ඉන්නෙ එතනදි ඩිජිටල් මාධ්‍යට ලොකු චෝදනාවක් කරන්න බෑ කියන තැන.
මෙි දවස්වල මොනවද වැඩ කටයුතු වෙන්නෙ
දැනට මම සිත එෆ් එම් හී සහකාර වැඩසටහන් කළමණාකාරිනියක් හැටියට සේවය කරනවා. ඊට අමතරව මගෙ කවි පොත වෙනුවෙන් මහන්සි වෙනවා. ඊට අමතරව සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේක ගොඩ කාලෙක ඉඳන් තියෙන හීනයක්. හැබැයි රස්සාව ගෙදර අනෙකුත් වගකීම් එක්ක මට ඒකට කාලය වෙන් කරන එක අපහසු වුණා. නමුත් දැන් මම ඒ වෙනුවෙන් කාලය වෙන් කරගෙන තියෙන්නෙ. හැකි ඉක්මණින් පාඨකයන්ට පොත රසවිඳින්න ඉඩ දෙන්න තමයි අදහස.
0 Comments :
Post a Comment