ads
News
Loading...

පොදු ගැන සැර කතාවක්


පොදු කියන්නේ අසාර්ථක නිර්මාණයක්.....

පොදු ගැන විශේෂයෙන්ම ලියන්න හිතුවේ විනාඩි 60 අඩු ටෙලිනාට්‍ය ශානරය නියෝජනය කරන නිසා. අපි නිතර Netflix, Amazon Prime, Etc වල දකින tele series එකක් ලංකාවේ කරා කිව්වා ම පොඩි සොමියකුත් දැනුනා. ඒකට හේතුව තමයි ලංකාවේ මේ මොහොත වන විට ටෙලිනාට්‍ය ආකෘතිය යල්පැන ගිය තත්ත්වයක තියෙන නිසා. ඉතිං මාත් දඩ බඩ ගාලා YouTube එකේ පොදු දාගෙන බැලුවා. ඒක බලලා ඉවර වුනාම දැනුනේ වෙනම හැගීමක්.
මේ ටෙලිනාට්‍ය කරන්න සැහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඒක දැක්කාම පේනවා. මට හිතන්නේ අඩුතරමින් එක Episode එකකට ලක්ෂ 10 වත් වියදම් කරලා තියෙනවා. මොකද මේ වගේ Production එකක් කරන එක ලේසි නෑ...මේ පිටපත ඉස්මයන්න ගොඩ දාන්න තිබ්බ එකක් කියලා මට හිතන්නේ. නමුත් ඒක උපන් ගෙයිම කෙලෝගෙන තියෙන්නේ.
මෙකේ ප්‍රධාන චරිත කරන ආදී, නිලූ, කෞෂි ගත්තාම, ඒකෙනුත් ආදීට රගපන තරුණයා මම පලවෙනි පාරට දැක්කේ, හැබැයි මෑන් ඇතුලේ නලුවෙක් සතු විය යුතු තරු ගුණය තියෙනවා. නිලූ හා කෞෂි අතර ගොඩ නගන අන්තර්සම්බන්දය(මිත්‍රත්වය) හරි අපුරුයි
කියලා මට හිතන්නේ. ඒක ඇතුලේ සියුම් සමලිංගික හැගීමක් ඔබ්බවන්න මේකේ අධ්‍යක්ෂවරිය දැන හෝ
නොදැන සමත් වෙලා තියෙනවා. ඒක හිංදාම ඔවුන් දෙදෙනා තරුණ තරුණියන් අතර පට්ට ජනප්‍රියයි. කලන ගුණසේකර ගැන කියන්න විශේෂයක් නෑ හැබැයි කලන මෙතෙක් කල් රැකගෙන ආව නලුකමේ කන්‍යාභාවය දෙරණ මාධ්‍යයේ මේසේ උඩට අත ඇරීම මූලු දෙරණම එකතු වෙලා කලණට පෝලිමක් දැම්මා වගේ වැඩක් වෙලා තියෙන්නේ.
අනික් කාරනය තමයි Sounds වල තිබ්බ අවුල. Netflix වගේ Digital 5.1 අපිට කරන්න ඔනේ නෑ... හැබැයි අවම තරමින් කරදරයක් නැතුව කනට ඇහෙන ගානටවත් නැති එක විශේෂයෙන්ම කියන්න ඔනේ. තව කාරනයක් තමයි මෙකේ Makeup කිරිල්ල, මගේ ආදරණීය මිත්‍රයා රසාදරී පීරිස් ව Makeup කරලා නෙවෙයි සමහර වෙලාවට එම්බාම් කරලා වගේ පේන්නේ. විශේෂයෙන්ම රසාදරීගේ කටහඩ ගැන මතක් කරන්න ඔනේ. අපි ඇයට ආදරය කලේ ඇගේ ස්ත්‍රී ලාලිත්‍ය සහිත හඩ නිසා. හැබැයි පොදු එකේ රගපාන්න ඇවිල්ලා රසාදරීට වුනේ පොඩි පහේ හානියක් නෙවෙයි.
ගීත නිර්මාණය නං සිරාවටම තියෙනවා. නව තාරුන්‍ය අපුරුවට ඒ හරහා නියෝජනය වෙනවා. හැබැයි කැමරාකරනය නං සැහෙන්න අවුල්. මම හිතන්නේ දෙරණ ඇතුලේ කරන පොඩි පොඩි වැඩ වගේ නෙවෙයි පොදු කියන්නේ. එහෙම එකේ අඩුතරමින් මේ වගේ වැඩකට අත හුරු DOP කෙනෙක් ගන්න තිබ්බා. මොකද Wedding Shoot කරන විදිහට " පොදු " කරන්න බෑ... Editing ගැන නං මම කතා කරන්න දෙයක් නෑ... මොකද Editor වැඩ කරලා තියෙන්නේ Cutter විදිහට විතරයි.
දමිළ අධ්‍යක්ෂවරියක් වන ශර්මිලා දර්මරාසාගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය නරකම නෑ. හැබැයි ඔය ගොං මාධ්‍ය කියන තරං මාර නෑ... මොකද ලංකාවේ හැටි වැඩක් කලාම බදාගෙන ඉඹලා ඉඹලා ගොනාට අන්දන එක. මොහොතකට අපි උපකල්පනය කලොත් ශර්මිලා කියන්නේ 83 කෝලාහලයයේ වින්දිතයෙක් කියලා, එහෙම නම් ශර්මිලා කරන්න ඔනේ " පොදු " ඇතුලට තමුන්ගේ ජනතාව වෙනුවෙන් එක චරිතයක් හරහා හරි තමුන්ගේ මතවාදය ගෙනියන එක. හැබැයි එහෙම නොකර දෙරණේ උප - සභාපති ලක්සිරි වික්‍රමගේ නිතරම කරන පාට පාට අලියා බීම විකුණනවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ලක්ෂ 10 ක් එක Episode එකකට වියදම් කරනවා නං එලියේ කෙල්ලෝ කොල්ලෝ ඔන තරං ඉන්නවා සිරා වැඩ කරලා පෙන්නන්න පුළුවන්. 
                  ශර්මිලා මුලින්ම කරන්න ඔනේ “ දෙරණ TV “ එකට වඩා ලෝකයක් එලියේ තියෙනවා කියලා තේරුම් ගන්න එක. ඊට පස්සේ වෘත්තීයමය තලයේ මිනිස්සු ටිකක් එක්ක වැඩ කලොත් කවදාහරි ප්‍රධාන දහරාවේ ජනප්‍රිය වැඩ ටිකක් ඇය කරයි. ඇත්තටම දෙමළ ජානය ඇගේ තියෙන නිසා බයිස්කෝප් පුළුවන් බව හීනියට පේනවා. අවසාන වශෙයෙන් කියන්න තියෙන්නේ " පොදු " නං ලංකාවේ අපිට තියෙන Benchmark එක, අපිට සංසාරෙට Netflix යන්න වෙන්නේ නෑ... 

නදීර සේනානායක
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :