ads
News
Loading...

සිංදු ලියව්ව ගෑනු ළමයි දැන් කොහෙද දන්නෑ



ගායනය තුලට ගේ පද රචකයෙක් ලෙස සම්බන්ධ වුනු ඔහු නිවෙිදකයෙක් ලෙස හදුනා ගන්නේ fm derana නාලිකාව හරහා අදගොසිප්ලන්තය ආර්ට් වන් සදහා කතාබහට එකතුවෙන්නේ අමිල රුවන් නන්දසේනයි.

ඒ ගෑනු ළමයි මොනවකරනවද කොහෙ ඉන්නවද දන්නෙ නෑ

මුල්ම කෙනාට සින්දු 108 ක පොතක්ම ලිව්වා.

සංගීතේ නාට්‍යයත් මගෙ සංගීත ජීවිතයේ වටිනාකම වැඩිකලා.

අමිලව අපි අදුනගන්නෙ නිවෙිදකයෙක් විදියට.හරියටම අද වෙත්දි කොච්චර කාලයක්ද ඒ කලාවට?


මම fm දෙරණට සම්බන්ධ වෙන්නෙ 2010 අග.

Fm දෙරණට සම්බන්ධ වුණේ 2010 අග භාගයේදී.නමුත් ඊට පෙර විවිධ වර්ගයේ මාධ්‍ය ආයතන නියෝජනය කළා.2007 තුරුණු ශක්ති නිවේදන තරගාවලිය තමයි හැරවුම් ලක්ෂ්‍යය.

දැන් ඔය කාලෙදි බීම් එකේ ඉත්දිත් අමිල කොලවල කුරුටු ගානව කවි කෑලි.ඒ ගැනත් කියමු

ඒක මෙහෙමයි.මට ලිවීමේ හැකියාව තිබුණට ලියන්න කම්මැලියෙක් ඉස්සර මම.ඒ කම්මැලිකම නැති කරවලා මාව ඉදිරියට ගත්තෙ fm දෙරණෙ අපේ සහෝදර සහෝදරියන් පිරිස.අනතුරුව  පුරුද්දට වගේ කුරුටු ගාන්න පටන් ගත්තා

හැම ගීත රචකයෙක්ම උපදින්නෙ තමන්ගෙ ආදරණීය අත්දැකීමකින් අමිලටත් එහෙම දෙයක් නැතිව නෙවෙයිනේද

අනිවාර්‍යෙන් ඔව්.හිත ගිය කෙල්ලො දෙන්නෙක් නිසා තමයි සින්දු ලියන්න පටන් ගත්තෙ.පලවැනිිය O/L කාලෙ දෙවැනිය..⁣ A/L කාල..රුපය දෙන්නගෙම සමානකම් තිබුනා.මුල්ම කෙනාට සින්දු 108 ක පොතක්ම ලිව්වා.

දැන් ඒ ගෑනු ළමයි දෙන්නා දන්නවද ඒ ගීත ඔබ ලිව්වෙ එයාලට බව
ඒ නිර්මාණ බොහොමයක් ගීත බවට පත් කරන්න වුණේ  නෑ. මම ඉන්නෙ කොහෙද මොනවද කරන්නෙ කියලාවත් ඒ අය මේ වෙද්දි දන්නෙ නැතුව ඇති

අමිල මෙි වෙත්දි නව රැල්ලේ ගීත කිහිපයකම රචකයෙක්.ඒ ගැන දැනෙන සතුට?

ඇත්තටම මෙහෙමයි ..මගේ නිර්මාණ බොහොමයක් දෙරණ මාධ්‍ය ජාලයෙන් හදුනා ගත්ත ඒවා. Boys over flowers වගේ කොරියානු නාට්‍යය බලපු බොහෝ දෙනාට මගේ නම හුරුයි.මුතු අහුර,සංගීතේ වගේ තව බොහෝ නාට්‍ය මගේ නිර්මාණ වලට ශක්තිමත් පාදමක් වුණා.

ගායක ගායිකාවන් කිහිපදෙනෙකුටම වචනයෙන් ජීවය දීම කොහොම අත්දැකීමක්ද? ඉතින්

මුතු අහුර තේමා ගීතය ගැන කියමු

ඇත්තටම ඒක පෙර පිනට ලැබිලා උත්සහයෙන් ඔප වැටුණ දෙයක්.ලිව්ව කෙනා ජීවතුන් අතර නැති වුණත් වචන හැමදාම සමාජයේ හුස්ම ගන්නවා.මුතු අහුර ටෙලිනාට්‍යයේ තේමා ගීතය ,දිවිකතරේ මහවැස්සක් ගීතයට ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දි දැනෙන සතුට කියා නිම කරන්න බෑ

මෙි ප්‍රශ්නය එච්චර සාධාරණ නෑ.ඔබ කැමතිම ඔබෙි ගීතය?

තමන් උයන කෑමට බවලතියන් කැමති වගේම තමන් ලියන ගීත වලට රචකයින් කැමතියි.ඒක සාමන්‍යයි.මම ලියූ ගීත අතරින් බෝයිස් ඕව ෆ්ලවර්ස් තේමා ගීතය රෑ සිහිනයක් වගේ...ගීතයට මා විශේෂ කැමැත්තක් දක්වනවා

අමිලට තව නමක් කියනවනන්දෙ මචං කියල ඇයි ඒ

නිකම්ම මචක් නෙවෙයි..නන්දෙ මචං..ඒක මම වාහන සම්බන්ධව කරන යූටියුබ් චැනල් එකට දාපු නම.දැන් ගොඩක් අය කියන්නෙත් නන්දෙ මචං කියලා

කොහොමද ඒ අත්දැකීම ?

ලංකාවෙ මිනිස්සුන්ට වාහන කියන දේ හීනයක්.ඒකටු හේතුව ජපන් වාහන විතරක් අදහපු එක ..මම කරන්නෙ ප්‍රශ්න අඩුම,පාවිච්චියට හොදම සියලුම වර්ගයේ වාහන පිළිබදව වීඩියෝ තුළින් දැනුවත්කිරීම.මම කියනකල් සමහරු එහෙම වාහනයක් ගැන අහලවත් තිබුණෙ නෑ


විරුදු වැඩෙි පටන්ගත්තෙ කොහොමද

විරිදු ලිවීමේ හැකියාවක් තියන බව දැන ගත්තෙත් fm දෙරණ නිසා.මොකද fm දෙරණ ගුවන් විදුලියේ ඉරිදා උදේ 9 ට ඇම් වී ගුණදාස කලාකරුවා ඉදිරිපත් කරන අබුද්දස්ස කාලේ වැඩසටහන තමයි ලොකුම හේතුව.fm දෙරණ අපේ සහෝදරවරු මට ඒ අවස්ථාව මහත්මාත් ඒ නිර්මාණ අගය කලා.එතැන තමයි   මුුල ඊට පස්සෙ මම කැමතියි නෑණට නෑණා කැමති දෙරණට,තාත්තාගෙ ආදරේ වාගෙයි මහ සාගරේ,ඇතුළුව සහන් ජයශාන්තගේ ජනප්‍රිය නිර්මාණ බහුතරයක් ලියැවුණේ මගේ අතින්


අමිල ලියපු මුතු අහුර තේමා ගීතය






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :