ads
News
Loading...

කෝවිඩ් නසන්න වට සීයයක් ඇවිද්ද ටොම්


කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ තරුණ වෛද්‍යවරයාගේ මරණය වගේම බ්‍රිතාන්‍යයම කම්පා වෙන කොරෝනා මරණයක් අද එංගලන්තයේ බෙඩිෆර්ඩ් රෝහලේදී සිදු උනා. ඒ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් ගේ මරණය.

හිටපු හමුදා නිළධාරියෙකු වූ ටොම් මූවර් 2020 වසරේ දී කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සඳහා පවුම් මිලියන 33 ට අධික මුදලක් රැස් කිරීමට සමත් විය. එම නිසාම ඔහු බ්‍රිතාන්‍යයේ ජාතික වීරයෙක් ලෙස හැදින්විමට පටන් ගත්තා.

එවකට 99 වන වියෙහි පසුවූ කැප්ටන් ටොම් මූවර් සිය 100 වන උපන් දිනයට පෙර තම ගෙවත්තේ වට 100 ක් ඇවිදිමින් මෙම අරමුදල රැස් කිරීමට සමත් උනා. ඔහු එම වැඩසටහන ආරම්භ කලේ පවුම් 1000 වැනි අරමුදලක් රැස් කිරීම සඳහාය. එහෙත් ඔහුගේ ව්‍යාපෘතියට ලැබුනු විශාල ජනතා ආකර්ෂණය නිසා අවසානයේ එය මිලියන 33 ක පමණ දැවැන්ත මුදලක් උනා. ඇවිදින උපකරණයක ආධාරයෙන් එවැනි දුරක් ඇවිදිමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු විසින් සිදුකල විශාලතම ආධාර වැඩසටහන එය උනා.

දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ සහ බුරුමයේ සේවය කල ටොම් මූවර් මෙම ආධාර වැඩසටහන නිසාම පසුගිය වසරේ බ්‍රිතාන්‍ය රැජිණගෙන් නයිට්වරයෙකු ලෙස පිදුම් ලැබුවා. එලිසබත් මහ රැජිණ සියළු රාජකීය උත්සව නවතා ඇති සමයක ටොම් මූවර් වෙනුවෙන් උළෙලක් සංවිධානය කිරීම කැපී පෙනුනා. එතැන් සිට ඔහූ 'ශ්‍රීමත් කපිතාන් ටොම් මූවර්' ලෙස හැඳින් උනා.

2021 වසර එළඹීමේදී බ්‍රිතාන්‍යයේ පැවැති සුප්‍රසිද්ධ 31 රාත්‍රී ආලෝක සංදර්ශනයේදී ආලෝක ධාරා ආශ්‍රයෙන් ශ්‍රීමත් ටොම් මූවර් ගේ රැව අහසෙහි අඳිමින් ඔහුට උපහාර දැක්වීමටද බ්‍රිතාන්‍ය රජය කටයුතු කරා.

පසුගිය දින කිහිපයේදී නිව්මෝනියාව රෝගයෙන් පෙලුණු ටොම් මූවර් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් රෝහල් ගතකරනු ලැබුවා. එහිදී සිදුකරන ලද පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වැලඳී ඇති බව තහවුරු උනා. එතැන් පටන් ජාතික සෞඛ්‍ය සේවයේ ඉහළම සැලකිලි මත රෝහලේ ගත කල ශ්‍රීමත් ටොම් මූවර් අද(2) දින සිය ජීවිතියෙන් සමුගත්තා.

තිලාන් ජයසේකර
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :