ads
News
Loading...

ටික් ටොක් වලින් චරිතයක් මැව්ව හසිත මෙන්න




හසිත කලන කොළඔගේ කියන්නෙ ටික් ටොක් අතරින් ප්‍රහසනය වෙනස් විදියට මවන කෙනෙක්.අද ගොසිප්ලන්තය ටික් ටොක් හිට්ස් සදහා එකතුවුනෙ හසිත.


සමහර නෑදෑ පිරිසකගෙන් කැමැත්තක් තිබ්බේ නෑ.

හසිත මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්.කියන්නකො ටික් ටොක් තුල රංගනය පටන්ගත්තෙ කොයි විදියටද?

මුලින්ම tiktok වීඩියෝ කරන්න ගත්තේ 2018 අන්තිම කාලේ වගේ, හැබැයි සාමාන්‍ය විදියට තමා විඩියෝ කරන්න ගත්තේ. ඊට පස්සේ හිතට ආවා මේ app එකෙන් වෙන්ස් දෙයක් කරන්න පුලුවන්, ඒක නිසා චරිතයක් නිර්මාණය කරොත් ලොකු වෙනසක් තියෙයි කියලා හිතලා මම දැන් කරනවා වගේ චරිතයක් හැදුවා..

ගොඩක් අය ටික්ටොක් තුල නොකරන විදිහේ දෙයක් හසිත කරන්න ගත්තා.රංගනයටත් ආරාධනා ලැබෙන්න ඇති?

ඔව්.. ගොඩාක් විකට රංගනයන් වලට කතා කරා ඒ අතරින් 2019 වර්ශයේ හිරු ටීවී TikTok Show Reality program එකට විකට රංගන ශිල්පියෙක් විදියට සම්බන්ධයෙන් වුනා.

මෙි ගැන පවුලෙ අය මුලින් කැමත්ත තිබුනද

පොඩි කාලේ ඉදලා මම නර්තනය හදෑරුවා ඉස්කෝලේ ගොඩාක් ප්‍රසංග,තරග වලට ඉදිපත් වුනා..අම්මා.. තාත්තා..මල්ලිලාට ඒ දේවල් දැකලා ගොඩාක් පුරුදුයී ඒ නිසා බාධාවක් අකමැත්තක් තිබ්බේ නෑ. ඒත සමහර නෑදෑ පිරිසකගෙන් කැමැත්තක් තිබ්බේ නෑ.

ලංකාවෙි ප්‍රහසන රංගන ශිල්පියට තියෙන ගැන හසිතගෙ අදහස?

ප්‍රහසන රංගනය කියන්නේ අපි හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි.ලංකාවේ ප්‍රහසන රංගනය කරන බොහෝ දෙනාට විශාල තැනක් නෑ.. මීට වඩා හොද ඇගයීමක් තියනවානම් සහ හොද නිර්මාණයන් බිහිකිරීමට රංගන ශිල්පිනයන්ට උපකාර කරනවානම් මීට වඩා හොද වෙයි කියලා හිතනවා.

හසිතට කුඩා දරුවන් වගේම මැදිවියේ රසිකයනුත් විශාල පිරිසක් ඉන්නව.මොකද හිතෙන්නෙ ඒ ගැන?

ගොඩාක් සතුටුයි. මට ගොඩාක් Massage එනවා පොඩි අය පවා call කරනවා.පිටරට ඉන්න අපේ අය එහෙම කතා කරනවා.අවංකවම සතුටුයි

හසිතගෙ වැඩෙිට දැන් තවත් චරිත කිහිපයක් එකතුවෙල තියෙනව.ඒ සහය ගැනත් කියමු


ඔව් අනිවාර්යයෙන්.මගේම මල්ලීලා තමයි මගේ වීඩියෝ වලට සහය දෙන්නේ විශාල සහයක් හම්බෙනවා.වීඩියෝ කරන්න,රගපෑමට මේ හැමදේකටම ලොකු සහයක් දෙනවා.


වැඩිම වීඩියෝ ගානකදි ඇහෙන්නෙ සුසිලක්කගෙ කටහඬ.ඒම තෝරගැනීමක් කලේ ඇය ඔබ කැමතිම රංගනශිල්පිනිය නිසාද?
මම ගොඩාක් කටහඬ වලට වීඩියෝ කලා.. සුසිලා කෝට්ටගේ මහත්මියගේ කටහඩට වීඩියෝ කරන්න පටන් ගත්තාම ගොඩාක් අය කැමති උනා ඒක නිසා ඇයගේ කටහඩට විඩියෝ කරන්න පටන් ගත්තේ. වෙනත් කටහඩ වලට රංගනය කරන්න ගත්තාම ගොඩාක් අය කැමති නෑ.විශාල කැමැත්තක් තියනවා ඇයගේ කටහඩ විඩියෝ කරනවට.ඒ වගේම මම ඇයට ගොඩාක් කැමති.
අවසන් වශයෙන් ඉදිරියට අපිට දකින්න ලැබෙන කලා කටයුතු ගැනත් කියමු

තවත් නාලිකාවක Comedy Program එකට ආරාධනාවක් ලැබුනා. ඒවගේම ප්‍රහසන චිත්‍රපට්යක සහභාගි වෙන්න බලාපොරොත්තුවක් තියනවා.

ගොසිප්ලන්තය හසිත කලන දක්ෂ කලාකරුවෙකු ලෙස තවත් දවසක කතාබහකට එකතුකරගන්න බලාපොරොත්තුවෙනව.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :