ads
News
Loading...

සුභාවිත පද රටා අතර සංගීතයේ අසිරිය කැන්දන දිලනිගෙන් අලුත්ම නිර්මාණ පෙළක්



පාසැලේ සරසවියෙහි විනෝදයට කවි ලියූ පන්හිඳ පසුකළෙක ගීත රචනයට යොමු වුනා. ඒ කාලයේ කවි පද ලියූ පන්හිඳ අද ගී උල්පතක් .අද ගොසිප්ලන්තය මියැසි අද්දර කතිකාවතට එකතුවන්නේ කිවිඳිනියක්, ගීපද රචිකාවක්.ඇය දිලනි ශ්‍යාමා කස්තුරිආරච්චි .


කීර්ති පැස්කුවල් මහතාට දුරකථනයෙන් කතා කර ගීතය ලබා දුන් අවස්ථාවේ ඔහු ආපිටට nice song යනුවෙන් කෙටි පණිවිඩයක් එවා තිබුනා.

නැසී ගිය මහාචාර්ය අමරා රණතුංග කළාකාරිණිය මගේ නැන්දනිය

ගේය පදරචිකාවන් ඉස්මතු නොවන යුගයක දිලනි කියන පද රචිකාව මීට වසර කිහිපයකට පෙර අපට හමුවෙනව.එතැනින්ම කතාව පටන්ගමු?


පාසල් කාලයේ ඉඳලම කවි ගීත ගායනයට වගේම පද රචනයටත් දක්ශතාවයක් තිබුනා. ගීත ගායනයට තිබුණු හැකියාව වඩාත් ඉස්මතු වූ බැවින් ගේය පද රචනා හැකියාව යටපත් වුනා. ලංකාවෙන් බැහැරව ජීවත් වුන කාලයේදී ගීත ගායනයට අවස්ථාව අඩු නිසා මගේ කාලය කව්, නිසදැස්, ගේය පද සඳහා වැඩිපුර යොමු කිරීමට හැකි වුනා. මුහුණු පොතට එක් කළ නිර්මාණ හා බැඳුණු හොඳ රසික හිතවතුන් ක්‍රමක්‍රමයෙන් මා වටා එක් වුනා.

දිලනිගේ ගීත ලිවීමෙි හැකියාව මුලින්ම දැනගන්නෙ කවුද?

හත්වෙනි පන්තියෙදී මගේ සිංහල ගුරුතුමිය මම ලියූ කවියක් මතක සිටින තරම් වර්ණනා කර ඇගයීමට ලක් කර පන්තියටම ඇහෙන්නට ගායානා කරන ලෙස පැවසුවා. අදටත් එය මට මිහිරි මතකයක්.
ඉන් පසු කවි නිසදැස් නිර්මාණකරණයේ සිටි මා ගීත‍ රචනාවනට යොමු වන්නේ 2015 වසරේදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෙවූ කාලය හා බැඳුණු " රොබරෝසියා මල් මාවතේ" මගේ පළමු ගේය පද රචනාවයි. මගේම තනු නිර්මාණයකින් හා ගායනයෙනුයි එම ගී පද රචනාව එළි දැක්වෙන්නේ.

ඔය විදියට ඇරඔිච්ච ගීත කලාවට හොදම වටිනාකමක් ලැබුනෙ කොයිකාලෙදිද

මුල්ම ගේය පද රචනා තනු යොදා ගායනය කෙරුවේ මමමයි.
ගේය පද නොකඩවා ලියවෙන යුගයකනෙ දැන් අපි සිටින්නේ. කොහොම වුනත් හොඳ නිර්මාණනම් බිහිවෙන්නේ අතලොස්සක්. බොහෝ නිර්මාණ හා සසඳද්දී මගේ නිර්මාණ කොලයකට මූණු පොතට පමණක් සීමා කිරීම අසාධාරණයක් බවයි මටම හැඟුනේ. හැමෝටම මේ හැකියාව පිහිටන්නේ නෑ. කලාව දෙවියන්ගෙන් ලැබුනයි කිව්වට කලාකාරිනියෙක් කියන්නේ සොබාදහමේ අපූරු නිර්මාණයක්.
මීළඟ පියවර ලෙස මගේ පද රචනා අනෙකුත් ගායක ගායිකාවනට ලබා දිය යුතුයැයි තීරණයකට මා පැමිණියා.
කැනඩාවේ ඉඳගෙන මේ කටයුතු කිරීම අපහසු බැවන් මම 2020 දී ලංකාවට පැමිණියා.
අද මගේ නිර්මාණ ප්‍රවීනයන් අතට පත් කිරීම හෙමින් සිදු කරගෙන යනවා.
ලබා දුන් බොහෝ නිර්මාණ ඉතා සතුටින් බාරගත් අවස්තාවන් බොහෝයි. එය මගේ ඉදිරි ගමණට මහත් ආශිර්වාදයක් .
කීර්ති පැස්කුවල් කලාකරුවානට ලබා දුන් " මධුමතී ගේය පද රචනය ප්‍රවීන කලාකරුවෙකුට මා ලබා දුන් මුල්ම ගේය පද රචනයයි. එය ඔහු ඉතා සතුටින් නිම කල නිර්මාණයක් .



ලංකාවෙි ගේය පද රචිකාවක් ගායිකාවක් හැටියට එත්දි තියෙන අභියෝග මොනවද?

තියෙන ලොකුම අභියෝගය තමයි හොඳ නිර්මාණ මිනිසුන් අතරට ගෙන යෑම.
අද හැමදේකටම මුදල් ඕනේ . ලියන්න පුලුවන් උනාට මදි තරඟ කරන්න මුදලුත් අවශ්‍යමයි.
ඒ නිසා හොඳ නිර්මාණයක් කර එය ජනගත කිරීම තමයි තියෙන විශාලම අභියෝගය.

ගීත අතරෙ මධුමතී ගොඩක් කතාබහට ලක්වුනා නේද?

මධුමතී ගීතය විශේෂ ගීතයක්. මෙහි පද රචනාව ලියවුනේ කැනඩාවේදී . ගීතයට තනු නිර්මාණයක් කිරීමට භාරවුනේ ඉතාලියේ හිටපු සංගීතවේදී කපිල අපරැක්ක මහතාට. තනුව හා පද රචනය නිම වීමෙන් පසු එය වඩාත් සුදුසු කීර්ති පැස්කුවල් කලාකරුවානනට බවයි අප දෙදෙනාගේම මතය වූයේ.
කීර්ති පැස්කුවල් මහතාට දුරකථනයෙන් කතා කර ගීතය ලබා දුන් අවස්තාවේ ඔහු ආපිටට "nice song" යනුවෙන් කෙටි පණිවිඩයක් එවා තිබුනා. එතුමා ප්‍රවීනයෙක් වගේම reality තරඟ විනිසිරුවරයෙක්. මා දුටු නිහතමානීම කලාකරුවෙක්. ඔහුගේ හඬ මගේ ගේය පද රචනයට නොමසුරුව ඉතා සුහඳශීලීව ලබා දුන්නා කීවොත් වඩාත් නිවැරදියි. රසිකයින් ආදරයෙන් වැළඳගත් ඒ ගීතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ශයක්.


දිලනි තවත් ගායන ක්ෂේත්‍රයේ අපි හදුනන අය සමඟ අලුත් ගීත කිහිපයකට සූදානම් වෙනව නේද


ඔව්. මේ ක්ශේත්‍රයේ ප්‍රවීණම ශිල්පීන් කිහිප දෙනෙකු සඳහා ලබා දුන් ගේය පද රචනාවන් සඳහා පන පෙවීම මේ දිනවල සිදු කරගෙන යනවා.
තවත් එවැනි කලා ක්ශේත්‍රයේ සුභාවිත ගීතය ඉදිරියට රැක ගත් සහ රැක ගත හැකි ප්‍රවීණ කලාකරුවන්ගේ සහ කලාකාරිනියන්ගේ හඬින් මගේ ගේය පද රචනා ඉදිරියේදී ඇසේවි. මෙම ගීත සඳහා ඉතාමත් මියුරු තනු යොදා සංගීතය මුසු කරන කපිල අපරැක්ක ප්‍රවීණ සංගීතවේදියාණන්ද මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා.

ප්‍රවීනයන් වගේම නවකයන් සමඟ ද වැඩ කරන්න දිලනි කැමතිත් ඇති?

ඔව්. ඒත් නවකයින්ව නිවැරදිව හඳුනාගන්න ඕනේ. අද මුදල් තියෙන ඕනේම අයෙකුගේ උත්සාහය ගායකයෙක් හෝ පද රචකයෙක් වීමයි. හැකියාව නැතත් මුදල් හැඳුනුම්කම් සහ තවත් කාරණා නිසා මාධ්‍යයේ පවා නිතර පෙනෙන්නට සිටිනවා ඔවුන්. ඔවුනට පැවැත්මක් නෑ. නැති බව ගැන අවබෝධයකුත් නෑ. හැකියාවක් තියෙන අයට අත්වැලක් වෙන්නයි මගේ කැමැත්ත. දක්ශයින් ඉදිරියට අරන් ඒමත් මගේ එක අධිෂ්ඨානයක්.


දිලනිට පවුලේ ආභාෂය ලැබුන කියල හිතන්න පුළුවන් විදිහේ මහා සෙවනැල්ලක් හිටියා.අපි ඇය ගැන වචන අවදිකරමු නේද?

මේතාක් දුරක් මා පැමිණියේ මගේ ස්වතන්ත්‍ර නිර්මාණ හා හැකියාවෙන්. කැනඩාවේ පැවති බොහෝ සංදර්ශන සඳහා මා ගායනා කලේ මගේම ගීත.
එනමුත් ගායන හැකියාව මගේ පියාගේ පවුල් පසුබිමින් මට උරුම වුනු දායාදයක්. මගේ පියාගේ සහෝදර සහෝදරියන් කලාවේ ප්‍රවීනයන්. නැසී ගිය මහාචාර්ය අමරා රණතුංග කළාකාරිණිය මගේ නැන්දනිය . ඇයත් මගේ මාමන්ඩිය වන දයාරත්න රණතුංගයනුත් සුභාවිත ගීතයට මහඟු මෙහෙවරක් කළ ශ්‍රේශ්ඨ හා ජේශ්ඨ කළාකරුවන්. නැන්දනියගේ හඬ ඒ ආකාරයෙන්ම මට පිහිටා ඇති බවයි මගේ පව්ලේ අයගේ හා හිත මිතුරන්ගේ හැඟීම.


නමුත් ඔබ යන්නේ ඔබගේම මාවතක.ඇත්තටම තමන්ගේ ම දෙයක් එක්ක කලාවට දෙයක් කරන්න හිතුනෙ ඇයි?


පුංචි කාලේ ඉඳලම මම ජීවිතේ දිහා බැලුවේ වෙනස් විදිහකට. කවුරුවත් ගිය මාවතක අපිට යන්න බෑ. ජීවිතයේ අපි එකිනෙකා විඳින අත්දැකීම් වෙනස්. මගේ ගමන ඒ අත්දැකීම් අතරින් ගලා යන වෙනස්ම ගමනක්. මම නිර්මාණ ලෙසින් එකතු කරන්නේ මගේ හෝ මගේ කරගත් මගේ සමීපතයින්ගේ අත්දැකීම් . ඒ නිසා නැවුම් අදහස් සහිත ගේය පද ලියවෙනවා.


කලාවට එහි පැවැත්මට හඬක් නොනගා කොහොමද.
දිලනිගෙ මීලග ගායනවා ගැන විස්තරයක් දැනගන්න කැමතියි

එයත් මගේම පද රචනයක්. මාර්තු මාසයේ මැද වෙනකොට එළි දක්වනවා. වෙනස්ම තනුවක්..මිහිරි ලෙස සංගීතවත්ව සුභාවිතව ඔබ සැමට ඇසේවි.

ස්වාමියෙකුගෙන් බිරිඳක් විඳිනා සෙනෙහස විවිධාකාර ලෙස අර්ථ කථනය කර ඇති අපූරු ගේය පද රචනාවක් එය.


මිහිරි කවියක්ය ඔබ හද නිවා සැනසවූ
නිසල වූ විල් දියකි පැතුම් සියපත් දැරූ
සොඳුරු සිහිනයකි ඔබ දෑස අබියස මැවූ
නිමල භාවනාවකි හිත දැහැන් ගත කෙරූ

ළපළු තුරු මඩලක් ය සිසිලසින් සෙවන වූ
ගලා යන ගඟුලක් ය සෙනෙහසින් ගත නිවූ

මහා හිරුමඬලක්‍ ය ජීවිතය එළිය වූ
ඒ එළිය රැගෙන මා සඳක් විය පින් සරූ



අවසාන වශයෙන් උදව්කරපු අය ගැන මතක් කරමුද ?

මගෙ දෙමව්පියන්ව මුලින්ම ආදරයෙන් සිහිපත් කරනවා.
මේ ගමනට මගේ එකම පුතු ලබා දෙන ධයිර්‍යය අතිමහත්. සෑමවිටම සෑම දෙයකම ගුණ දොස් කියා මා දිරි ගන්වන මගේ පළමු රසිකයාත් ඔහුයි.
ඒ වගේම මා ශාස්ත්‍රීය සංගීතය හැදෑරූ ශාන්ති දිසානායක ගුරු පියාණන්ද මෙතෙක් මා හා එක්ව නිර්මාණයන් කළ කපිල අපරැක්ක, නාලක අංජන කුමාර, සරත් පීරිස්, අනුර විජේසිංහ ආදී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන්ද ආදරයෙන් සිහිපත් කරනවා.
මේ හැම දෙයක් සමගම ගායනයෙන් හා ගේය පද රචනයෙන් නොසැළී ඉදිරියට යෑමට මේතාක් මා ලද ජීවන අත්දැකීම්ද මහඟු උපකාරයක් හා පිටුවහලක් .


දිලනිගේ ගීත පහල ලින්ක් එකෙන් නරඔන්න


මර්වින් ප්‍රියන්ත කලාකරුවානට රචනා කල තම්බපවනියේ ගීතයටත් බොහෝ පැසසුම් ලැබූවක්.

https://youtu.be/Fy0Jqs14_Uk

මවිසින් ගායනය කල "නුඹට ඇහෙනවද " ගීතයත් රසිකයන් ආදරෙන් බාරගත් නිර්මාණයක්
https://youtu.be/wyVlxV2K9NU


දිලනිගේ ෆේස්බුක් පිටුව සමගද පහළින් එකතුවෙන්න

https://www.facebook.com/dilani.Music


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :