ads
News
Loading...

තරුණියගෙ මළසිරුර ගෙනාවෙ කවුද

කොළඹ, වේල්ල වීදියේ දී හමුවූ ගමන් මල්ලක දමන ලද හිස නොමැති කාන්තා මළ සිරුර අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක රැගෙන පැමිණ ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පුද්ගලයා පැමිණි බස් රථයේ රියැදුරු ගෙන් සහ කොන්දොස්තරගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අදාළ පුද්ගලයා ගමන් මල්ල ද රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වුණු බව ඔවුන් ලබා දුන් ප්‍රකාශ වලින් සනාථ වී තිබෙනවා.

එම බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

මළ සිරුරේ හිස එහි නොමැති වීම නිසා අනන්‍යතාව තහවුරු කර ගැනීමට අපහසු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :