ads
News
Loading...

බීෆ් කේස් සිදුවීමෙහි මිය ගිය තරුණිය


ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලිසියට අනුයුක්තව උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර, කුරුවිට පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට සැකපිට පොලිස් නිලධාරීන්යෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ කාන්තාව කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවයි.

මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නැමැති මෙම විවාහක උප පොලිස් පරික්ෂකවරයා සොයා බඩල්කුඹුර, මහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකරු නිවසේ පසුපස දොරින් කැලෑවට පැන ඇත. ඊයේ (2දා) රාත්‍රිය වන විට ඔහුට සොයා මෙහෙයුමක් අරඹා තිබුණ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.


ඝාතනයට ලක්වී ඇත්මත් ලිනියාකුමාර දුලනිගේ දිලිණි යශෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙපාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමඟ සිට ඇත.


සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙහි කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හේටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර, එම හෝටලයෙන් පිටව ගොස් ඇත් පෙරේදා (01 දා) උදෑසන 10.00 ට පමණය, එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාත නය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4I00 ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාත නය කළ පසු සිරුර බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවාතැනේදී ඝා තනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරයද සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවෙන බවත්, බස්නාහිර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.


මරා දමා පැය ගණනකට පසු ව කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් සිඳුනොවී ඇත්තේ ඝාත නය වී පැය ගණනකට පසු ගෙල කැපු නිසා විය හැකි බව විමර්ෂන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත.

මෘත දේහය බහාලූ බෑගය වේල්ල වීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි ආයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටුපට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත. ඝාත නයෙන් පසු හංවැල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල – කොළඹ බස් රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.


ඝාත නයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේ තිබී හමුවී ඇත. මෙම ඝාත නය වූ කාන්තාව නිවසින් පිට වී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගත ඇත. සැකකාර උප පොලිස් පරික්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පතින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. “මම ලොකු වරදක් කළේ ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි, ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න, අම්මගෙ තුන් මාසෙ දානෙ දෙන්න. පොලීසිය මාව හොයාගන්න පුළුවන් තැනක සූසයිඩ් කරගන්නවා” යැයි ලිපියේ සඳහන් කර ඇත.


සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරු⁣වෙකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත‍්‍රියේ කැළැබඳ ප්‍රදේශයට ගොස් කැගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නොමැත. මේ අතර අද උදෑසන දෙරණ රූපවාහිනිය වාර්තා කර සිටියේ සැකකරු ලිපියේ සඳහන් කර ඇති ආකාරයටම ගෙළ වැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇති බවයිි.


 





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :