ads
News
Loading...

අසාධ්‍ය පිළිකා රෝගීන්ගේ ඖෂධ 18 ක් ගෙන්වීම නතර කරලා


මාස අටක් හෝ ඊටඅධික කාලයක් තිස්සේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පිළිකා රෝගීන් සදහා අවශ්‍ය නමින් සදහන් කල හැකි ඖෂධ 18 ක් ගෙන්වීම නතර කර දමා ඇත.මෙම ඖෂධ සියල්ල පිලිකා රෝගීන්ගේ ජීවිත තීරණයකරන ඒවා ලෙස හැදින්වෙි.
කෙසේ වෙතත් ඇතැම් ඖෂධ ලක්ෂ දෙක හා හතර ආදි මිලක් වන නිසා හදිසියේ ටෙන්ඩර් කැදවීමෙි බලාපොරොත්තුවෙන් කල දෙයක්ද යන්න සැකයක් පවතී.මෙි පිලිබදව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිහඩය.

යහපාලන කාලයේ අවස්ථාවෙි දී සිදුවු ගැටලු සහගත තත්ව ගැන කතාකරන්න ට සිටියේ පිලිකා රෝහලේ අධ්‍යක්ෂක වසන්ත දිසානායක වන අතර අද වනවිට ඔහු මියගොස් සිටින නිසා මෙි පිලිබදව වගකියන්නට කිසිවෙකු නොමැති වීම ගැටලුවකි.
අදාල බෙහෙත් ගෙන්වීම නතර කල විට spc ට විශාල ලාභයක් පවතින බව පෙන්වා දීමට මෙය කල දෙයක් යැයි ඇතැම් අයගේ මතයයි.එසේ පවසනවානම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රටෙි පිළිිකා රෝගීන් වලපල්ලට යැවීම නතර කිරීමට වගකිවයුතු අංශ උනන්දු විය යුතුය.

මෙහි ඇති පුදුම සහගත තත්වය වන්නේ එදා පිළිකා බෙහෙත් ගැන කතාකල වෛද්‍ය පාදෙනියමහතා ද අද වන විට නිහඩව සිටීමයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :