ads
News
Loading...

රුක්මාල් නමින් පෙනී ඉදල වංචා කරල




නිරූපණ ක්ෂේත්‍රයේ කවුරුත් හදුනන රුක්මාල් සේනානායක ට ලොකු ප්‍රශ්නයක් වෙල.මෙි ඒ ගැන ඔහු පල කරල විස්තරයයි.

උපුටාගැනීම
පසුගිය දින වල ව්‍යාජ ලෙස සැකසූ (076) 971 7090 දුරකථන අංකය සහිත Whatsapp ගිණුම් හරහා සහ ව්‍යාජ ලෙස සැකසූ Facebook ගිණුම් හරහා මාගේ නම සහ ජායාරූප භාවිතාකරමින් මා ලෙස අගවමින් යම් පිරිසක් විවිධ ක්ශේස්ත්‍ර වල කාන්තාවන්ට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ යවා ඔවුන් ගේ පෞද්ගලික ජීවිතයට හානි වන අයුරින් කටයුතු කර ඇත. එමන්ම මාගේ Facebook ගිණුම එම පුද්ගලයන් ගේ පාලනයට ගැනීමට කිහිපවාරයක් ඔවුන් උත්සහ කලේය.දැනට වසර ගනනාවක සිට ව්‍යාජ Facebook ගිණුම් හරහා සහ ව්‍යාජ Whatsapp ගිණුම් හරහා මෙවැනි ක්‍රියා සිදුකරන පිරිසක් ඇත. ඔවුන් සමාජයේ විවිධ පුද්ගලයන් ලෙස පෙනීසිටිමින් සමජයේ තරුණ තරුණියන් රවටා කරන වංචාවන් විශාල ලෙස මේ වන විට ඉහල ගොස් ඇත. මේ කටයුතු සදහා ව්‍යාපාරයක් ලෙස සහයෝගය ලබාදෙන පිරිසක්ද අප අතරම ඇත. ආසන්නතම සිද්ධිය වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටි පුද්ගලයා වේ. ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එවැනිම සංවිධානාත්මක පිරිසක් කලක් සිට වෙනත් පුද්ගලයන් ලෙස අගවමින් සමහර පිරිස් වලට මඩ ගැසීම , අල්ලස් ගැනීම , තර්ජනය කිරීම , ලිංගික අල්ලස් ගැනීම වැනි සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. මේ පිලිබද බොහෝ පිරිස් නීතිය හමුවට නොයන්නේ ඔවුන්ට සහය ලබාදෙන පිරිසක් බොහෝ ක්ශේස්ත්‍ර වල සිටින බැවිනි. මේ සමාජ විරෝධී ක්‍රියා සදහා ඔවුන් ට උපකාර කිරීමට සමහර තරුණ තරුණියන් සිටින බව පෙනෙන්නට ඇත. මෙම ක්‍රියා මගින් සමාජයේ සිටින බොහෝ තරුණ ජීවත වැරදි මාර්ගයට ඔවුන් නොදැනුවත්වම පත්වන්නේ ඔවුන්ගේ බලය නිසාවෙනි . නිරූපණ , කලා ක්ශේස්ත්‍රය ආදී විවිධ ක්ශේස්ත්‍රය වලට මෙය බලපාන කරුණකි. මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට බොහෝදෙනා බිය වන්නේ සමාජ විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයන් ගේ තැරැව්කරුවන් සමාජ මාද්‍ය ජාලා වල සුදු පිරුවට රගපාන දැවැන්ත චරිත බැවිනි.
මෙම කරුණු සම්බන්ධයෙන් මා පොලිසියට පැමිණි කල අතර මීට පෙරද දැනුවත් කර ඇත. මෙවැනි ක්‍රියා ගැන සැලකිල්ලෙන් සිටින ලෙසත් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වමි . මාගේ පෞද්ගලික දුරකථන අංකය හැර වෙනත් දුරකථන අංක මා භාවිතා නොකරන බවත් , Facebook මෙම ගිණුම පමණක් බවත් දන්වමි.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :