මෙි දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවෙි විකාශනය වන චලෝ නාට්‍යයේ බටූ විදියට රංගනයෙන් දායක වන පේෂනී ඒකනායක තමයි අද ගොසිප්ලන්තය ට ගොඩවුනේ
පේෂනී මෙි දවස්වල චලෝ නාට්‍යයේ දකින්න ලැබෙනවා.වැඩ පටන්ගත්ත විදියෙන්ම කතාව ආරම්භ කරමු
ම්ම් ඔව් අයියේ . මං මුලින්ම මතක් කරන්න ඕන ගයානි අසින්සල පියදිගම අක්කිව. ඇය තමා මුලින්ම මට මේ කතාවට ආරාධනා කලේ. මොකද අක්කි මාව අදුරන්නේ පොඩි කාලේ ඉදන්ම. ඉතින් අක්කි දැකලා තියෙනවා පොඩි කාලේ මම ෆුට්බෝල් සෙල්ලම් එක්ක ගෙවුන අතීතය. ඒ නිසා ඇය මට මේකට ආරාධනාවක් කලා. එන්න එහෙමයි මේකට සම්බන්ධ වෙන්න ලැබුනේ
කවුරුත් නොදන්නව වුනාට පේෂනී කියන්නේ මුල් කාලෙ වෙළද දැන්වීම් කිහිපයකටත් දායක වුනු කෙනෙක්?
මම වෙළද දැන්වීම් කිහිපයක්ම කලා සහ ඉස්සරහට කරපු වෙලද දැන්වීම් දෙකක් එන්න තියෙනවා. ඒත් මගේ උපාධිය එක්ක මට ගොඩක් කාලය වැය කරන්න ඕන උනේ ඒ වැඩ වලට.
චලෝ ක්‍රීඩාවත් එක්ක සමීප නිර්මාණයක් .පේෂනීගේ පාසැල් කාලෙ ගැනත් මතක් කරමු
ඔව් චලෝ කියන්නේ දුප්පත් හැබැයි හරිම සුන්දර ගමක වුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිමවුන පාපන්දු ක්‍රීඩාව මූලික කරගත් කතා මාලාවක් . මගේ මුල්ම පාසල උනේ මැදගම ජාතික පාසල. මම පාපන්දු ආරම්භ කලේ 5 වසරෙදි ඉතින් පාපන්දු ආරම්භ කරපු පාසල තමයි ඒ. ඒ අරම්භ කරපු ගමනෙන් ඔස්සේ මම 2009 /2011 16න් පහල ජාතික කාන්තා පාපන්දු කණඩායම නියෝජනය කලා. මේ වෙලාවෙම මං මතක් කරන්න ඕන මගේ මුල්ම කෝච් මද්දුම බන්ඩාර සර්ව ආදරෙන්. ඊට පස්සේ මම සීතාදේවී බාලිකා විද්‍යාලයෙන් සහ උසස් පෙලට මොනරාගල රාජකීය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා.
නාට්‍ය එක්ක එකතුවෙද්දි පේෂනීට තවත් යාළුවො හමුවෙන්න ඇති.ෂූටින් කාලෙ ගත වුනෙ කොයි විදියටද
මට ෆුට්බෝල් ෆීල්ඩ් එකේදි හම්බ වෙච්ච යාලුවෝ වගේම කලා වැඩ වලදි හම්බ වෙච්ච යාලුවන්ට අමතරව තවත් අලුත් යාලුවෝ පිරිසක් වගේම ආදර්ශමත් සීනියර් ආර්ටිස්ට් ලා කිප දෙනෙක් මට හම්බ උනා.
මිනිස්සු පිටින් දකින දේට වඩා ඇත්තටම අපි ලොකු කට්ටක් කෑවා අයියේ ශූට් කරන්න මේ රටේ තියෙන කොවිඩ් වසන්ගතයත් එක්ක. අපි ලංකාවේ ලස්සන තැන් කිහිපයකම ශූට් කලා. බිබිල යකුන්නාව , හොරණ දුම්බර වගේම රිවස්ටන් වල ලස්සනම තැන් වල දැනට කරපු කොටස් වලට යොදාගෙන තියෙනවා. ඉදිරියට ලංකාවේ තවත් ලස්සන ප්‍රදේශ ගොඩක ශූටින් කිරීමට නියමිතයි.
පේෂනීගේ අම්මා තාත්තා ගෙදරින් ලැබුන සහය නැතිව මෙි දේවල් කරන්න බෑනෙ.ඉතින් ඒ සහය කොහොමද දැනුනෙ?
මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මගේ අම්මා ගුරුවරියක් . තාත්තා ලංකා බැංකුවේ හිටපු කලමනාකරවරයෙක්. අක්කයි අයියයි දෙන්නම ඉන්ජිනියර්ස් ලා. ඉතින් කලාවට සම්බන්ධ කිසි කෙනෙක් නැති නිසා මුලින්ම තාත්තා කිසිම කැමැත්තක් දැක්වුවේ නෑ. ඉතින් අක්කි කතා කරල කරලා තාත්තිව ශේප් කරලා දුන්නා. ඊට පස්සෙනම් එයාල හරිම කැමැත්තෙන් ලොකු සහයෝගයක් දුන්නා. ශූටින් උනත් එක්කන් ආවා ගියා.
චලෝ වලට පස්සෙ තවත් නිර්මාණ වලට ආරාධනා ලැබෙන්න ඇති?
ඔව් music videos ගොඩකට ආරාධනාවන් ලැබුනා ඒත් මං කිසිම එකක් තාමනම් බාරගත්තේ නැහැ මොකද මම tv commercials ඇරුනම අනිත් හැම වැඩක්ම බාර ගන්න දෙපාරක් හිතනවා. ඉස්සරට බලමු .
![]() |
එතකොට පේෂනී වැඩිදුර අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රය ගැනත් රසිකයන් දැනගන්න කැමති ඇති
මං වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ interior architecture කියන අංශයෙන්මං උපාධිය ඉවර කරලා දැන් ඒ අංශයෙන් වැඩ කරගෙන යනවා(Renown Interiors) වගේම Marketing executive විදියට heavenz.lk එකෙ වැඩ කරනවා. මගේම brand එකක් මම කරන් යනවා passion petals with P . සහ මගේ තව අලුත් brand එකක් ඉස්සරහට එන්න තියෙනවා . ඒවගේම ඉස්ස්‍රහට මගේම traveling youtube channel එකක් කරන්න හැමදේම සූදානම් කරගනිමින් ඉන්නවා. මම brand ambassador විදියට Premier Ceylon tea and species , Kenson Lanka (Pvt) Ltd , Dempire Official හි කටයුතු කරනවා.
0 Comments :
Post a Comment